UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින් කැමැත්තන්ට ආරාධනාවක්

පින් කැමැත්තන්ට ආරාධනාවක්

අගලවත්තේ ස්වර්ණ ගමේ පදිංචි නිලානි පතිරාජ නමැත්තිය බුදුසරණට යොමු කර ඇති ලිපියකි මේ.

මා හට පුතාලා දෙදෙනෙක් සිටිනවා. ලොකු පුතා කවිෂ් මධුසංඛ අවු. 15 යි. අගලවත්ත මිහිඳු විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබනවා. පොඩිපුතා අගලවත්ත දාපිළිගොඩ විද්‍යාලයට 3 වසර තෙක් පාසල් ගියා. ඒ අතරේ උණ වැඩි වී ස්නායු දුර්වල වීමෙන් දරුවා ආබාධිත තත්ත්වයට පත්වුණා. 2014 වර්ෂයේ සිට දරුවා මේ විදිහයි. දැනට අවුරුදු 5 ක් වෙනවා. අවුරුදු 4 1/2 ක් දරුවට බටයෙන් සුප් ටික, පිටිවතුර ටික විතරයි දුන්නේ. කිසිම ක්‍රියාකාරකමක් නැතිව සිටියේ. දැනට මාස 5 කට කලින් දරුවගේ ඒ බට අයින් කර කටින් කවනවා පොවනවා. දැන් දරුවා හිනහා වෙනවා. දරුවා සුවවෙන කාල සීමාවකුත් නෑ. දරුවා බොරැල්ලේ ළමා රෝහලට මාස්පතා රැගෙන යනවා.

අපි ජීවත් වෙන්නේ, දරුවට මාසයකට ලැබෙන ආබාධිත රු. 3000/- සමෘද්ධි ආධාර රු. 2000/- තේ දළු ටිකෙන් ලැබෙන සුළු මුදලෙන්. දරුවට කැප වී සිටීම නිසා මට ද රැකියාවක් කරගැනීමට අපහසුයි. දරුවන්ගේ පියාද අප අතහැර වෙන්වයි ජීවත් වෙන්නේ. අවු. 5 ක් තිස්සේ මේ දුක මා තනිවයි විඳවන්නේ. දරුවා සුවවෙනවා දකින විට ජීවිතය මට දුකක් නැහැ.

ලොකු පුතා ඉගෙන ගන්න ආසයි. එයාට ඉගෙන ගන්නත් පුළුවන්. මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියනවා. අමතර පන්ති තියෙනවා. පන්ති ගාස්තු ගෙවන්නෙත් හරිම අමාරුවෙන්. පොඩි දරුවාට දැන් ඝන ආහාර දෙන නිසා වෙනදාට වඩා වියදම්. ලොකු පුතාගේ අධ්‍යාපන කටයුතුවලටත් පොඩි දරුවගේ ප්‍රතිකාර කටයුතුවලටත් මුදලක් සොයා ගන්නේද අමාරුවෙන්. මේ දරුවා ලොකු මහත්වෙන්නේ ද ඇඳ මතයි. මොනවා හරි දෙයක් කර මේ දරුවා පුටුවක වාඩි වී සිටීමට හරි හදාගන්නයි උත්සාහ කරන්නේ පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමු වේවා. ලිපිනය – නිලානි පතිරාජ, ස්වර්ණගම, බේරගම, අගලවත්ත, 0771714725, ලංකා බැංකුව අගලවත්ත, ගිණුම් අංකය 343952

 

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය පෙබරවාරි 03 වන දා ඉරිදා අපර භාග 11.52 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]