UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණියේ අජිත හිමියන්ගේ මෙහෙයවීමෙන් බදුලු , මුතියංගණ රජමහා විහාරයේ දී පින්කමක්

කැලණියේ අජිත හිමියන්ගේ මෙහෙයවීමෙන් බදුලු , මුතියංගණ රජමහා විහාරයේ දී පින්කමක්

ශ්‍රද්ධාව තුළින් ප්‍රඥාව ඇති වෙයි. ඒ සඳහා සැදැහැ සිතින් කරන පින්කම් සුවිශේෂී වෙයි. කැලණියේ අජිත හිමියන් ඒ සඳහා මෙවර සිදු කරන පින්කම මෙසේය.

කළගෙඩිහේන ශ්‍රී සර්වඥ ධාතු පදනම මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහානීය පින්කම මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික බදුලු මුතියංගණ රාජ මහා විහාරය කේන්ද්‍ර කරගෙන ය..

2013 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව වාර්ෂිකව එක් වතාවක් මෙම වන්දනා පදනම මඟින් බොහෝ ජනයාට ශ්‍රද්ධාව ඇතිකර ගැනීම පිණිස සිදු කරන මහා ධාතු වන්දනා පෙළහර 2013 වසරේදී ඓතිහාසික රුවන්වැලි මහා සෑ පුදබිමේ දී ද, 2014 වසරේ දී ඓතිහාසික ථූපාරාම මහා සෑ මළුවේ දී ද , 2015 වසරේ දී පොළොන්නරුව සෝමවතිය පුද බිමේදී ද, 2016 වසරේ දී ඓතිහාසික මුතියංගණ පුදබිමේ දී ද, 2017 වසරේ දී සේරුවිල මංගල රජ මහා විහාරයේ මංගල මහා සෑය කේන්ද්‍ර කර ගනිමින් ද පැවැත්විණි.

මෙවර පින්කම සැප්තැම්බර් මස 08වන සෙනසුරාදා සවස තුනේ සිට පසුදා රාත්‍රිය පහන්වන තුරු පැවැත්වෙන අතර, එය බදුලු , මුතියංගණ රජමහා විහාරය කේන්ද්‍ර කරගෙන මහා සෑ පුද බිමේ දී සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කරනු ලැබේ. අසිරිමත් සත් බුදු වන්දනාව, අසිරිමත් පසේ බුදු වන්දනාව, අසිරිමත් මහා රහත් වන්දනා , මහා සෑ රජාණන් වහන්සේ විදුලි බුබුළු එක්ලක්ෂ පනස් දහසකින් පමණ ආලෝකවත් කිරීම ,උඩුගුවනින් මල් ඉසීම, මල් පූජා කිරීම, පංච තූර්ය නාද ශබ්ද පූජා පැවැත්වීම ආදිය ඊට ඇතුළත් පින්කම් වෙයි. එසේම එම පින්කමේ දී මහා සෑයට ලක්ෂයකට අධිකව මල් පූජා කිරීම, බෞද්ධ ධජ පතාක පූජා කිරීම , මල් පුන්කලස් පූජා කිරීම ආදී පින්කම් රාශියක් එදිනට සිදු කිරීමට නියමිත ය.

මෙම පින්කම මෙහෙයවන්නේ කැලණියේ අජිත හිමියන්ගේ මූලිකත්වයෙනි. මේ සඳහා කොළඹ 07 සම්බෝධි විහාරාධිපති , බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති, බොරලන්දේ වජිරඥාන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ දායකත්වයෙන් පින්කම පැවැත්වෙන අතර වන්දනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කැලණියේ අජිත හිමියන්, අඹන්පොළ ඥානතුසිත හිමියන් සහ වත්තේගම ආනන්ද හිමියන් විසිනි. මේ සඳහා සහාය දෙන සංඝරත්නය අතර වරකාපොල පසන්න චිත්ත හිමියන් සහ කේමින්ද හිමියන් ද වෙයි.

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]