UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

අස්ගිරි මහා විහාර මහ පිරිවෙන

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි මහා විහාර මහ පිරිවෙනේ පරිවෙනාධිපති ශාස්ත්‍රපති නාරන්පනාවේ ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහා විහාර මහ පිරිවෙනේ කඨින පින්කම නොවැම්බර් මස 3, 4 යන දිනයන්හි පැවැත්වේ.

3 වෙනි දින සවස 6.00 සමන්මලින් අස්ගිරි මහ සෑ වන්දනාව උඩුගම තිලකානන්ද හිමියන් මෙහෙයවනු ලබයි. රාත්‍රී 7.00 ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ ධර්මදේශනාවක් ද ,4 වෙනි දින අලුයම 4.30 ට කඨින වස්ත්‍රය පේරාදෙණිය ටිවර්ටන් වත්තේ පදිංචි ඒ.ආර්.එම්.කේ. රත්නායක මහතාගේ නිවසේ සිට රථ පෙරහරකින් මහනුවර රැජින හෝටලය තෙක් වැඩමවා එතැන් සිට අලි ඇතුන් සහිත පෙරහරකින් විහාරස්ථානය වෙත වැඩම කරවා උදේ 6.30 ට පිණ්ඩපාත චාරිකාව ආරම්භ කෙරේ.උදේ 10.30 ට සම්බුද්ධ පූජාව 11.00 අති පූජ්‍ය අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අනුනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ දෙසිය පනස්නමකට අධික මහා සංඝරත්නය උදෙසා පිරිනමනු ලබන සපිරිකර සංඝගත දක්ෂිණාවකි. 12.30 කඨිනානිසංස ධර්ම දේශනාව කඨින මහා පින්කමේ ප්‍රධාන දායකත්වය පේරාදෙණිය ටිවර්ටන් වත්තෙහි පදිංචි ඒ.ආර්.එම්.කේ. රත්නායක මහතා එම මහත්මිය ඇතුළු පවුලේ පිරිස සහ මහනුවර ඉන්ද්‍රා ට්‍රේඩ්ස්හි අධිපති ඉන්ද්‍රකුමාර සිල්වා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කපිල ගුණවර්ධන ගුණතිලක, බතික් අධිපති ලයනල් ගුණතිලක ගෝල්ඩන් ක්‍රවන් හෝටලයේ අධිපති ඩබ්ලිව්. ඇම් ශි‍්‍රයානන්ද, සුනීතා වීරසේකර ආර්.ඒ.එන් හෝල්ඩින් අධිපති, තිලකරත්න යන මහත්ම මහත්මීන් සමග මහා විහාර පිරිවෙන් සීල සමිතිය, දායක සභාව, චෛත්‍ය සංවර්ධන කමිටුව හා ශ්‍රී සුමනතිස්ස දහම් පාසල විසින් දරනු ලබති

****

සෝමවතිය රජමහ විහාරය

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ඓතිහාසික සෝමවතිය රජමහවිහාරාධිපති පණ්ඩිත පහමුණේ සුමංගල නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සෝමවතිය රජමහා විහාරයේ කඨින පින්කම නොවැම්බර් මස 2, 3 යන දිනයන්හි පැවැත්වේ. සම්බුද්ධ පූජාව ප්‍රධාන ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වෙන අතර කඨින පින්කමට සමගාමීව විහාරයීය විශ්‍රාම ශාලා මන්දිරය විවෘත කරන බව විහාරාධිපති පණ්ඩිත පහමුණේ සුමංගල නාහිමියෝ පවසති. 3 වන දා කඨින චීවරය සහිත සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ. කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය සුදත් තෙන්නකෝන් මහතා සහ එම මහත්මිය දරනු ලබන්නේ ය.

****

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

මිරහවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් බී.පී. සෝමතිලක මහතා සහ ශිරෝමි වික්‍රමනායක මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් කඨින පින්කම සිදුවේ. නොවැම්බර් 03 සවස 05 ට ධාතු මන්දිරයේ සඳුන් දැවයෙන් තැනූ ආවරණය විවෘත කිරීම සවස 06.00 මහා පට්ඨාන පූජාව 04 වන දා උදෑසන 04 ට කඨින චීවරය රැගත් පෙරහර භාවනා මධ්‍යස්ථානයට ළඟාවීම ද පාන්දර 5.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව, 6.30 ආරණ්‍යවාසී, ස්වාමීන්වහන්සේලාට හීල් දානය, 8.00 සුගත චීවරය පූජා කිරීම, 8.30 කඨින චීවරය හා කප්රුක් පූජාව, 9.00 කඨිනානිසංස ධර්ම දේශනාව, 11.00 ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා සියක් නමකට දවල් දානය පිරිනැමීම ද සිදු කෙරේ.

