UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආදි කාලයෙහි පටන් පෙරහර සංස්කෘතියෙහි පවතින එක් අරමුණක් නම් කිසියම් කෙනෙකුට හෝ දෙයකට ගෞරව උපහාර පිදීමයි. ඒ වනාහි සිංහල සංස්කෘතියෙහි එක් ලක්ෂණයකි. උපසම්පදාපේක්ෂකව සිටින ඒ ගිහි භවතුන් රාජකුමාර ලීලාවෙන් සිටිනු ඒ ගිහි භවතුන් රාජකුමාර ලීලාවෙන් සළුපිළි අබරණින් සරසා ජටාමඬුල් බැඳ ඇතුන් පිට හිඳුවා , හේවිසි, නැටුම් ගැයුම් සහිතව කරනු ලබන මේ පෙරහර ඉහත සඳහන් කාල සීමාවෙහි මහනුවර සුලභ දර්ශනයකි. එහි පමණක් නොව අනික් නිකායවල උපසම්පදා උත්සව සිදු වන අවස්ථාවන්හි දී ද මෙවැනි මහ පෙරහැර පවත්වති. මහනුවර දී සිදු වන සියම් නිකායික උපසම්පදා උත්සවවල දී ඇතැම් උපසම්පදා අපේක්ෂකයෝ “වාහල නාග” නමින් හඳුන්වා ඔවුන්ට විශේෂ ගෞරවයක් දක්වති. පෙර බෞද්ධ රජුන් විසූ අවධියෙහි රජ වාසල වෙනුවෙන් පරිෂ්කාර සපයා දී සමහරු උපසම්පදා කරන ලදහ. එම අය හැඳීන්වුණේ “වාහල නාඟ’ නමිනි. වර්තමානයෙහි ලංකාවේ බෞද්ධ රජුන් නොමැතත් ඒ පැරැණි සිරිතට අනුව “වාහල නාග” නමින් හැඳීන්වෙන උපසම්පදාපේක්ෂකයෝ දැනුදු සිටිති. මොවුන් සඳහා අවශ්‍ය පරිෂ්කාර සැපයීම දැන් සිදු වන්නේ දළදා මන්දිරයේ දියවඩන නිලමෙතුමාගෙනි. සාමාන්‍ය උපසම්පාදාපේක්ෂකයන්ගේ ඇඳුම් පැළඳුම්වලට වඩා වාහල නාගයන්ගේ ඇඳුම් පැළදුම් විශේෂ තැනක් ගනී. සියම් රජුන්ගේ ඔටුන්නට සමාන ඔටුන්නකින් ඔවුන්ගේ හිස් සරසනු ලැබේ. මෙසේ කරන්නේ සියම් නිකායේ උපසම්පදාව ලැබුණේ සියම් රටින් හෙයින් ඒ රටට ගෞරව කිරීම් වශයෙනි. යථෝක්ත උපසම්පදා මාසය තුළ යෙදෙන පොහොය දින පහට මෙසේ වාහල නාග නාමයෙන් සාමණේරවරුන් පස් දෙනකුට මෙම සුවිශේෂී අවස්ථාව හිමි වේ. ඒ අනුව වසරකට අස්ගිරි පාර්ශවයෙන් වාහල නාග නාමයෙන් හතර දෙනෙකුත් මල්වතු පාර්ශවයෙන් මෙලෙස වාහල නාග නාමයෙන් හතර දෙනෙකුත් උපසම්පදා පෙරහැර පවත්වා උපසම්පදා කෙරේ. ලක්දිව උපසම්පදා විනය කර්ම සහ උපසම්පදා මංගලෝත්සවවලදී අස්ගිරි මල්වතු උභය පාර්ශවයට සුවිශේෂී බවක් හිමිවන අවස්ථාවක් වශයෙන් ද ඉහත දැක්වූ වාහල නාග උපසම්පදාව සැලකේ.

****

හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි වෙසක් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහාරාම ධම්මසාර, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

****

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ අධි පොසොන් පුන් පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 29 දින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. එම ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කුඩා ඇලගමුවේ ඥානසිරි හිමියන් සංවිධානය කරති.

පෝදා පෙරවරු 6.00 අට සිල් සමාදන් වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව මල්වතු මහා විහාර වාසී පුරා විද්‍යා විශේෂවේදී මැද මහනුවර ධම්මසිරි හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය දේශක දහම් සරසවියේ කථිකාචාර්ය විශ්‍රාමික ගුරු උපදේශක ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, 10.30 බුද්ධ පුජාව, දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, 1.00 ධර්ම දේශනාව ආචාර්ය රාජකීය පණ්ඩිත ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කොටියාගල උපරතන හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 2.45 දම්සභා මණ්ඩපය සහභාගීත්වය කථිකාචාර්ය කිරම විමලතිස්ස හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා, 4.00 භාවනා වැඩසටහන මෙහෙය වීම ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය.

