UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පිරිවෙන් අධ්‍යාපනය ලබන ගෞරවනීය ස්වාමින් වහන්ස /දුවේ, පුතේ

ලේඛන කුසලතාව වඩාත් වර්ධනය කර ගැනීම සඳහාත්, දහම් දැනුම වර්ධනය සඳහාත්, ගුණධර්ම වැඩිදියුණු කර ගැනීම සඳහාත් සදහම් අරණ ළමා නිර්මාණ පිටුව ඔබ වෙනුවෙන් වෙන්කර ඇත. ඔබගේ ගද්‍ය, පද්‍ය, සිතුවම්, අදහස් පුර අටවක අමාවක, පුර පසළොස්වක, අව අටවක. බුදුසරණ පුවත්පත්හි පළ කරන්නෙමු.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

377. විහඟි හිමායා අමාමි
9 ශ්‍රේණිය
ශී‍්‍ර ධම්මතිලක දහම්පාසල - වාද්දුව

378. මැදකන්දේ ලක්ඛන හිමි
මූලික පිරිවෙන
ශ්‍රී බෝධිරාජ විහාරය – කතරගම

379. ඩී.ජී.එස්. නවෝද්‍යා
8 ශ්‍රේණිය
සිරි විමලසිරි දහම් පාසල - පොල්පිටිමූකලාන

380. බ්.ජී.එස්.. පියුමාලි විජේරත්න
10 ශ්‍රේණිය
ශ්‍රී මහින්ද දහම් පාසල - කෝන්ගහවෙල

381. ඒ.ඒ. පසිඳු ඩිල්ෂාන්
08 ශ්‍රේණිය
ශ්‍රී ගුණසාර දහම් පාසල -තැඹිලිපොල


වස් කාලයේ පින් පුරමු

නිගණ්ඨනාථපුත්ත වැනි ශාස්තෘවරුන්ගේ ධර්මය වූයේ ගහකොළ, තණකොළ ආදිය ඒකේන්ද්‍රිය ප්‍රාණීන් සේ සලකා වැසි කාලයේ ඒවා නො පාගා එක් තැනක සිටිය යුතු බවයි. එය පාපයක් සේ නොසැලකුව ද, මහජන මතයට අනුගත වූ බුදුරදුන් දෙව් මිනිස් සහිත ලෝකයාගේ අර්ථය පිණිස වස් තුන් මාසය එක් ස්ථානයක වසමින් වස් සමාදන් වීමට භික්ෂූන් වහන්සේලාට “අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් නියම කරමින් ශික්ෂා පදයක් පනවා වදාළ සේක. වස් කාලය තුළ ආරාමවල වෙනදාට වඩා බුද්ධ පූජා, බෝධි පූජා විශේෂ ධර්ම දේශනා සිදු කරයි.

ඒ වගේම කඨින චීවර පූජාව සාමූහික පින්කමක් ලෙස සැලකුව ද, කාගේත් කැමැත්ත පරිදි පිරිසකට හෝ පුද්ගලයකුට මූලිකත්වය වගකීම භාර ගැනීමේ අවශ්‍යත මත ලබාදීම සාමාන්‍ය සිරිත ය. කඨින පින්කම සාමූහිකව සිදුකිරීමෙන් කුසලය වැඩි ය. වස් සමාදන් වීම සඳහා ආරාධනා කිරීමට වැසි සළු පූජා කිරීම පුරාණ චාරිත්‍රය යි.


