UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුද්ගල ඇසුර

පුද්ගල ඇසුර

මෙම ලිපියේ තවත් කොටසක් දුරුතු අව අටවක පෝදා (ජනවාරි 27වනදා) පත්‍රයේ පළවිය.

මේ සමාජයේ ඇතැම් පුද්ගලයන් ස්වකීය බිරිඳ අසල සිටින විට කතා කරන්නේ එක ආකාරයකට. නෝනා මහත්මිය හෙවත් බිරිඳ ස්වාමියා සිටින විට කතා කරන්නේ තවත් අයුරකින්. නෝනා මහත්මිය ස්වාමියා දරුවන් සිටින විට කතා කරන්නේ වෙනත් ආකාරයකට. බහුතරයක් සිටින විට කතා කරන්නේ තවත් ආකාරයකට. නමුත් පිරිසුදුව කතා කරන පුද්ගලයාගේ කතා විලාසය හැම විටම එකම ආකාරයක්. එක් එක් අවස්ථාව අනුව කතා විලාසය වෙනස් වෙන්නේ නැහැ.

නමුත් යම් පුද්ගලයෙකුගේ කතා විලාසය ගැන එක දවසක්, දෙකක් වැරදුන පමණින් අපට තීරණයක් ගන්න බැහැ. මේ තැනැත්තාගේ පිරිසුදු කතාවක් නැහැ කියලා. ඒ පරිසරය තුළ ඔහුගෙන් එවැනි දෙයක් සිදු වූවා විය හැකියි. ඒ නිසා දීර්ඝ කාලීනව ඇසුරු කළ යුතුයි. දිගින් දිගට ම මේ වැරැදීම සිදුවෙනවා නම්, මේ තැනැත්තාගේ කතාව අපිරිසුදු බව හඳුනා ගැනීමට පහසුයි.

වර්තමාන සමාජයේ අපිරිසුදු කතා ව්‍යවහාරය පැළපදියම් වී තියෙන්නේ මේ තත්ත්වය විශේෂයෙන් ම අනියම් සම්බන්ධතාවල ඇති වී තිබෙනවා. නමුත් එය හඳුනාගැනීම, ඒ පිළිබඳ තීරණ ගැනීම සහ ප්‍රකාශ නිකුත් කිරීම කල්පනාකාරීව කළයුතු දෙයක්. එය ක්ෂණිකව කළ නොහැකියි. දීර්ඝ කාලීන ඇසුරකින් පසුවයි තීරණය ගැනීම කළ යුත්තේ.

නිවසේ සැමියා තමන්ගේ බිරිඳට වෙනත් පුද්ගලයෙක් දුරකථනයෙන් සිදුකළ ප්‍රකාශයක් මුල් කරගෙන ඇයගේ මුළු ජීවිතය ම පිළිබඳ තීරණ ගැනීම වැරැදියි. ඒ තැනැත්තා ඒ මොහොතේ යම්කිසි මානසිකත්වයක් සමඟ සිදුකළ ප්‍රකාශයක් විය හැකියි. නමුත් ඇය සම්පූර්ණයෙන් ම අපිරිසුදු තැනැත්තියක් ලෙසට තීරණය කිරීම වැරැදියි. සමහරවිට ඇය එසේ නොවන්නට පුළුවන්. ඒ වගේම ඔහු අපිරිසුදු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කරුණු දෙකම සිදුවිය හැකි යි.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෙකුගේ බලය දැනගැනීමට නම් විපත්තියක් සිදුවිය යුතු බව. ඒ සඳහාත් බොහෝ කාලයක් ඇසුරු කළ යුතුයි. සුළු කාලයක් නොවේ. ඒ වගේම නුවණින් මෙනෙහි කිරීමෙන් පමණයි. නුවණින් මෙනෙහි නොකිරීමෙන් නොවෙයි. එමෙන්ම එය දැනගත හැකි වන්නේ ඤාණවන්ත පුද්ගලයාට යි. නුවණ නැති තැනැත්තාට නොවේ.