****

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන අධි පොසොන් පෝදා ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෙරවරු 06.15 – 07.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම, පලාතොට පඤ්ඤානන්ද හිමි, 07.30 – 09.45 ධර්ම දේශනාව ගම්පහ සිරි සීවලි හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව කළුතර වනරතන හිමි, පස්වරු 01.00 - .02.45 දේශනාව ශේන් බ්ලොක් මහතා, 03.00 – 04.00 ධර්ම දේශනාව උඩුදුම්බර ලංකානන්ද හිමි, 04.45 – 06.00 ධර්ම දේශනාව අඟුණකොළ පැලැස්සේ ඉන්ද්‍රජෝති හිමි,

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, පණ්ඩිත මතුගම සාන්තසිරි හිමි, 8.00 – 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව උඩහමුල්ල පඤ්ඤෝදාරාම වාසී ගෞරව ශාස්ත්‍රවේදී වල්ගම සුමන හිමි 11.00 – 11.15 බුද්ධ පූජාව රුහුණු දනව්වේ මීමලමූර්ති හිමි, නාවල උදිත හිමි, පස්වරු 12.15 – 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 – 12.45 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානි හිමි, ඇරැව්වල සමිත හිමි, 12.45 – 01.45 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 01.45 – 02.45 ධර්ම දේශනාව හෝමාගම පිටිපන දකුණ සීවලී සදහම් සෙවණාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත ගෝනදෙනියේ සීවලී හිමි, 2.45 – 3.45 ධර්ම දේශනාව බොරලැස්ගමුව නාගරුක්ඛාරාමාධිපති මහරගම ප්‍රඥානන්ද පිරිවෙන්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මඩුපොත සරණතිස්ස හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි, 5.00 – 6.00 ධම්ම පදය, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, රාජකීය පණිඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

****

කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ අධි පොසොන් පෝදා පින්කම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. උදෑසන මල් පහන්, ගිලන්පස, පූජාවක්ද අටසිල් සමාදන් කරවීම ද ෂඩ්වර්ණ ශාඨකයක් හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ වැඩමකර කිරිවෙහෙර චෛත්‍යයේ පැළැඳවීම ද සිදු කෙරේ.

උදේ ධර්ම දේශනාව කළුතර සිරිනිවේසාරාමාධිපති කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක මාරපන විජිත නා හිමියන් විසින් විහාරස්ථ ධර්ම ශාලාවේ පවත්වනු ලබන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේදී පැවැත්වේ. පෝදා බත්දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දානශාලාවේ පැවැත්වෙන අතර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඔසුපැන් දන්සලද එම ස්ථානයේ පැවැත්වේ. සවස මහාසේන සිල සමිතියේ මල්පෙරහර කිරිවෙහෙර චෛත්‍ය මළුවේ සිට අෂ්ඨ ඵලරුහ බෝධීන් වහන්සේ වෙත පැමිණ. මල් සහ ගිලන් පස පූජා කර අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධිය භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. සවස ධර්මදේශනාව කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී පැවැත්වේ. කිරිවෙහෙර තුන්වන මළුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවද කතරගම සමථමණ්ඩලය ඔසුපැන් දන්සල ද රාත්‍රියේ දී පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටර්ස්අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය මහාසේන සිල් සමිතිය ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල හා විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.

****

බොරැල්ලේ පුරාණ ගෝතමී මහා විහාරය

පෙරවරු 6.00 ශීල සමාදානය, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව මෙහෙයවීම, කිතුල්වත්ත එෆ්.ආර්. සේනානායකාරාමාධිපති ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්ද තිස්ස හිමි, 8.15 භාවනා මෙහෙයවීම, පණ්ඩිත ඉසුරුගම ධම්මතිලක හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදා දීම, දායකත්වය හසිත දියබලනගේ සහ තිලංග දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව බෞද්ධාලෝක මාවතේ අතුල දස්සනාරාමවාසී රාජකීය පණිඩිත බොරැල්ලේ මංගල හිමි. 11.00 සම්බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මුරුතවෙල සීවලී හිමි, පස්වරු 12.30 සිරිපොද වැස්ස උපදේශන සේවාව මගින් පවත්වනු ලබන දේශනය මෙහෙයවීම අමාත්‍යාංශ හිටපු ලේකම් සීතා රාජපක්ෂ මහත්මිය. 1.30 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දෙණියායේ සිරිනන්ද හිමි, 3.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගතාරේ පඤාසාර හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව පිංකන්දේ සිරිධම්ම හිමි, 5.30 සීල පවාරණය සහ තේ පැන් සංග්‍රහය.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00 – 7.30 සීල සමාදාන අනුශාසනාව අලුත්වෙල ධම්මසති හිමි, 8.15 – 9.30 භාවනාව කඩවත සමින්ද හිමි, 9.30 – 10.45 ධර්ම දේශනාව අලුත්වෙල ධම්මසති හිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව සියඹලාගොඩ ධම්මින්ද හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව පිටකන්දේ ආනන්ද විමල කීර්ති හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය දොඩන්දූවේ සිරිකර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනය ගෝමිබද්දල දමිත හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව.

