UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භාවනා ඉගැන්වීම් අඩංගු ප්‍රකට ග්‍රන්ථ රැසක් රචනා කර ඇති මියන්මාරයේ යැගෝන් නුවර අයුන්ග්සාන් තව්යා තකෝ භාවනා මධ්‍යස්ථානාධිපති භදත්ත සද්ධම්ම කිත්තිසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේට විශ්වකීර්ති ශ්‍රී කම්මට්ඨානාචාර්ය ගෞරව නාමය සහිත ශ්‍රී සන්සන් පත්‍රය පිළිගැන්වීම පසුගියදා මහනුවර පොල්ගොල්ල ශ්‍රී සාලවන බෝධි විහාරස්ථානයේ දී සිදු කෙරුණි. උන්වහන්සේට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් අතින් සිදු කෙරුණි. උඩරට අමරපුර මහා නිකායේ මධ්‍යම හා වයඹ උප ප්‍රධාන සංඝ නායක, පොල්ගොල්ල ශ්‍රී සාලවන බෝධි මහා විහාරාධිපති වත්තේගම ශීලානන්ද නා හිමියන්ගේ සංවිධානත්වයෙන් එම උත්සවය පැවැති අතර ඊට මියන්මාරයේ බෞද්ධ නියෝජිතයින් රැසක් ද සහභාගි විය. උඩරට අමරපුර මහා නිකායේ මහා නායක නුවරඑළියේ චන්ද්‍රජෝති මහා නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඥා ලේඛකාධිකාරී අංකුඹුරේ පේමවංශ, පොත්ගුල් විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය යටිනුවර සුමන, උඩරට අමරපුර මහා නිකායේ අධිකරණ සංඝනායක මහෝපාධ්‍යායය නියංගොඩ සමිද්ධි මංගල යන හිමිවරු ප්‍රමුඛ ගිහි පැවිදි විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ. අසේල කුරුළුවංශ

 

 

සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදින්න ගෞරව නාමය සහිත හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන

අබේසේකරගම ගුණරතන නා හිමි

ගුණරතන නාහිමියෝ ඉක්බිතිව පූර්ණ කාලීනව වේහැල්ලේ ශ්‍රී වේළුවනාරාම මූල මහා විහාරස්ථානය කේන්ද්‍රකරගෙන සුවිශාල ආගමික, සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපනික සේවාවන් රැසකට නායකත්වය සැපයූහ. දික්වැල්ල වේහැල්ලේ ශ්‍රී වේළුවනාරාම මූල මහා විහාරාධිපති, ශාස්ත්‍රපති අබේස්කරගම ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව මගින් ‘සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදින්න’ යන ගෞරවනාම සම්මුතිය සහිතව හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා තිබේ.ලක්දිව ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මේ යැයි, මැනවින් ප්‍රකට කරමින් වැඩ සිටින ගුණරතන නාහිමියන් ගුණ නැණ බෙලෙන් පිරිපුන් ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගෙනහිර ගිරුවා පත්තුවේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සිංහල රජ කාලයේ සිට පැවතෙන නින්දගමක් වැනි වූ අබේසේකරගම නමැති සුන්දර ගම් පියසක් වෙයි.

ඉතිරිය»

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 22 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 30 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30

Full Moonඅමාවක

දෙසැම්බර් 06

First Quarterපුර අටවක

දෙසැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]