****

හැව්ලොක් ටවුන් ඉසිපතනාරාමය

හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරස්ථානයේ කඨින මහා පින්කම විහාරාධිපති කිහිඹියේ විජිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි රුවිනි කරුණානායක මෙනවියගේ ප්‍රධාන දායකත්වයෙන් නොවැම්බර් මස 02 පිරිත් දේශනාව ද, 03 වැනිදා උදේ කඨින චීවර පූජාව ද රාත්‍රී පොළොන්නරුව ජයන්ති මහා විහාරාධිපති පණ්ඩිත කදුරුවෙල ධම්මපාල නා හිමියන් විසින් ආනිසංස දේශනාවද පවත්වති.

මේ නිමිත්තෙන් ඔක්තෝබර් 19 වැනිදා සිට දිනපතා ධර්ම දේශනා පවත්වති. ඒ අනුව 29 දා දියසෙන්පුර විමල මාහිමි 30 දා මීගොඩ සුඛිත හිමි 31 දා අගලකඩ සිරිසුමන හිමි 01 දා ඇරැව්වල සුධම්ම හිමි ධර්ම දේශනා පවත්වති.

****

සිරි සම්බුද්ධ සීල භාවනා මධ්‍යස්ථානය

අනුරාධපුර පූජනීය පෙදෙස දකුණු දාගැබ පාර සිරි සම්බුද්ධ සීල භාවනා මධ්‍යස්ථානයේ දී 05 – 06 දිනවලදී

වාර්ෂික කඨින පූජා මහ පින්කම සීල භාවනා මධ්‍යස්ථානස්ථ උපාසක උපාසිකා, දායක, දායිකා සාමාජික සාමාජිකා සැමගේ සංවිධායකත්වයෙන් හා සහභාගීත්වයෙන් සිදු කෙරේ.

****

විලච්චිය සිරි සම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය

නොවැම්බර් 02 – 03 දිනයන්හි දී කඨින පින්කම කලුන්දෑගම ඥානරතන හිමියන්ගේ අනුශාසනා පරිදි රාජාංගනයේ විහාර මාවත, ඩී.එම්. ගුණසේන දිසානායක මහතා සහ එම මහත්මිය පවුලේ දූ දරු ඥාති මිත්‍රාදීන්ගේ මූලික දායකත්වයෙන් හා විහාරස්ථ සියලු දායක දායිකා පින්වතුන්ගේ සංවිධායකත්වයෙන් සිදු කෙරේ.

****

වටපුළුව ශ්‍රී කල්‍යාණ බෞද්ධ මධ්‍යස්ථානය

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික, අස්ගිරිය මහා විහාර මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති ඇටිපොල මහින්ද නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර වටපුළුව ශ්‍රී කල්‍යාණ බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කම නොවැම්බර් 2 – 3 යන දිනයන්හි පැවැත්වේ.

****

කොහුවල ධාතුමළු විහාරය

කොහුවල ධාතුමළු විහාරයේ කඨින පින්කම නිමිත්තෙන් දිනපතා සවස 6.30 – 7.30 දක්වා දම් දෙසුම් මාලාවක් පැවැත්වේ.

ඒ අනුව මෙම 31 වන දා නෑහින්නේ අරියඤාණ හිමි නොවැම්බර් 01 වන දා හක්මන සුමනසිරි හිමි, 2 වන දා මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි 3 වන දා කහපත්විලගම සුසීම හිමි, 4 වන දා මකුරුප්පේ සෝමාලංකාර හිමි, 5 වන දා මඩවල ධම්මික ජිනවංශ හිමි එම දම් දෙසුම් පවත්වති.

****

සීදූව සුගතාරාමය

සීදුව සුගතාරාමයේ කඨින චීවර පූජා පින්කම නොවැම්බර් 10 සහ 11 දිනවලදී දායක සභාවේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.

ඒ නිමිත්තෙන් නොවැම්බර් 6 වනදා රාත්‍රී 7 ට පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ දහම් දෙසුමක් ද පැවැත්වේ.

10 වනදා සවස 6.30 ට ආශිර්වාද බෝධි පූජාවක් ද, අනතුරුව සර්ව රාත්‍රික පිරිත් දේශනාව ද 11 වනදා අලුයම බණ්ඩාරවත්ත 106/1 කුසුමලතා මහත්මියගේ නිවසේ සිට කඨින චීවර පෙරහරද උදෑසන 6 ට කඨින චීවර පූජාව සහිත සපිරිකර සංඝගත දක්ෂිණාව ද පැවැත්වේ. සවස 6 ට කඨිනානිශංස දේශනාව මඩුගස්තලාවේ විමලබුද්ධි හිමියන් විසින් පවත්වනු ලැබේ.

****

හත්තිකුච්චි මහා විහාරයේ කඨින පින්කම

නොවැම්බර් මස 2 සහ 3 යන දිනයන්හි ගල්ගමුව ගිරිබාව ප්‍රාදේශීය සභාවට අයත් හත්තිකුච්චි මහා විහාරයේ කඨින පින්කම සීතා කෝදාගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවුලේ සැම, ඥාතීමිත්‍රාදීන් සහ ගම්වාසීන්ගේ සහයෝගයෙන් සිදු කෙරේ.

 

වප්අව අටවක පෝය


වප්අව අටවක පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා පූර්ව භාග 11.11 ට ලබයි. නොවැම්බර් 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 7 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]