UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ නවම් මහා පෙරහර පෙබරවාරි 18 සහ 19 රාත්‍රී 7 ට

කොළඹ නවම් මහා පෙරහර 2019 පෙබරවාරි 18 සහ 19 රාත්‍රී 7 ට (සියලු ජාතීන්, ආගමිකයින් එකට එක්ව නරඹන) පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ නවම් මහා පෙරහර සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර චෙක්පත් හෝ මනිඕඩර් මඟින් “ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව“ නමට ලියා රේඛනය කර එවන ලෙසත්, මනිඕඩර් සඳහා තැපැල් කාර්යාලය කොල්ලුපිටිය ලෙස සඳහන් කර යැවිය යුතු ලෙසත් දන්වා සිටිති. සංචාරක ව්‍යාපාර කරන අයට, විදේශිකයන් සඳහා ආසන පහසුකම් සලසාදිය හැකි අතර ශ්‍රී ලාංකික සැමට ආසන නොමිලයේ. ගංගාරාමය, 61, ශ්‍රී ජිනරතන පාර කොළඹ 02 ලිපිනය වන අතර 2327084, 2435169 දුරකතන අංක වේ. ෆැක්ස් අංකය 2439508 වේ.

ඉතිරිය»

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ දහම් පාසල් වැඩසටහන 27 වෙනිදා

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ දහම් පාසල් වැඩසටහන 27 වෙනිදා කුලියාපිටිය, දියකළමුල්ල ශ්‍රීපති පිරිවෙන් මහා විහාරයේ දී පැවැත්වේ. ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව සමස්ත දරු පරපුර මත්ද්‍රව්‍ය වසංගතයට ගොදුරු වීම වළක්වා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් 2019 ජනවාරි 21 දින සිට 28 දින දක්වා ප්‍රකාශයට පත්කර ඇති අතර, ඊට අදාළ දහම් පාසල් මූලික කරගනිමින් සිදු කරනු ලබන “ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ දහම් පාසල් වැඩසටහන” කුලියාපිටිය , දියකළමුල්ල , ශ්‍රීපති පිරිවෙන් මහා විහාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පංච ධර්මය දැන දැක ගනිමු


"ඉධුදායි  මමං සාවකා අධිසීලෙ සම්භවෙන්ති සීලවා සමණෝ ගෝතමෝ පරමේන සීලක්ඛන්ධෙන සමන්නාගතෝති, යම්පනුදායි මමං සාවකා අධිසීලේ සම්භවෙන්ති, සීලවා සමණේ ගෝතමෝ පරමේන සීලක්ඛන්ධෙන සමන්නාගතෝති අයං ඛෝ උදායි පඨමෝ ධම්මෝ යෙන මමං සාවකා සක්කරොන්ති, ගරුකරොන්ති, මානෙන්ති, පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති." අද ධර්ම දේශනාව ලෙස මා තෝරා ගන්නේ මජ්ක්‍ධිම නිකායේ සකුළුදායි සූත්‍රයයි. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින දිනක පිඬු පිණිස රජගහනුවරට වැඩම කළහ. පිණ්ඩපාතය ලබා ගැනීමට කල්වේලා ඇති නිසා ‘මෝරනිවාප’ නම් වූ සකුළුදායි අසපුවට යාමට තීරණය කළහ. සකුළුදායි, තාපස පැවිද්දෙන්, ගෝලයන් ද සමඟ එම අසපුවේ වාසය කරන බැවින් බුදුරදුන් එහි වැඩම කිරීම තුළ ආගමික සුහදශීලීත්වය මනාව පැහැදිලි වන්නේ ය. මෝරනිවාපයේ අනුගාමිකයෝ ශබ්ද කරමින්, ඝෝෂා කරමින් දෙතිස් කතාවල යෙදෙමින් කාලය ගත කරන හෙයින් බුදුරදුන් අසපුවට වඩින විට සකුළුදායි තම ගෝල පිරිස නිශ්ශබ්ද කරයි. “ශබ්ද නොකරනු” නිශ්ශබ්දතාවය පි‍්‍රයකරන ‘නිහඬව වැඩ සිටින’ ‘ඝෝෂාවට අකැමැති’ බුදුරජාණන් වහන්සේ අපේ අසපුවට වඩිනවා.

ඉතිරිය»

අභිමානවත් අනාගතයක් සඳහා උත්තුංග මෙහෙවරක අභිමානය

 

රටේ ජීවනාලිය බඳු දරු පරපුර නැණ ගුණයෙන් පෝෂණය කිරීම මෙකල වෙසෙන වැඩිහිටි පරපුරෙහි වගකීම ය. ඒ තුළ, ගුණ නැණ දෙකෙන් පොහොසත් වන දරුවකුගේ අනාගතය නිතැතින්ම ශෝභමාන ය. එසේ ලබාගත් ස්වකීය දියුණුව රටේ අභිවෘද්ධිය ම වේ. ආර්ථික දුෂ්කරතා මඟ හරවා ගැනීමට ඇති සාර්ථක මඟක් වනුයේ මනාව අධ්‍යාපනය ලැබීම ය. නූගත්කම, දිළිඳුබවට හේතුවකි. යහගුණ නො හඳුනන්නෝ සමාජයට පිළිලයකි. නැණවත්කම පමණක් නොව ගුණවත් බව ද ඇති දරුවා රටටම සම්පතකි. එබඳු නැණ ගුණ පිරි දරු පරපුරක් බිහිකිරීම රජයට පමණක් කළ හැකි පහසු කාර්යයක් නොවේ. ආර්ථික දුෂ්කරතා ඇති එවැනි දරුවන්ට ඇති හැකි අය ශක්ති ප්‍රමාණයෙන් උදව් උපකාර කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. දැයේ දරුවන් මනා පෞරුෂයකින් යුත් ගුණ නැණ පිරි දරු පිරිසක් කිරීමේ උදාර අරමුණෙන් හොඳින් අධ්‍යාපනය ලබන්නට පාසල් ගොඩනැගිලි තනා දරුවන්ට දායාද කිරීමේ මාහැඟි ව්‍යාපෘතියක් මෙයට දශක දෙකක පමණ කාලයක සිට මෙරට වැඩ සිටින සංඝපීතෘන් වහන්සේ නමක් විසින් නිහඬව සිදුකරගෙන එනු ලබති. එම උදාර සමාජ මෙහෙවර සිදු කරනු ලබන්නේ මෑත යුගයේ සසුනඹරට උදාර මෙහෙවරක් සිදු කරන මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

ඉතිරිය»

 

ජටිල භික්ෂු පිරිසට ගයා ශීර්ෂයේදී දහම් දෙසීම (සිතුවම - සමන් ශ්‍රීකාන්ත)

 

දුරුතු අව අටවක පෝය


දුරුතු අව අටවක පෝය ජනවාරි 27 වනදා ඉරිදා අපර භාග 03.02 ට ලබයි. 28 වනදා සඳුදා අපරභාග 02.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 27 වනදා ඉරිදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 04 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]