UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හම්බන්තොට සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, ග්‍රන්ථ කර්තෘ, ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිර හිමියන් රචනා කළ ‘බුදු දහමේ සැනසුම්මග‘ ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල පසුගිය දින හම්බන්තොට අඩි සියය පාර සිංහගිරි විහාරයේ දී පැවැත්විණි. එහි දී විතාරන්දෙණියේ වජිර හිමියන් විසින් බුදුදහමේ සැනසුම් මග කෘතියේ මුල් පිටපත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පිරිනමනු ලැබූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. මම උළෙලට තිස්සමහාරාම රජමහා විහාරාධිපති, මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දේවාලේගම ධම්මසේන නා හිමි, ලෝක බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් මුගුණුවෙල අනුරුද්ධ නා හිමි ඇතුළු මහා සංඝරත්නය ද, තවත් විශාල පිරිසක් ද සහභාගි වූහ.

 

 

25 වන සාංවත්සරික අගොන්ශු ශිෂ්‍යත්ව ප්‍රදානය

ඉතා ගෞරවාන්විත සේ ම පූජනීය තත්ත්වයකින් ඇරඹි අපගේ ශ්‍රී ලංකා සබඳතාවයෙහි ඉතාම වැදගත් වූ සන්ධිස්ථානය වර්ෂ 1994 ජනවාරි 12 වැනි දා ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනම පිහිටුවීම යි. ඒ තුළින් මේ දක්වා ශ්‍රී ලංකාව කෙරෙහි විවිධාකාරයෙන් අනුග්‍රාහකත්වයන් දැක්වීමට අපට හැකියාව ලැබුණි. මෙවර අප අනුග්‍රාහකත්වයෙන් පවත්වන මෙම රජත ජයන්ති සැමරුම් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය එහි සාර්ථක සන්ධිස්ථානයකි. නොවැම්බර් 04 ප .ව. 2.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී

ඉතිරිය»

 

වප්අව අටවක පෝය


වප්අව අටවක පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා පූර්ව භාග 11.11 ට ලබයි. නොවැම්බර් 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 7 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]