UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ මහානාම විද්‍යාලයේ 65 වන සංවත්සරය සමරා පින්කමක් : කොළඹ මහානාම විද්‍යාලයේ 65 වන සංවත්සරය නිමිත්තෙන් පිරිත් දේශනාවක් සහ පසුදා 65 නමක් විෂයයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් විද්‍යාලීය පරිශ්‍රයේ දී ඉකුත්දා පැවැත්විණි. මහානාම විදුහලේ ප්‍රධාන ධර්මාචාර්ය, සහකාර විදුහල්පති යල්වල ප්‍රඥාසේකර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති එම පින්කම සංවිධානය කරන ලද්දේ විද්‍යාලයීය බෞද්ධ සංගමය යි. එම අවස්ථාවට විදුහල්පති එල්.එම්.ඩී. ධර්මසේන මහතා, විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ හිමිවරුන්, ගුරුභවතුන් සහ සිසු දරුවන් සහභාගි වූහ. විදුහල්පතිතුමා සධාතුක කරඩුව වැඩම කරවූ අතර වැඩම කළ සඟරුවනින් කොටසක් සේයාරුවෙන් දැක්වේ. ආශිර්වාදිනී හෙට්ටිආරච්චි

 

 

කොළඹ නවම් මහා පෙරහර පෙබරවාරි 18 සහ 19 රාත්‍රී 7 ට

කොළඹ නවම් මහා පෙරහර 2019 පෙබරවාරි 18 සහ 19 රාත්‍රී 7 ට (සියලු ජාතීන්, ආගමිකයින් එකට එක්ව නරඹන) පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ නවම් මහා පෙරහර සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර චෙක්පත් හෝ මනිඕඩර් මඟින් “ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව“ නමට ලියා රේඛනය කර එවන ලෙසත්, මනිඕඩර් සඳහා තැපැල් කාර්යාලය කොල්ලුපිටිය ලෙස සඳහන් කර යැවිය යුතු ලෙසත් දන්වා සිටිති. සංචාරක ව්‍යාපාර කරන අයට, විදේශිකයන් සඳහා ආසන පහසුකම් සලසාදිය හැකි අතර ශ්‍රී ලාංකික සැමට ආසන නොමිලයේ. ගංගාරාමය, 61, ශ්‍රී ජිනරතන පාර කොළඹ 02 ලිපිනය වන අතර 2327084, 2435169 දුරකතන අංක වේ. ෆැක්ස් අංකය 2439508 වේ.

ඉතිරිය»

 

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය පෙබරවාරි 03 වන දා ඉරිදා අපර භාග 11.52 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]