[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

තථාගත ධර්මයට ළඟා වීමට උත්සාහ කරමු

බොහෝ පුද්ගලයෝ බලා සිටින්නේ බාහිරින් ධර්මාලෝකය පැමිණ සිය මනස පුබුදුවන තෙක් ය. එම අපේක්ෂාව කිසි දවසක විය හැක්කක් ද නොවේ. යමෙක් එසේ බලාසිටින්නේ නම්, ඔහු ධර්මාලෝකය නොදැකීමෙන්ම සිය දහස්වර මැරෙමින්, ඉපදෙමින් සංසාරය පුරා සැරිසරයි. දහම් ඇස පහළ නොවීමෙන් අන්ධකාරයේ අතපතගායි. එබැවින් තමා තුළ ඇති පහන නිවා දමා පිටින් ආලෝකය එනතුරු බලා නොසිට එය දල්වා ගත යුතුය. එම දහම් ආලෝකයෙන් සමාජය දෙස බැලිය යුතුය. අන්‍යයන්ට පහන් දැල්වීමට හෝ ඔවුන් දල්වා ගන්නා තුරු බලා නොසිට හැකි පමණින් තථාගත ධර්මය තමා තුළ බැබළීමට පත්කරගත යුතුය. තමාට හැකි පමණින් තථාගත ධර්මයට ළංවීමට උත්සාහ ගැනීම බුද්ධිමත් මිනිසා විසින් කළ යුත්තකි. “හිරු මඬල මෙන් ම සඳ මඬල ද විවෘතව බබළයි. සැඟ වී බබළන්නේ නැත. තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්මය ද විවෘතව බබළයි. සැඟවී බබළන්නේ නැත. අංගුත්තර නිකායේ තික නිපාතයේදී එසේ සඳහන්ව ඇත. විවෘතව නො බලන සැඟවී පවතින විට බබළන කරුණු ද ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එනම්, ස්ත්‍රිය, බමුණන්ගේ වේද මන්ත්‍ර සහ මිථ්‍යාදෘෂ්ටිය යි. එම කාරණා වැසී තිබෙනතාක් සමාජය යහපත් වන අතර විවෘත වූ විට සමාජය අගතිගාමී වේ. මේ කාරණා තුළින් අපට වඩාත් වැදගත් වන්නේ මිථ්‍යා දෘෂ්ටිය හෙවත් වැරැදි දැකීමයි.


වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 26 වන දා ඉරිදා අපරභාග 08.49 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.16 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 26 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජූනි 02 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]