මේ සූත්‍රයේදී ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපගේ ඥාතීන්ට කරදර වෙනවා. දේපළ වස්තුව නැතිවෙනවා, රෝග පීඩා වැළඳෙනවා. එහිදී ඔහු මෙසේ කල්පනා කරන්නේ නැහැ. මේ ලෝක සත්ත්වයන්ට ලාභ - අලාභ, යස - අයස, නින්දා – ප්‍රශංසා, සැප – දුක් යන අෂ්ඨලෝක ධර්මයට මුහුණ දෙන්නට සිදුවෙනවා. එයින් බේරී ජීවත්වීමට කිසිවකුටත් නොහැකියි. ඒ නිසා ඥාතීන්ට කරදරයක් වූ විට දේපළ වස්තුව නැති වූ විට රෝග පීඩා වැළඳුන විට දී ශෝක කරනවා නම්, ක්ලාන්ත වෙනවා නම්, හඬා වැලපෙනවා නම්, සිහිමුලාවට පත්වෙනවා නම්, ඒ තැනැත්තාගේ බලය පිළිබඳ ගැටලුවක් පවතින බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

ඇතැමෙක් තමන්ගේ ඥාතීන්ට කරදරයක් වූ විට ඔහු නුවණින් කල්පනා කරනවා මේ ලෝක සත්ත්වයන්ට අෂ්ඨ ලෝක ධර්මයට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඒ අනුවයි ලෝකය ගමන් කරන්නේ. ඔහු ශෝක වෙන්නේ නැහැ. ක්ලාන්ත වෙන්නේ නැහැ. හඬා වැලපෙන්නේ නැහැ. පපුවේ අත්දෙක ගසමින් හඬා වැලපෙන්නේ නැහැ. සිහි මුලාවට පත්වන්නේ නැහැ. ඒ නිසා පුද්ගලයාගේ බලය දැනගත හැකි වන්නේ ඒ ආකාරයෙන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

ඊළඟට පින්වත්නි අපි හතරවැනි කාරණාව, ගනිමු. එහිදී උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, සාකච්ඡා කිරීමෙන් ප්‍රඥාව දැන ගන්න පුළුවන්. ඒ සඳහා බොහෝ කාලයක් ඇසුරු කළ යුතු යි. සුළු කාලයක් නොවේ. එය දැනගත හැකි වන්නේ නුවණින් මෙනෙහි කිරීමෙන් පමණයි. නුවණින් මෙනෙහි නොකිරීමෙන් නොවේ. එමෙන් ම එය දැනගත හැකි වන්නේත් ඤාණවන්තයාට පමණයි. නුවණ නැති කෙනාට නොවේ කියල උන්වහන්සේ දේශනා කරනවා.

නූතන සමාජයේ ඇතැම් පුද්ගලයෝ ධර්මය මුල්කරගෙන වාද කිරීමට බොහෝ කැමැතියි. ඒ සඳහා ඉදිරිපත් වෙනවා. ඇතැම් සිවුරු දරාගත් පිරිස් මේ ඨාන සූත්‍රයේ එන ‘සාකච්ඡායඹඹ භික්ඛවේ පඤ්ඤා වේදිතබ්බා’ යන කොටස අරගෙන සාකච්ඡාවෙන් ප්‍රඥාව බැලිය යුතු යි. ඒ සඳහා අපිත් එක්ක සාකච්ඡා කරන්න එන්න කියල ආරාධනා කරනවා. නමුත් ඔවුන් දන්නේ නැහැ. ඊළඟට කියැවෙන කාරණාව පිළිබඳව. ඒ කුමක්ද? සාකච්ඡාව තුළින් ප්‍රඥාව බැලීම සඳහා දීර්ඝ කාලයක් අධ්‍යයනය කළ යුතු යි. කෙටි කාලයක් නොවේ. මෙහි කෙටි කාලය යනු පැයක්, දෙකක්, සතියක්, මාසයක් නොවේ.

ඉතිරි කොටස නවම් පුර අටවක පෝදා (පෙබරවාරි 12) පත්‍රයේ පළවේ.

 

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය පෙබරවාරි 03 වන දා ඉරිදා අපර භාග 11.52 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]