UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

ගින්නකි රාගය

රාග සිතේ මෝහය විත් වෙළෙන්නේ
රාගය ළඟ හිරිමල් පොඩි තැලෙන්නේ
රාගය මෙලොව තිරිසන් ගති පාන්නේ
රාග සිතට නිරයේ දොර ඇරෙන්නේ

බුදු හිමියන් නැත රාගය අගය කළේ
රාග, ද්වේශ, මෝහය හිමි සිඳ දැමුවේ
හිමි ගත් මඟ යන්නයි හිමි දම් දෙසුවේ
බාධකයකි රාගය යන මඟ නිවනේ


දම් ඔසුව

තිලෝගුරු
බුදු පියාණන් වහන්සේගේ
ශ්‍රී සදහම් ඔසුවෙන්
ඉපදීම නමැති
බියකරු රෝගයන්
සසර වසන තුරු
විඳවීමට සිදුවන
ජරා, ව්‍යාධි, මරණ
විෂ බීජයන්
සදහටම විරේක වනු ඇත


මිනිස් භවය

මහ දිග සසර ගමනේ දී භව සරන
දහමක පිනෙන් මිනිසත් භවයක් ලැබුණ
පහකර ගුණ දහම් යහමඟ මඟ හරින
රහකර පවෙහි ගිලෙනුයෙ ආ මඟ නොදැන

බුදු බණ සරණ සමයක සිය උපත ගෙන
පිදු යස අඟ පසඟ ඉන්ද්‍රිය නොඅඩු වුණ
කුදු මහ සතුන් අතුරින් ඉහළින් තැබුණ
සිදු කර ගන්නෙ එනමුත් විපතම නොදැන

 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]