[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

බොරු කීමෙන් වළකිමු

පංච ශීලයේ සිව්වැනි ශික්ෂාපදය බොරු කීමෙන් වැළකීමයි. බොරුකීම යනු සත්‍ය වසන් කිරීමයි. බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ බොරු කීමෙන් වළකින ලෙසයි. ඒ වෙනුවට සත්‍ය කතා කළ යුතු බවයි. බොරු කීම පාපයකි. ගුණධර්ම නැසීමකි. බොරු කියන්නා සමාජයෙන් කොන් වන්නේ ය. ගැරහීමට ලක් වන්නේ ය. බොරුකීම අකුසලයකි. බොරු කියන්නාට කළ නොහැකි පාපයක් නැති බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. බොරු කීම සතර අපායට යාමට හේතුවකි. මෙලොව දී ද විපාක දෙයි. එය දිට්ඨධම්මවේදනීයකම්ම වෙයි. මුඛය දුර්ගන්ධවත් වෙයි. දත් විරූපී වෙයි. මුහුණ විරූප වෙයි. ඇසුර අපි‍්‍රය කරයි. බුද්ධ කාලයේ චේතිය රජතුමා තම අයියාට මල්ලී කීමෙන් පොළොව පලාගෙන ගිය බව පැරැණි පොත පතෙහි සඳහන් ය. එනිසා පාසල් දරුවන් ලෙස අපි ද බොරු නො කියමු. සත්‍ය වචන පමණක් කතා කරමු.


සිරි දළදා පෙරහර

සෙන්කඩගල පුරවරේ
සිරි දළදා පෙරහරේ
දළදා කරඬුව ඇතුපිට වඩිනවා
නිකිනි මහේ පෝය දිනේ.


විශ්මිත නිමැවුම

නීල කඳුවැටි සෙමින් සිඹගෙන
මඳ සුළඟට තුරුලු වී
සීත ජල කඳ ගලන රාවය
අපූරුද මෙ තරම්....
විශ්වයේ විශ්මිත නිමැවුම
තමයි ගංගා ඇළදොළ
සොබා දහමේ සොඳුරු සිතුවම
තමයි ගංගා ඇළ දොළ.....


වරම

නුවණින් බුදුහිමි දකිමින්
සිහියෙන් නමදින්න බුදුන්
බුදු දම් සඟ සරණ යමින්
තිර අදිටන සිත්හි දරන්

සරණ පැතූ වෙද තෙරුවන්
බෝසත් උතුමෙකි මග පිළිපන්
පන්සිල් රකිමින් කළ පින්
සසර නිමාවෙන් අවසන්

පැහැබර වතකි නිති පන්සිල් රකින ඔබේ
අල්ප දිවි පැවැත්මෙන් සැනසුමක් ලැබේ
සමාජයෙන් ගරු බුහුමන්ලැබේ ඉබේ
සසරින් එතෙර වන්නට නිසි වරම් තිබේ


අම්මා

රෑ අහසේ පුන් සඳ වී මගේ ලොවට එළිය දෙන්න
ඒ අහසේ තරුවක් වී නුඹෙ එළියෙන් පහන් වෙන්න
සඳ සිසිලට සුළඟක් වී නුඹේ සෙවණෙ දැවටි ඉන්න
නුඹෙ පැහැබර සිනා පොදින් මට අවසර දීලා යන්න

පහන් සිලුව දැල්වෙන්නේ නෙක තෙල් බිඳු තැවරු විටයි
අඳුරු කුටිය එළිවෙන්නේ පහන් එළිය වැටුණු විටයි
මගේ දිවිය එළියවෙන්නේ නුඹෙ ඔවදන් ලැබුණු විටයි
එළි වූ දිවිය පවතින්නේ නුඹ යහමඟ පෙන් වූ විටයි


වෛරය

යටගිය දවස කුරු රට මාගන්ධියා නම් බමුණෙක් විසී ය. ඔහුට ඉතා රූමත් දියණියක් විය. එක් දිනක් බමුණා බුදුන්වහන්සේ මඟ වඩින අයුරු දුටුවේ ය. බමුණා “මගේ දියණිය මොහුට විවාහ කර දෙමියි සිතා නිවසට ගොස් දියණිය සරසා රැගෙන ආවේ ය. බුදුන් වහන්සේගේ පා සලකුණු දැක මෑණියන් ” මේ නම් නර ශ්‍රේෂ්ඨයෙකුගේ සලකුණකි. මොහු සෙවීමෙන් කිසි පලයක් නැතැයි” කීය. නමුත් බමුණා පා සලකුණු පසු පස ගියේ ය. බුදුන් වහන්සේ දුටු බමුණා “මේ මාගේ දියණිය ඔබට සරණ පාවා දීමට මා කැමතියි.” කියා කීවේ ය. බුදුන් වහන්සේ එම යෝජනාව ප්‍රතික්ෂේප කළේ ය. එවිට මාගන්ධියා තරුණිය බුදුන් වහන්සේට වෛර බැන්ඳේ ය. මව්පියන් බණ අසා සෝවාන් විය.


සුදු කලු

සුපිපුණ මල් ගෙන මුනිඳු පුදන්නේ
පර මල් අනියත බව පවසන්නේ
දිලෙන පහන් වැට දෙව්සිරි වැන්නේ
නිවුණු පහන් සිළු මොහඳුර වැන්නේ

දැහැමි දනන් ගුණ සුවඳ හමන්නේ
අයුතු වදන් බස් සුළඟේ යන්නේ
තිලොවග මුනි බණ සිහිකර ගන්නේ
අදමිටු සෙවනැලි පරඬැල් වැන්නේ


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

546 චේතික චන්ද්‍රසේන
11 ශ්‍රේණිය
ශ්‍රී විජයවර්ධනාරාම දහම් පාසල, ඉඹුල්ගොඩ

547 ටී.ඩබ්ලිව්.ඒ. ෂෙහාන් චාමික
10 ශ්‍රේණිය
ශ්‍රී නාරද දහම් පාසල, මාතර

548 ගීත්මි නිවර්තනා
05 ශ්‍රේණිය
ශ්‍රී සුමේධංකර විදුහල, චීන වරාය

549 හසාරා විද්‍යානී සෝමතිලක
7 ශ්‍රේණිය
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය, ඉබ්බාගමුව

550 ඉරාශී නිම්තරා
03 ශ්‍රේණිය
පාරමී ධර්මාශ්‍රමය, දංඕවිට


පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න.

සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් කළ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ඡන්ම සමරුව සැප්තැම්බර් මස 17 වනදාට යෙදී ඇත. එතුමා සම්බුදු දහම වෙනුවෙන් කළ සේවය පිළිබඳ හරවත්ව කෙටියෙන් ලියා අප වෙත එවන්න.

තිත්තිර ජාතකය

සරුංගලේ උඩ යනවා

බී. ඉෂාර නයනක
2 වන ශ්‍රේණිය
ශ්‍රී සුමේධ දහම් පාසල,
විල්පත
ළහිරු සඳරුවන් බණ්ඩාර
4 වන ශ්‍රේණිය
සුවිසුද්ධාරාම දහම් පාසල, වැල්ලවත්ත

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]