UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආචාර්ය මණ්ඩලය

 

70 වන සංවත්සරය සමරන අමුණුගොඩ දහම් පා දහම් පාසල

සියනෑ කෝරළයේ අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු විහාරස්ථ ‘දහම් පා’ දහම් පාසලට වසර 70 ක් සපිරෙයි. ‘දහම් පා’ දහම් පාසල දිගුකලක් ධර්ම ශාස්ත්‍රීය සේවාවන්හි යෙදෙමින් සම්බුද්ධ ශාසනයට හා සමාජ අභිවර්ධනයට ඉටුකළ මෙහෙය අතිවර්ණිත ය. මෙම අභිමානවත් ගමන් මග අනුස්මරණය කරමින් සමරන ධර්ම ප්‍රාසාද ප්‍රාසාදිනී සංවත්සරික උළෙල සහ ත්‍යාග ප්‍රදානෝත්සවය උඳුවප් මස 9 වන රිවි දින පස්වරු 2.00 සිට 5.00 දක්වා සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක සද්ධර්ම වාගීශ්වරාචාර්ය විනය කීර්ති ශ්‍රී අමුණුගොඩ සෝමානන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද මැද දහම් පාසල් පරිශ්‍රයේ දී පැවැත්වේ. අමුණුගොඩ රාජමහා විහාරස්ථානය වළගම්බා රජ දවස දක්වා දිවෙන ඉතිහාසයක් ඇති පෞරාණික සහ බලසම්පන්න පුණ්‍ය භූමියකි. ඒ බව දුර දක්නා නුවණින් දුටු හය වන පැරකුම්බා රජු මෙහි ගල් ලෙන තුළ පිළිමයක් තැන්පත් කොට බෝධි රෝපණයක් ද කර ශිලා ලේඛනය කරවීමෙන් විහාරස්ථානයක පෙරමග සනිටුහන් වී ඇත. ඒ අනුව එතැන් සිට තාවකාලික භික්ෂු වාසයක් පැවතුන අතර 1900 වසර පමණ වන විට කොස්සින්නේ සීලානන්ද මහා ස්වාමීන්වහන්සේ ගේ මඟපෙන්වීමෙන් ගුණානන්ද ලොකු හාමුදුරුවෝ මෙහි ස්ථිර වාසයට පැමිණ ඇත. කොස්සින්න රජමහා විහාරයේ සිටි උන්වහන්සේගේ ශිෂ්‍ය ශ්‍රී මේධානන්ද හිමියන්ට විහාරයේ වගකීම පවරා උන්වහන්සේ කොස්සින්න විහාරයට වැඩම කර ඇත.

ඉතිරිය»

 

ඉල් අමාවක පෝය


ඉල් අමාවක පෝය දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.16ට ලබයි.07 වනදා සිකුරාදා අපරභාග 12.55 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම දෙසැම්බර් 06 වනදා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය දෙසැම්බර් 15 වනදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]