UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අතීත සිරිපා වන්දනාව

අතීත සිරිපා වන්දනාව

හැරමිටිපානේ ප්‍රභවය පිළිබඳ අපූරු මතයක් ජනවහරේ පවතී. නිශ්ශංකමල්ල රජු දිනක් තම මෑණියන් සමඟ සිරිපා පද්මය වන්දනා කිරීම ට ගොස් ඇත. ඒ අවස්ථාවේ දී රෑ බෝවී කළුවර වැටුණු නිසා පහනක් දල්වා ඇත. එය නිවෙන්නට යන විට රජු හැරමිටියෙන් පහන මුවා කොට ඇත. එදා සිට එම ස්ථානය හැරමිටිපාන නම් විය.

හැරමිටිපාන, කුඩා මහගිරි දඹය, ආඬිමලතැන්න පසුකර ඉදිරියට යන විට හමුවන්නේ ඇහැළ කණුවයි. මෙම ස්ථානයේ දී බොහෝ විට බැතිමත්හු පන්සිල් අටසිල් සමාදන් වෙති.

ඊළඟට හමුවන්නේ මහගිරිදඹයයි. කන්දේ බෑවුම මෙතැන දී ඉතාමත් දළ ය. මෙම ස්ථානය අහස්ගව්ව යන නමින් ද හැඳින්වේ. ශ්‍රී පාද පද්ම වන්දනාවේ දී තරණය කිරීමට ඇති අපහසුම කොටස ලෙස සැලකේ. මෙම ස්ථානය පොළවේ සිට ඉහළට හරි කෙළින් නැගී සිටින සමන්තකූඨයේ ඉහළ කොටසයි. සාමාන්‍ය කඳුමුදුන්වලට වඩා සුවිශේෂ ආකාරයෙන් මෙම කොටස සැතපුම් සිය ගණනක් වූව ද ඈතට දිස්වේ. අවසාන වශයෙන් හමුවන්නේ දොළොස් මහේ පහන ය.

ඈත අතීතයේ සිරිපා වන්දනාවේ එන බැතිමතුන් මළුවට ආ විගස එහි පවතින අධික ශීතල දරාගන්නට අපහසු බැවින් ගිනිමැලයක් සාදාගෙන ඇත. මෙම කාර්යය පසු කාලයක දී දොළොස් මහේ පහන වශයෙන් පරිවර්තනය වී ඇතැයි ද සැලකේ.

දොළොස් මහේ පහන පිහිටා ඇත්තේ සිරිපා මළුවේ ය. එනම් සිරිපා කඳු මුදුනෙහි ය. ශ්‍රී පාද පද්මය වැඳ පුදාගෙන සමන් දෙවිඳුන්ට පින් පමුණුවන්නේත්, භාරහාර ඔප්පු කරන්නේත් මෙහි දී ය. ශ්‍රී පාද පද්ම සටහන මත සුදු රෙද්දක් එලා, සුවඳ පැන් ඉස, ඒ මත තම නළල තබා දොහොත් මුදුනින් සිරිපා නැමදීම බහුල වශයෙන් සිදුවන පැරැණි වන්දනා ක්‍රමයයි. ඉන් අනතුරුව සමන් දේවාලයට ගොස් භාරහාර ඔප්පු කොට දෙවියන්ට පින් අනුමෝදන් කර දේවාශිර්වාදය ලබා ගනිති.

දොළොස් මහේ පහනට විවිධ ඖෂධීය තෙල් වර්ග දැමීමටත් එයින් බින්ඳු කීපයක් ගෙන තම නළලේ ආලේප කර ගැනීමටත් බොහෝ සැදැහැවතුන් අමතක නො කරන චාරිත්‍රයකි. එසේ ම එම පහනෙන් තෙල් ටිකක් භාජනයකට දමා රැගෙන විත් ළඟ තබා ගැනීමත් බැතිමතුන් අතින් කෙරෙන්නෙකි. මෙම තෙල්වල ලෙඩ රෝග සුව කරන ඖෂධීය බලයක් ඇති බව ඔවුන්ගේ විශ්වාසය බැවිනි.

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]