| 
කඨින පින්කම්
			 
			 
			 
			 
			 
ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථානයේ කඨින පින්කම 
ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජා පින්කම ඉල් පොහෝ දින 
පෙරවරු 6.00 ට විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ 
අනුශාසනා පරිදි විහාරස්ථ සීල භාවනා සමිතියේ අනුග්‍රහයෙන් සිදු කෙරේ. මෙවර කඨින 
පින්කමේ ප්‍රධාන දායකත්වය දරණ කැලණිය, විහාර මාවත කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප 
සභාපති චමිල පෙරේරා මහතාගේ නිවසින් අලුයම 4.30 ට පෙරහරකින් කඨින චීවරය වැඩම කරනු 
ලබන අතර පෙරවරු 6.00 ට කඨින චීවර පූජාව සිදු කෙරේ.  
භික්ෂූන් වහන්සේලා 75 නමකට අධික මහ සඟරුවන වෙත එදින දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවකි.
			 
			 
****
යටිවාවල රාජසිංහාරම පුරාණ විහාරය 
			 
යටිවාවල ශ්‍රී රාජසිංහාරාම පුරාණ විහාරයේ මෙවර කඨින පූජෝත්සවය ඉල් පුර පසළොස්වක 
පෝදා එම විහාරස්ථානයේ දී මහා සංඝයා වහන්සේ 39 නමක ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. 21 
වෙනි දින රාත්‍රී පැය 2 ක පමණ පිරිත් දේශනාවක් විහාරාධිපති පුලියද්දේ ඤාණාලෝක නා 
හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.  
කටුගස්තොට සමූහ, ගාමිණී චන්ද්‍රසේන 
**** 
			 
මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරය 
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික 
ගලේවල ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති හා මහනුවර ශ්‍රී නාථදේවාලයේ විහාරාධිපති 
මහෝපාධ්‍යාය ගොමගොඩ ශ්‍රී රතනසාර ශ්‍රී දළදා මාළිගාවේ තේවාව භාර නා හිමියන්ගේ 
අනුශාසනා පරිදි මහනුවර ශ්‍රී නාථදේවාල විහාරයේ කඨින පින්කම මෙම 21, 22 දිනයන්හි 
පැවැත්වේ.  
කේ. බණ්ඩාරනායක 
			 
****
ඓතිහාසික ගන්නෝරුව රාජමහා විහාරය 
මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයේ යටිනුවර උප ප්‍රධාන අධිකරණ සංඝනායක, ගන්නෝරුව 
රාජමහා විහාරය උඩගන්නෝරුව උඩ බෝමලුව පුරාණ විහාරයන්හි අධිපති කර්මාචාර්ය අඹන්පොල 
සුමංගල නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් කඨින පින්කම නොවැම්බර් 21, 22 දිනයන්හි 
පැවැත්වේ. 
			 
****
			 
කඩුගන්නාව කඳන්ගම ඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරය 
මල්වතු මහා විහාර පාර්ශ්වයේ යටිනුවර ප්‍රධාන සංඝ නායක කඩුගන්නාව කඳන්ගම ඉල්ලදොර 
පුරාණ පොත්ගුල් විහාරාධිපති ආරණ්‍ය වංශික සංඝ කීර්ති ශ්‍රී සීලානන්ද 
ධම්මරක්ඛිතාභිධාන ඕවල සෝරත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් කඨින පින්කම නොවැම්බර් මස 
21, 22 දිනයන්හි පැවැත්වේ.  
කේ. බණ්ඩාරනායක 
****
			 
ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරය 
විහාරාධිපති, කම්මට්ඨානාචාර්ය මහමෙවුනාවේ මංගල හිමියන්ගේ අනුශාසනා පරිදි ඉල් පෝදා 
ශීල භාවනා වැඩසටහන 
උදේ 05.30 සිට 6.00 කඨින චීවරය පිළිගැන්වීමෙන් අනතුරුව සීල සමාදානය,කම්මට්ඨානාචාර්ය 
පාතේගම ඤාණතිලක හිමි, 6.00 සිට 6.30 කිරි ආහාර පූජාව වැලිමඩ ධම්මික හිමි, 6.30 – 
9.00 කඨින මහා පින්කම, 9.00 – 11.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති පැලැන්වත්තේ ධම්මරක්ඛිත 
හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව ලූණුවත්තේ කස්සප හිමි, දවල් 12.30 – 1.00 බොජ්ඣංග 
පිරිත් දේශනය, මහමෙවුනාවේ මංගල හිමි, කුරුණෑගල සුගතධම්ම හිමි හා වැටකේදෙණියේ ගෝතම 
යන හිමිවරු 1.00 – 2.00 ධර්මදේශනාව කලවැල්ලාවේ දීපරතන හිමි, 2.45 – 4.00 කඨිනානිශංස 
ධර්මදේශනාව රන්මිණිතැන්නේ සිරිසුමන හිමි, 4.00 – 5.00 දක්වා ධර්මදේශනාව උඩපේරුවේ 
රතනසාර හිමි, සවස 6.00 – 7.00 දක්වා බෝධි පූජාව ලූණුවත්තේ සෝභිත හිමි. 
			 
