UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියවස සමරන මාලේවන ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසලෙන් දීප ව්‍යාප්ත රචනා තරගයක්

සියවස සමරන මාලේවන ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසලෙන් දීප ව්‍යාප්ත රචනා තරගයක්

බේරුවල කුරුඳුවත්ත මාලේවන ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසල ආරම්භ කොට මෙම වර්ෂයට සියවසකි. ඒ නිමිත්තෙන් දහම් පාසලේ ප්‍රධාන අනුශාසක, මාලේවන විහාර ගණයේ අධිපති, ආයුර්වේද වෛද්‍ය මාලේවන සෝභිත හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් හා උත්සව මාලාවක් සංවිධානය කර ඇත. ඒ අතර සමස්ත ලංකා ගද්‍ය රචනා තරගාවලිය ද වේ. ශ්‍රී ශෛලබිම්බාරාමයේ ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගලහා සුජාත හිමියන්ගේ මෙහෙයවීමෙන් එය පැවැත්වේ. එහි විස්තර මෙසේ ය.

ශ්‍රී පඤ්ඤානන්දාභිමානි ශතාබ්දය සමස්ත ලංකා ගද්‍ය රචනා තරගාවලිය පොදු කොන්දේසි

මෙම තරගය කනිෂ්ට හා ජ්‍යෙෂ්ඨ වශයෙන් අංශ දෙකක් යටතේ පැවැත්වේ. වයස අවුරුදු 11, 12, 13, 14 (6, 7, 8, 9 ශ්‍රේණි) කණිෂ්ට අංශයට අයත් වන අතර වයස අවුරුදු 15, 16, 17, 18 (10, ද,පා. අවසාන හා ධර්මාචාර්ය ශ්‍රේණි) ජ්‍යෙෂ්ඨ අංශයට අයත් වේ. (ඉහත වයස් සීමාවන් 2018.07.01 දින වන විට නොඉක්මවා තිබිය යුතු ය)

මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වන සෑම තරගකරුවෙකුම ස්වනිර්මාණයන් පමණක් ඉදිරිපත් කළ යුතු අතර තම අත් අකුරින් රචනාව ඉදිරිපත් කළ යුතු ය. ඒ සඳහා තනි තීරු සහිත කඩදාසියේ එක් පැත්තක් පමණක් භාවිත කළ යුතු ය. සෑම තරගකරුවකුම තම නිර්මාණය සමඟ තමන්ගේ අනන්‍යතාව තහවුරු වන පරිදි තමන් විසින් සකසා ගත් අයදුම් පත්‍රය (නම, ලිපිනය, වයස, දහම් පාසල, උපන් දිනය, අංශය, දුරකථන අංකය, තොරතුරු සත්‍ය බවට දහම් පාසල් ප්‍රධානාචාර්යවරයාගේ සහතිකය) සමඟ උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක් අමුණා එවිය යුතු ය.

තරගකරුවෙකුට හෝ තරගකාරියකට තරග කොන්දේසිවලට යටත්ව එක් මාතෘකාවක් යටතේ ඉදිරිපත් කළ හැක්කේ එක් රචනාවක් පමණි.

කනිෂ්ඨ අංශයේ ගද්‍ය රචනාව සඳහා වචන 500 – 1000 ත් අතර ද ජ්‍යෙෂ්ඨ අංශයේ ගද්‍ය රචනාව වචන 1000 – 1500 ත් අතර ද විය යුතු ය. මෙම තරගාවලියෙන් ජයග්‍රහණය කරන ජයග්‍රාහයකයින් සඳහා ත්‍යාග හා සහතිකපත් පිරිනමනු ලැබේ.

ඉහත කොන්දේසිවලට අදාළව තම නිර්මාණය 2018.06.10 වන ඉරිදාට පෙර ‘ශ්‍රී පඤ්ඤානන්දාභිමානි ශතාබ්දය’ ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසල, කුරුඳුවත්ත, බේරුවල යන ලිපිනයට තැපැල් මඟින් යොමු කළ යුතු ය. තම ගද්‍ය රචනාව එවන ලියුම් කවරයේ වම් පස ඉහළින් ‘සමස්ත ලංකා ගද්‍ය රචනා තරගාවලිය’ යනුවෙන් සටහන් කළ යුතු ය. වැඩි විස්තර සඳහා 071 8415669 අංකයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

රචනා මාතෘකා (කනිෂ්ට අංශය)

1. පංච ශීලය සුරකින සමාජයක් ගොඩනඟමු

2. දහම් පාසල් අධ්‍යාපනය නංවන්නට නම්

3. ජාතික වීරයින් සිහි කරමු

4. බෞද්ධ උත්සවවල වැදගත්කම

5. සිංහල බෞද්ධ පද්‍ය සාහිත්‍යය

රචනා මාතෘකා (ජ්‍යෙෂ්ඨ අංශය)

1. බොදු ජන ජීවිතය හා බැඳුණු සිරිත් විරිත් අගයමු

2. ජාතික වීරයින් සදා අනුස්මරණය කරමු

3. සොඳුරු මිනිසෙකු නිර්මාණය කරන බෞද්ධ සාහිත්‍ය කලාව

4. බුදු දහමින් පෝෂණය වූ ගෘහ නිර්මාණ ශිල්පය

5. සාරධර්ම සුරැකිමේ වැදගත්කම

6. දහම් පාසල් අධ්‍යාපනය නංවන්නට නම්

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]