[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස්සානයයි කඨින චීවර පූජාවයි - 5: වස් විසීමට යාම

වස් විසීමට යාම

අපගේ චරිතවලට ගැළපෙන භාවනා ක්‍රමයක් කියාදෙනු මැනැවැයි ඉහත සඳහන් කළ පරිදි උන්වහන්සේලා කළ ඉල්ලීමට අනුව ඒ සැටදෙනා වහන්සේට චාරිත්‍රානුකූලව කර්මස්ථාන කියාදුන් සේක.

“උන්වහන්සේලා සියල්ලෝ ම බුදුරදුන්, චාරිත්‍රානුකූලව දෙවා වදාළ කමටහන් ගෙන වස් කාලය තුළ ම තම අදහස් මුදුන්පත් කරගතිමු”යි අදිටන් කොටගෙන සැටදෙනා වහන්සේ එක්ව පිටිසර සුදුසු ගම්වරයක් සොයාගෙන වඩින්නෝ, එක්තරා දිනෙක කොසොල් රාජ්‍යයට ම අයත් අල්ලගාම හෙවත් ඇලගමුව නම් ගම්වරයකට පිවිසියහ. මේ පිටිසර ගමෙහි උන්වහන්සේලා හැට නම සංසුන්ව වඩින ආකාරය දැක ගම් ප්‍රධානී මාතිකමාතා නම් කාන්තාවක් මේ භික්ෂු පිරිස දැක තම නිවසට වැඩම කරවා, අහළ පහළ ගෙවල් දොරවල්වල කීපදෙනෙකුන් සමඟ වහා ආහාර පිස දවල් දානය පූජා කළා ය. අනතුරුව මෙසේ ප්‍රශ්න කළා ය. “ස්වාමීනි, ඔබ වහන්සේලා මේ කොහි වඩින සේක් ද? “උපාසිකාවනි, ඇසළ පුර පසළොස්වක පොහෝ දිනට තව සතියකට වඩා නැත. බුදුරජාණන් වහන්සේ මේ දිනවල සැවැත්නුවර වෙසෙන සේක. උන්වහන්සේගෙන් බණ අසා ටික කලක් සැවැත් නුවර ම වාසය කොට අප අපට ගැලපෙන භාවනා ක්‍රමයන් අසා ඉගෙන කියාගෙන ඒ භාවනාවෙන් වඩා ඉදිරි වස් කාලය තුළ දී ම මාර්ග ඵල අවබෝධ කරගන්නෙමු’යි යන අදහසින් අපි මේ වස් විසීමට සුදුසු ගම්මාන දෙක තුනක් අසළ පිහිටි වන ලැහැබක් සොයා යන්නෙමු යි පිළිතුරු දුන්හ. එවිට මාතිකමාතා නමැති සසර කරන ලද පින් ඇති පිටිසරබද ගමෙහි ප්‍රධාන පවුලක උපත ලද මේ මාතිකමාතාව කියන්නී “ස්වාමීනි, මේ අහල පහළ ගම් තුන හතරක් ද ඇත. සියල්ලෝ ම ශෂ්‍ය වවන්නෝ හා භෝග වගා කරන්නෝ ද කපු කර්මාන්තයෙහි යෙදෙන්නෝ ද වෙති. ඔබ වහන්සේලාගේ සැපත්වීම අපේ ම කුසලයක් ලෙස සලකන්නෙමු. දැන් මේ දවල් දානය පිළියෙල කිරීමට ද සැණෙකින් අහල පහළ ගෙවල් දොරවල්වල සියල්ලෝ ම කාන්තා පක්ෂය එකතු වූහ.

එසේ ම අපගේ ගෘහ ප්‍රධානින්ට ද දන්වා ඉදිරි වස් කාලය තුළ ඔබ සැමදෙනා වහන්සේලා රැකබලා ගැනීම අපට අසීරු කරුණක් නොවේ. මේ ගම නුදුරෙහි පස් පියුමින් ගැවසුණු පොකුණු දෙක තුනකින් යුත් වනෝද්‍යානයක් ද ඇත. ඖෂධීය ගස් කොළන් ද වනස්පති ගස්වලින් ද ඒ වන උයන සැරසී ඇත. අපගේ ස්වාමිපුරුෂවරු සහ දරුවෝ ද මෙබඳු පින්කම්වලට කැමති ය. පෝයට කලින් මේ දින හතර පහ තුළ ඔවුන් ලවා ඔබ වහන්සේලා හැට නමට ගැලපෙන පරිදි කොළ අතුවලින් සෙවෙලි කළ සිසිල් ගුණය ඇතුළත් රැඳෙන කුඩා කුටි හැටක් ඉදිකරවා ගැනීමට පිළිවන. අනුකම්පා කොට ඇසළ පෝය දක්වා වූ ඉදිරි දින කීපය මෙහි ම වැඩ සිටිනු මැනැවැ යි උන්වහන්සේලාට ආරාධාන කොට කැමති කරවාගෙන වස් ආරාධනය කිරීමට සූදානම් වූහ.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]