UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගල්කිස්ස බෞද්ධායතනයෙන් පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව

ගල්කිස්ස බෞද්ධායතනයෙන් පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව

ගල්කිස්ස, වටරප්පල පාර බෞද්ධායතනාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නා හිමියන්ගේ අනුශාසනා පරිදි බෞද්ධායතන දායක සභාව විසින් අධ්‍යාපන කටයුතු කෙරෙහි දක්ෂතා දක්වන, ආර්ථික අපහසුතා ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම වැඩසටහනේ පරමාර්ථයෙන්. එහි තෙවන අදියර යටතේ දරු දැරියන් හතළිස් දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීම පොසොන් පුර පසළොස්වක පොහෝ දින පස්වරු 12.30 ට ගල්කිස්ස, වටරප්පල පාර බෞද්ධායතනයේ දී සිදු කිරීමට දායක සභාව කටයුතු සංවිධානය කර ඇත. බුදුසරණ පුවත්පතෙහි අනුග්‍රහයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තෝරාගත් ආර්ථික අපහසුකම් ඇති දක්ෂ දරු දැරියන් වෙත පරිත්‍යාගශීලීන්ගේ සහායෙන් මසකට රු. 2500/- බැගින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය නිමවන තෙක් මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත ය.

2015 වසරේ දී ආරම්භ කළ එම වැඩසටහන අනුව දැනට මසකට රු. 2500 බැගින් සිසුන් අනූ දෙනෙකු ශිෂ්‍යත්ව ආධාර ලබන අතර එයට අමතරව තෙවන වරට මෙම පොසොන් පෝදා සිසුන් හතළිස් දෙනෙකු ශිෂ්‍යත්ව ආධාර ලබාගැනීමට නියමිත බව දායක සභාවේ ප්‍රධාන ලේකම් පුෂ්පකුමාර කුලතුංග මහතා සඳහන් කරයි. දැහැමි, ගුණ ගරුක උගත් පිරිසක් රටට දායාද කිරීමේ උතුම් අරමුණ උදෙසා සිදු කරන මෙම සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා බොහෝ පරිත්‍යාගශීලීහු ඉදිරිපත් වී සිටිති.

 

පොසොන් පසළොස්වක පෝය


පොසොන් පසළොස්වක පෝය ජුනි 27 වන දා බදාදා පූර්ව භාග 08.15 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.25 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි 27 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජූලි 06 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]