****

අනුරාධපුරයේ ඓතිහාසික ලංකාරාමය

අනුරාධපුරයේ ඓතිහාසික ලංකාරාමයෙහි සම්බුද්ධ මන්දිරයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. ලංකාරාමාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති නාහිමියන් පවසා සිටින්නේ වර්ග අඩි 3000 කට ආසන්න ප්‍රමාණයක් වන එම සම්බුද්ධ මන්දිරයෙහි පදනම ඉදිකිරීම් මේ වන විටත් සිදුකෙරෙමින් තිබෙන බවයි. ලංකාරාමයේ දාගැබ ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේදී වළගම්බා රජු වශයෙන් ප්‍රසිද්ධ වූ වට්ටගාමිණී අභය මහ රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුන් වහන්සේගෙන් කොටසක්ද බුදුසසුනට පුජා කරන ලද සෝමාදේවියගේ සියලුම ආභරණයන් ද තැන්පත් කර ඇති ඉතා වැදගත් චෛත්‍යයක් බව ද උන්වහන්සේ පවසති. ‘දස දෙසින් පැමිණෙන දේශීය හා විදේශීය බෞද්ධ සැදැහැවතුන්ගේ වන්දනාමාන කිරීමට බුද්ධ මන්දිරයක් නොපැවතීම නිසා එහි අඩුව විශාල වශයෙන් මෙම පූජනීය ස්ථානයට දැනුණි. එදා රජ දවස මෙහි බුද්ධ මන්දිරයක් පැවතුන බවට නටබුන් පැවතුණත් එය කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත්වී ඇතැයි ද. ‘ උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ ලබන වසරේ ජුනි මාසය වන විට මෙම සම්බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් නිම කිරීමට බලාපොරොත්තු වන බවයි. බුද්ධ මන්දිරයක් සාදා නිම කිරීමට දායකවීම අටමහා කුසලයකින් එකක්වන බැවින් සැදැහැවතුන්ට එයට සහභාගිවීමට අවස්ථාව සලසා දීමට උන්වහන්සේ සභාපතිත්වය දරණ අනුරාධපුර ලංකාරාම විහාර පුණ්‍යාධාර අරමුදල තීරණය කර ඇති බවයි. අටමස්ථානයකින් එකක ඉදිකිරීමක් සිදු වන්නේ ඉතාමත් කලාතුරකින් නිසා මෙම සංවර්ධන කටයුත්තට සහභාගිවීමට කෙනෙකුට ලැබෙන්නේ ඉතා අල්ප අවස්ථාවක් යැයිද උන්වහන්සේ පැවසූහ. උන්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ අභ්‍යන්තර නිමාවද ඇතුළුව ඒකක වර්ග අඩියකට රුපියල් 7000 කට ආසන්න මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කර ඇති බවයි. මේ සඳහා පරිත්‍යාග කිරීමට කැමැති සැදැහැවතුන්ට දුරකතන අංක 0252221884 හෝ 0777855399 වෙත ඇමතුමක් දිය හැකි බවද කියයි. සම්පත් බැංකුවේ අනුරාධපුර සුපිරි ශාඛාවේ ගිණුම් අංක 102161003162 ආධාර ලබාදිය හැකි බවද කියයි.

****

කඩවත සමාධි මැදුර

කඩවත සමාධි මැදුරේ දී (පොලිසිය ඉදිරි පිට) විශේෂ භාවනා වැඩසටහන මැයි 27 ඉරුදින පස්වරු 6.30 – 8.30 දක්වා පයාගල නන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 9.00 – 11.00 දක්වා පැවැත්වෙන භාවනා වැඩසටහනේ දී භාවනා පිළිබඳ උපදෙස් ඇතුළත් ධර්ම සාකච්ඡාවකි.

