UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

දුරුතු අමාවක 2019.02.04

නිදහස අගයමු

මිනිසුන්ට පමණක් නොව සතා සිව්පාවුන් ඇතුළු ගහ කොළවලට ද නිදහසින් යුතුව ජීවත්වීමේ, පැවැත්මේ අයිතිය තිබිය යුතු බව අපගේ ශාස්තෘන්වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. පටු පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ හෝ වෙනයම් අරමුණකින් යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ඒ අයිතිය උදුරා ගන්නවා නම් ඒ තුළ පැහැදිලිවම ඇත්තේ ආගම ධර්මයට පටහැනි වීමකි. අනෙක් අතින් ලෝක සම්මතයට විරුද්ධ වීමකි.

පෙරදිග ආසියාතික රටවල් රැසක් අතර අප රටට ද එවැනි නිදහස අහිමිවූ අඳුරු යුගයක් තිබුණි. අධිරාජ්‍යවාදින්ගේ ග්‍රහණයට හසුව ආගමික නිදහස පවා අහිමිව තිබූ එම යුගයේ මෙරට ජනතාව ජාති, ආගම් භේදයකින් තොරවම ඊට එරෙහි වූහ. විදේශාධිපත්‍යයෙන් මිදී ස්වදේශිකයන් ලෙස, එකම ජාතියක් ලෙස සාමයෙන්, සමගියෙන්, සතුටින් ජීවත් වූ යුගය නැවත උදා කරගන්නට දිවි පරදුවට තබා ඇප කැප වූහ. එහි දී ශ්‍රී ලාංකේයයන් ලෙස ජාතික වීරවරයන් ප්‍රමුඛ කොටගත් ජනතාව දේශානුරාගයෙන් යුතුව උදාර හැඟීමෙන් කළ මෙහෙවර සදානුස්මරණීය වේ. ඒ තුළ වූ පොදු අරමුණු නිසා ම අප මාතෘ භූමිය විදේශාධිපත්‍යයෙන් මුදවා ගන්නට හැකි විය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි, මොහොට්ටිවත්තේ ගුණානන්ද නා හිමි, වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි, ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා වැනි බෞද්ධ පුනරුදයේ නියමුවාණන්වරු ද මේ අවස්ථාවේ බෞද්ධයන් ලෙස අපි වෙසෙසින් සිහිපත් කළ යුතු වෙමු.

රටක ජනතාවට සතුටින් ජීවත් වීමට නම් වඩාත් හිතකර පරිසරයක් තිබිය යුතු ය. සත්ත්ව ඝාතනයෙන්, සොරකමින්, වංකත්වයෙන්, බොරුවෙන්, මතින් තොර වූ තරමට නිදහසේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා වේ. අනෙක් අතින් විවිධ ජාතීන්, විවිධ ආගමිකයන් වෙසෙන පරිසරයක සාමය, සමගිය,සංහිඳියාව නො පවත්වන්නේ නම්, ඒ සමාජයේ ද සතුටින්, නිදහසේ ජීවත් විය නො හැකි ය.

බුදුරජාණන් වහන්සේ ගිහියාට අනු දැන වදාළ පංච ශීල ප්‍රතිපදාව බෞද්ධ අබෞද්ධ භේදයකින් තොරව සමස්ත සමාජයටම පොදු වූවකි. සියල්ලෝ ජීවිතයට පි‍්‍රයවෙති. දඬුවමට හිංසාවට බියවෙති. තවත් කෙනෙක් ජීවිතය උදුරා ගන්නවාට නොකැමැති වෙති. මරණ බිය ඇති සමාජයක කවරනම් නිදහසක් ලබන්න ද? වෙහෙසව උපයා සපයාගත් දේ නිදහසේ පරිහරණය කරන්නට නොහැකි නම් , සොර සතුරන් විසින් උදුරා ගනු ලබනවා නම් ඒ සමාජය තුළ ද නිදහස අහිමි ය. කාමය, වරදවා හැසිරීම පවුල් ඒකකයේ සිට සමස්ත සමාජයටම බලපාන විෂමාචාරයකි.

බොරු කරන්නාට කළ නො හැකි අපචාරයක් නොවන්නට පුළුවන.ඒ තුළ අහිමි වන්නේ ද තව කෙනකුගේ නිදහස ය. මත් ද්‍රව්‍ය රකුසා විසින් අද අන් කවරදාටත් වඩා සමාජය ගිලගනු ලැබ තිබේ. දිනකට වාර්තාවන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ තොරතුරු දෙස බලන කල එය බෙහෙවින් පැහැදිලි ය.

කෙනෙක් මදයෙන් ප්‍රමාදයට පත්වීම තුළ ඒ පුද්ගලයා පමණක් නොව සමස්ත සමාජයටම අහිතකර බලපෑම් එල්ල වේ. සමාජ විෂමාචාරයන් බොහොමයකට හේතු සාධක වන්නේ මත නිසා සිහි විකල් වීමය. මේ නිසා සමස්ත සමාජයම මෙම අදූර දර්ශී පස්පවින් වැළකී සිටීම අතිශයින් ම වැදගත් ය. ඒ තැනට සමාජය ගෙන ඒම රාජ්‍ය නායකත්වයේ ද, ආගමික නායකයන්ගේ ද, සමස්ත සමාජයේ ද වගකීමකි.

බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ භාරතීය සමාජයේ විවිධ ශාස්තෘවරු වූ හ. ආගමික පූජකවරු වූහ. මේ සියලු ආගමික නායකවරුන්ට ගෞරවය කළ බුදුරජාණන් වහන්සේ අසහාය ශාස්තෘවරයෙක් ලෙස ආගමික නිදහස අගය කළහ. විවිධ ශාස්තෘවරුන් සොයා ගොස් සමගිව සාකච්ඡා කළහ. කෙනෙක් ආධානග්‍රාහී ලෙස ජාති, ආගම්, භේද සලකමින් තවත් කෙනෙකුගේ සිතීමේ , විමසීමේ, ආගමක් පිළිපැදීමේ, ජීවත් වීමේ නිදහස සීමා කරනවා නම් එය මිනිස්කමටද නිගාවකි. එය අපි සම්බුද්ධ දේශනාව තුළින්ම උගනිමු.

 

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය පෙබරවාරි 03 වන දා ඉරිදා අපර භාග 11.52 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]