UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

විශ්‍රාමික රාජ්‍ය නිලධාරිණියක වන කේ.වී. දිසානායක මහත්මියගේ වකුගඩු අක්‍රීය වීම නිසා දැනට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙන් ප්‍රතිකාර ගනිමින් සිටින බැවින් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඇයට වකුගඩුවක් බද්ධ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කර ඇති බවත් කියයි. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් දුරකථන 0112925709 සහ 0776350494 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

කඩවත මහර නුගේගොඩ නො. 23/ඒ සාරා සිරාජුඩීන් මහත්මිය වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඇය සුවපත් කිරීම සඳහා “ඒ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් අපේක්ෂා කෙරේ. එම ලේ වර්ගයට අයත් වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 071 1626574 දුරකතන අංකයෙන් විමසන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

84/10, හිඟුරල, පුවක්පිටිය පදිංචි කේ.එම්. සමන් කුමාර (අවු. 29) මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් මහතා විසින් දැනුම් දී ඇති බව කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලී අයෙකුගෙන් “බී පොසිටිව් හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අපේක්ෂා කෙරේ. පරිත්‍යාගශීලී අය සිටී නම් පහත අංකය අමතන්න. අනුෂ්ක මලිත් 071 7275001, කේ.එම්. සමන් කුමාර 071 1390297, එම්.එම්. පියල් නවරත්න 071 6590878 වේ.

****

ඩී.වී. පතිරණ වන දියණියට හදවත් ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බැවින් උදව් කිරීමට කැමැති අයෙක් ඇත්නම් කොමර්ෂල් බැංකුව 8290015138 තලංගම සුභද්‍රා සිල්මාතාව යන ගිණුම් අංකයට හැකි පමණින් මුදලින් ආධාර කරන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

පානදුර ගොරකපොළ 31/5 ගුණසේන මාවතෙහි පදිංචි වයි.එස්. එච්.ඩී. සිල්වා මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඔහු සුවපත් කිරීමට “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙකු වෙතොත් 071 7391603 හෝ 071 910 7161 දුරකථන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

පල්ලේමැදගොඩ කිරින්ද පට්ටියගෙදර පදිංචි කේ.කේ. නිශාන්ත බණ්ඩාර නමැති අය වකුගඩු රෝගයට ගොදුරු වී ඇති අතර වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව ද කියයි. දැනට වකුගඩු ලේ පිරිසුදු කිරීමද සිදු කරන අතර සමෘද්ධි සහනාධාරයද වකුගඩු ආධාරයද ලැබෙන බවද කියයි. දෙදරු පියෙකු වන ඔහුට ස්ථිර ආදායම් මාර්ග නොමැති බවද කියයි. පරිත්‍යාගශීලීන්ගේ ආධාර වකුගඩු සැත්කම සඳහා අපේක්ෂා කෙරේ.

****

වයස අවුරුදු 42 වන අයෙකුගේ වකුගඩු දෙකම අක්‍රියවීම නිසා ඕ පොසිටිව් හෝ බී පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින්ම අවශ්‍ය බව කියයි.

පරිත්‍යාගශීලි අයෙක් අමතන්නැයි ඉල්ලීමක් කෙරේ.

0715794115,0712649715 දුරකතන අංක වේ.

****

84/10, හිඟුරල, පුවක්පිටිය පදිංචි කේ.එම්. සමන් කුමාර (අවු. 29) මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුෂික ලැනරෝල් මහතා විසින් දැනුම් දී ඇති බව කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලී අයෙකුගෙන් “බී පොසිටිව් හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් අපේක්ෂා කෙරේ. පරිත්‍යාගශීලී අය සිටී නම් පහත අංකය අමතන්න. අනුෂ්ක මලිත් 071 7275001, කේ.එම්. සමන් කුමාර 071 1390297, එම්.එම්. පියල් නවරත්න 071 6590878 වේ.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]