UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

චාරිත්‍ර හා වාරිත්‍ර සීලය

චාරිත්‍ර යනු පිළිපැදීමයි. වාරිත්‍ර යනු වැළකී සිටීමයි. විරති, සමාදාන යනුවෙන් හඳුන්වන්නේ ද මෙයයි. සියලු පව් නොකිරීමත්, කුසල් ඉපිදවීමත්, සිය සිත සංවර කිරීමත් බුදුවරුන්ගේ අනුශාසනාව වෙයි.” (සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා) මෙහි පළමු කරුණු දෙකම සම්බන්ධ වන්නේ චාරිත්‍ර හා වාරිත්‍ර දෙකට ය. ප්‍රාණ ඝාතයෙන් වළකින තැනැත්තා දඬු මුඟුරු බැහැර කොට, අවි ආයුධ බැහැර කොට, පවට ලජ්ජා වෙමින්, දයාවෙන් යුක්ත ව සියලු ප්‍රාණීන් සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පීව විසිය යුතු ය. මෙහිලා ප්‍රාණඝාතයෙහි යෙදෙන තැනැත්තා ගේ මනසේ පවත්නා ද්වේෂ මූලික සිතිවිලි වෙනුවට මෙත් සහගත සිතිවිලි දක්වා පුද්ගලයා සංවර්ධනය කිරීම අරමුණු වෙයි. හුදෙක් මානසික සංවර්ධනයකින් තොරව සිදු කරන බාහිර ප්‍රදර්ශනයට පමණක් ආරක්ෂා කරනු ලබන සීලය සීලබ්බත හෙවත් සීල ව්‍රතයක් යනුවෙන් හඳුන්වා දිය යුතු ය. ප්‍රාණඝාතයෙන් වැළකීම තුළින් අපේක්ෂිත ප්‍රතිඵලය පුද්ගලයා වෙත පැමිණෙනුයේ ඔහු මෛත්‍රීයෙන් යුතු පුද්ගලයෙක් වීමෙනි. නොඑසේ නම් වැළකී සිටීම සිරගත පුද්ගලයෙක් තුළින් වුව ද නිරායාසයෙන් ම සිදුවේ. ‘මෙත්ත’ සූත්‍රයේ දී පෙන්වා දෙනුයේ සියලු ලෝ වැසියන් කෙරෙහි මෛත්‍රී මනස වැඩිය යුතු බවයි. (මෙත්තං ච සබ්බ ලොකස්මිං - මානසං භාවයෙ අපරිමාණං) ‘වසල’ සූත්‍රයේ දී බුදුන් වහන්සේ පෙන්වා දෙනුයේ” යමෙක් තුළ ප්‍රාණීන් කෙරෙහි දයාවක් නැති ද හෙතෙම වසලයෙකු බවයි.

ඉතිරිය»

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.16ට ලබයි.07 වනදා සිකුරාදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]