කරුණා සිත බලවත්ය

අන් අයට විපතක්, කරදරයක් දුකක් ඇති වූ විට ඒ පිළිබඳ ඇති වන අනුකම්පා සහගත සිතින් ක්‍රියා කිරීම කරුණාව යි. බුදුරජාණන් වහන්සේ දිනපතා උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දෙස බලා පිහිට විය යුතු අයට පිහිට වූ සේක. කරදර විපත් පැමිණි විට ඕනෑම අයෙකු අසරණ විය හැකි ය .ස්ත්‍රී, පුරුෂ, උගත්, නූගත් ,පොහොසත් දුප්පත් කිසිදු භේදයක් ඊට බලනො පා යි. අසරණයකු දුටු විට ඔහුට පිහිට විය යුතුය යන හැඟීම නිරායාසයෙන් සිත තුළ ජනිත වන්නේ නම්, එය බ්‍රහ්ම විහාරයකි. කාරුණිකත්වය මැනවින් ප්‍රගුණ කළ තැනැත්තා ජාතිය,කුලය හෝ නෑදෑ හිතවත්කම් හෝ නො සලකා කටයුතු කරයි. දුකකට, කරදරයකට පත්වන කවරෙකුට වුව අන් අයගේ උදවු උපකාර අවශ්‍ය වේ. එසේ උදවු උපකාර කිරීමට පෙළඹීමක් ඇති වන්නේ කරුණා සහගත සිතිවිලි ඇති විට පමණි. කරුණා සිතුවිල්ල ප්‍රගුණ කිරීම කරුණා භාවනාව වශයෙන් හැඳින්වේ. කරුණාව මැනවින් ප්‍රගුණ කළ තැනැත්තා අන් අයගේ දුකට පිහිට වෙයි. විවිධ ආකාරයෙන් නො මගට යොමුවූවන් සුමඟට ගැනීමට කටයුතු කරයි.


මෙත් සිත

මෛත්‍රිය යනු හැම දෙනාට ම මෙත් සිත පැතිරවීම යි. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ ද එයම යි. මෛත්‍රිය ගැන කරණීය මෙත්ත සූත්‍රයේ ද විස්තර කෙරේ. තරහව නැති කිරීම මෛත්‍රිය යි. මෛත්‍රී වඩන තැනැත්තාට ආනිසංස එකොළහක් ලැබේ. හැම දෙනෙකුගේ ම ගෞරවයට පාත්‍ර වේ.


වඳිනෙමි මුනිඳුනි සිරස නමා

පන්සාළිස් වසරක් මුළුල්ලේ
මහ කරුණාවෙන් ලොවටම
දහම් මාර්ගය දෙසූ,
ලොව්තුරු බුදු සමිඳුනේ ...

ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි
බුදුහිමි වැඩි ලක්දිවයි.
මෙත් මුදිතා ගුණ දෝරෙ ගලයි ...

අමා දහර ගං තෙරේ
ඔබෙ ගුණ කියා වැජඹෙන විට
ලෝකයක්ම පිවිතුරු වනු ඇත
අසම සම වූ බුද්ධ දේශයක
සෑම දිනකම
වඳිනෙමු මුනිඳුන් සිරස නමා!


මත් රකුසා පරදමු

උදේ පටන් සැම මහන්සි වෙනවා
දිනකට නිසි වැටුප ලබනවා
සමහරු සවසට ඒවා මතට යොදනවා
රෝහල්වල හිඳ නිති විඳවනවා

බාල තරුණ අප හැම දෙන සිතට ගමු
මත් වතුරේ ආදීනව දැන ගනිමු
මතට ලොල් පිරිස ඉන් ගලවා ගනිමු
ළමෝ අපිත් මත් වතුරට එරෙහි වෙමු


පැන විසඳුම්

සදහම් අරණ ළමා සමාජයේ සාමාජික , සාමාජිකාවනි, පහත සදහම් ප්‍රශ්නවලට ඔබගේ පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න. නිවැරැදි පිළිතුරට වටිනා තෑගි පිරි පිරිනමන්නෙමු.

01). තිසරණය නම් කරන්න

02). ඔබ කැමැති එක් තිසරණ ගුණයක් ගැන වචන සියයකට නො වැඩි විස්තරයක් ලියා එවන්න.


 

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා සඳුදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]