[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි: අනුබුදු හිමි ධාතු

අනුබුදු හිමි ධාතු

අනුබුදු හිමිගෙ ගත ධාතුන් නිදන් කෙරූ
සුදුමුදු සෑ රදුන් දිලෙනව අතර තුරූ
හිරු සඳු පවතිනා තෙක් සැදි ලෙනින් පිරූ
මනබඳු අරණ සැදැහැති සිත් වසඟ කෙරූ

හිමි සඳ මිහිඳු අහසින් වැඩි බව කියන
ලෙන මැද පියසෙ සෙල් ලිපියකි තතු ලියන
සමිඳුනි රටට පිහිටක් වන ලෙසින
රොද මැද වැඩිය අපි වෙමු බුදු හිමි සඟන


ගල්වඩුවාණෙනි

අව්කන අනුරපුර සමඟම පොළොන් නරූ
සිව්කොන හෙළ දෙරණ තුළ කළු ගලින් කෙරූ
නිවි සිත සමාධිය මත හිමි සිටින තුරූ
ලොව්තුරු මුනි ගුණය උතුරා ගලයි සරූ

කටු මිටි අත දරා කර ගැට නැඟෙන තුරා
ඉටු කළ මෙහෙය පුදුමයි එඩිතරයි නුරා
තුටු කර සව් සතුන් සිත් යයි නිවන කරා
ඉටු කර තිබේ යුතුකම ඔබ සැමට හොරා


පන්සල් යමු

සුපිරි ගෙයක් තුළ සුවසේ සිටියත්
සිතේ කෙලෙස් අඩු වෙන්නෙ නැතී
සියලු දේ ම ඇති හැටියට දකින්න
මේ සිත හැදෙන්නෙ නැති ම හැටී

බුදුවරයෙක් ලොව පහළ වෙන්නේ නම්
සසර දුකෙන් මුදවන්න අපි
පන්සල තෙරුවන වැඩ හිඳිනා තැන
පෝයටවත් පන්සලට යමු

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]