[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පාලි පාඩම : 2 - කොටස

අපි පළමු පාඩමේ දී ස්වර හා ව්‍යඤ්ජන මොනවාදැයි ඉගෙන ගතිමු. ඇත්තෙන් ම ව්‍යඤ්ජන අක්ෂරයක් තනිව උච්චාරණය කළ නොහැකි ය. අපි ස්වරයක් එක්කොට එය උච්චාරණය කරන්නෙමු.
“ක්” යනු ව්‍යඤ්ජනයකි. එයට “අ” යන ස්වරය එක් කොට “ක” යන අක්‍ෂරය සාදාගනී. එසේ “ක්” යන ව්‍යඤ්ජනාක්‍ෂරයට ස්වර එක්කොට සාදාගන්නේ මෙසේ ය.

අ ක් + අ = ක          ආ ක් + ආ = කා
ඉ ක් + ඉ = කි         ඊ ක් + ඊ = කී
උ ක් + උ = කු         ඌ ක් + ඌ = කු
එ ක් + එ = කෙ      ඔ ක් + ඔ = කො

“ම්” යන ව්‍යඤ්ජනාක්‍ෂරයට ස්වර එක් වන්නේ මේ ආකාරයටයි.
අ ම් + අ = ම         ආ ම් + ආ = මා
ඉ ම් + ඉ = මි        ඊ ම් + ඊ = මී
උ ම් + උ = මු       ඌ ම් + ඌ = මූ
එ ම් + එ = මෙ   ඔ ම් + ඔ = මො

“ස්” යන ව්‍යඤ්ජනයට ස්වර අක්‍ෂර එක්වන ආකාරයත් අපි විමසා බලමු.

අ ස් + අ = ස         ආ ස් + ආ = සා
ඉ ස් + ඉ = සි        ඊ ස් + ඊ = සී
උ ස් + උ = සු        ඌ ස් + ඌ = සු
එ ස් + එ = සෙ     ඔ ස් + ඔ = සො

වචන කිහිපයක ස්වර ව්‍යඤ්ජන වෙන්කරන අයුරු අපි විමසා බලමු.

1. මාතා = ම් + ආ + ත්+ ආ
2. වානරො = ව් + ආ + න්+ අ+ ර්+ ඔ
3. දෙවො = ද් + එ + ව්+ ඔ
4. රුක්ඛො = ර් + උ + ක්+ ඛ්+ ඔ
5. බුද්ධො = බ් + උ + ද්+ ධ්+ ඔ

ස්වර ව්‍යඤ්ජන වෙන් වෙන්ව ඇති පද කිහිපයක් එක්කර බලමු.

1. ප්+ඉ+ත්+ආ = පිතා
2. ග්+ආ+ම්+ඔ = ගාමො
3. ව්+ඉ+හ්+ආ+ර්+ඔ = විහාරො
4. ව්+ඉ+ස්+ආ+ඛ්+ආ = විසාඛා
5. අ+න්+ආ+ථ්+අ+ප්+ඉ+ණ්+ඩ්+ඉ+ක්+අ= අනාථපිණ්ඩික

මේ ආකාරයට ඔබ ඕනෑම පදයක ස්වර ව්‍යඤ්ජන වෙන් කිරීමට පුරුදු වන්න. අප ඉදිරියේ දී බැඳී අකුරු පිළිබඳ ඉගෙන ගනිමු. ඒ සඳහා මෙම ස්වර ව්‍යඤ්ජන වෙන්කිරීමට පුරුදු වී සිටීම ඉතාම වැදගත් වේ.
මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 07.45 ට බෞද්ධයා රූපවාහිනියෙන් ද (The Buddhist TV) විකාශනය වේ.

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 26 වන දා ඉරිදා අපරභාග 08.49 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.16 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 26 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජූනි 02 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]