අධි පොසොන් පොහෝ දින දවස පුරා සීල භාවනා වැඩසටහනකි. 8.00 – 9.00 නිකපොත සුමිත්ත හිමියන්ගේ දම් දෙසුම, 9.00 – 11.15 දක්වා භාවනා පිළිඳ වූ ධර්මදේශනය ඉරියාපථ භාවනාව, ආනාපානසති භාවනාව. 1.00 – 4.30 සූත්‍ර පිටකයේ සූත්‍ර ධර්මයක් ඇසුරෙන් සිදු කරන ධර්ම සාකච්ඡාව හා නිහඬ භාවනාව ධම්ම පදයෙන් කොටසක්, 5.00 – 6.00 බුද්ධ වන්දනාව සමඟ සෙත් පිරිත පුණ්‍යානුමෝදනාව.

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතන තරුණ සීල සමාදාන පින්කම

අධි පොසොන් පුර පසළොස්වක පෝය වැඩසටහන මෙසේ ය. පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ කොලොන්නාවේ කල්‍යාණ හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මාතර මහින්ද හිමි, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පරපාමුල්ලේ සිරි විමලසිරි හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි,

****

කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහාවිහාරස්ථානයේදී මෙම පසළොස්වක පොහෝදා, ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසිකා, උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව ශ්‍රී ජයශේඛරාරාමවාසි, ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි 9.15 – 10.15 ධර්ම දේශනය, උඩපේරුවේ සුමන හිමි, 10.30 – 11.00 දවල් අටවිසි පූජාව හා දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි පස්වරු 12.15 – 12.45 සෙත්පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛාරාරාමවාසි ස්වාමීන්වහන්සේ 1.00 – 2.00 මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නා හිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 ධර්ම දේශනය, වේළුවනාරාමවාසි ඉඳුරුහේනේ ධම්මවිලාසි හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය, බොරැල්ලේ ශ්‍රී ලංකාරාම මහා විහාරවාසී උණුවතුර බුබුලේ පියදස්සී හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නා හිමි, 6.45 – 7.45 සවස ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00 – 9.00 ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයක්)

****

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 5.45 ක්ෂීරපායාස බුද්ධ පූජාව, 6.00 සීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 9.00 – 9.30 භාවනාව, 9.30 – 10.30 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 10.30 – 11 .00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 පුණ්‍යානුමෝදනාව සහ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව 1.00 – 2.00 ධර්ම දේශනාව ලේනව මංගල හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ගලිගමුවේ ඥානදීප හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව මහකෙළියේ ලොකුස්වාමින් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 5.00 කරණීයමෙත්ත සූත්‍රය සමඟ සිල් පවාරණය, 6.00 ඖෂධ 108 යුක්ත සම්බුද්ධ පූජාව.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී මෙම පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පුජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පුජාවක් දිගන සුගතවංශ හිමියන් විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම දිගන සුගතවංශ හිමි, 10.00 දහම් දෙසුම 10.00 – 11.00 දහම් දෙසුම ගැමුණුපුර සෝමවංශ හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 දහම් දෙසුම පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී මීතලාවේ විනීත හිමි, 2.15 – 3.00 ධම්ම පදය, 3.00 – 5.00 භාවනා වැඩසටහන ගල්නෑවේ සුගතවිහාරි හිමි, සවස 6.00 සිට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පුජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදී දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.

****

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධම්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ‘ශාසන කීර්ති ශ්‍රී’ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පුර පොහෝ දින වැඩසටහන සිදු කරනු ලැබේ. අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර ද පෙරවරු 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නා හිමි, 8.30 – 9.15 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 9.15 – 9.45 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි 10.00 – 10.45 ජාතක කථා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 2.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.30 – 3.00 ධර්ම දේශනය වඳුරඹ ඤාණලංකාර හිමි, 3.15 – 4.00 භාවනාව දම්පහළ ඤාණරතන නා හිමි, 4.00 – 5.00 මහාසමය සූත්‍ර දේශනාව සහිත පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන්වහන්සේලා, 5.00 සිල් පවාරණය සිදු කිරීම, 6.30 – 7.30 අටවිසි ගිලන්පස බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි. බුදුසරණ පුවත්පත, ධර්මදානය පිණිස බෙදා දීමේ දායකත්වය, මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.

****

නාවින්නේ ලේ දන්දීමේ පින්කමක් 1 වන දා

උතුම් තෙමඟුල සිහිකරනු වස් වෙසක් පුන් පොහොය සහ පොසොන් පොහොය නිමිති කොට ගෙන ඊට සමගාමීව මහරගම අපේක්ෂා (පිළිකා) රෝහලේ නේවාසික රෝගීන් වෙත, ලේ දන්දීමේ පුණ්‍ය කර්මයක් ජූනි මස 1 වන සිකුරාදා දින පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා නාවින්න වෙල්යාය පාරේ එක්සත් සුභසාධක සමිති ශාලාවේ දී පැවැත්වේ.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]