[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හබරණ ශ්‍රී සම්බෝධි ධර්ම නිකේතනයේ කොත් වහන්සේ නිරාවරණය 6 වනදා

හබරණ ශ්‍රී සම්බෝධි ධර්ම නිකේතනයේ කොත් වහන්සේ නිරාවරණය 6 වනදා


හබරණ දඹුල්ල පාර ශ්‍රී සම්බෝධි ධර්ම නිකේතන විහාරස්ථානයේ අභිනව සෑ රදුන් වහන්සේගේ කොත්වහන්සේ නිරාවරණය කිරීම මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහ නාහිමියන්ගේ සුරතින් සැප්තැම්බර් 6 වනදා සිදු කෙරේ.

එම පුණ්‍ය මහෝත්සවයට මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනා හිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ ශ්‍රී උපාලි අනු නා හිමි, මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය හා වැඩබලන ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි, මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික දොරණෑගම රතනපාල නාහිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද නාහිමි, දිවුලන්කඩවල ශ්‍රී ධීරානන්ද නාහිමි, සේනාධීරයාගම චන්දජෝති නාහිමි ඇතුළු පූජනීය මහ සඟරුවන සහ අමාත්‍ය පී හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන් මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගිවීමට නියමිත ය.

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]