****
රන්පොකුණගම බෞද්ධ මහා විහාරය
			 
රන්පොකුණගම බෞද්ධ මහා විහාරාධිපති, සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති බෝලියද්දේ 
විමලානන්ද හිමියන්ගේ අනුශාසනාවෙන් කඨින පූජා පින්කම නොවැම්බර් මස 03 සහ 04 දෙදින 
තුළ පැවැති අතර, එහි ප්‍රධාන දායකත්වය රන්පොකුණගම ඒ/ඒ – 90/05 නිවසේ කේ. එච්. ඩී. 
බී. කුලසේකර මහතා සහ එම මහත්මිය ඇතුළු ඒ කලාපීය දායක දායිකාවන්ගේ දායකත්වයෙන් සිදු 
කරන ලදී. ආලෝක පූජාව රන්පොකුණගම ඒ15/සී – 02/29 හි පදිංචි වයි. ජී. චන්ද්‍රසිරි 
මහතාගේ දායකත්වයෙන් සිදු කරන ලදී. 
			 
****
කොහුවල ශ්‍රී ධාතුමළු විහාරය 
කොහුවල ශ්‍රී ධාතුමළු විහාරයේ කඨින පින්කම මෙම ඉල් පෝදා පිටිගල සෝණුත්තර හිමියන්ගේ 
අනුශාසනා පරිදි සිදු කෙරේ. පෝදා උදෑසන 6 ට කඨින චීවර පූජාව සහිත සංඝගත දක්ෂිණාව 
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමියන් 
ප්‍රධාන මහ සඟරුවනෙහි සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙවර එම පින්කමෙහි ප්‍රධාන දායකත්වය 
යූ.බී. රත්නායක මහතා සහ ඤාණවතී ඒකනායක මහත්මිය සහ දූ දරුවන් විසිනි. 
			 
			 
****
තලාතුඔය පින්නගොල්ල 
ශ්‍රී සද්ධර්මාරාමය 
			 
තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ 
අනුශාසනා පරිදි 43 වැනි වරටත් පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමයේ කඨින චීවර පුණ්‍ය 
මහෝත්සවය මෙම මස 21 හා 22 යන දිනයන්හි සිදු කිරීමට කටයුතු යොදා ඇත. 
			 
****
			 
යටියන 
ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ විහාරය 
යටියන, ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේ කඨින පින්කම, අත්තනගල්ල රජමහා 
විහාරාධිපති, මහෝපාධ්‍යාය, සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පන්නිල 
ශ්‍රී ආනන්ද නාහිමියන් ඇතුළු විහාරස්ථ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද විහාරාධිකාරී 
ශාස්ත්‍රවේදී උණගලාවේ සිරිනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මඩුවේගෙදර පදිංචි දායක 
දායිකාවන්ගේ සහයෝගය මත සිදුවේ. නොවැම්බර් 19 වනදා රාත්‍රී 11.00 ට මඩුවේගෙදර 
නිශාන්ත මහතාගේ නිවසේ සිට කඨින වස්ත්‍රය රැගත් පෙරහර ගමන් ආරම්භ කිරීමද, 20 වන දින 
උදෑසන 10.30 ට කඨින චීවර පූජාව හා මහා සාංඝික දානය ද පැවැත්වේ. 
****
			 
හිඟුරආර ශ්‍රී බෝධිරාජධර්මායතනය 
			 
ඇඹිලිපිටිය හිඟුර ආර ශ්‍රී බෝධිරාජධර්මායතන මහා පිරිවෙන් විහාරස්ථානයේ කඨින පින්කම 
19 සහ 20 යන දෙදින පැවැත්වීමට නියමිතව තිබිණි. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක 
ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පින්කමට සමගාමීව 20 වන දින කුල 
දරුවන් දෙදෙනෙකු ද සසුන් ගත කිරීමට නියමිතව තිබිණි.  |