UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා පුරාණය - 15 : ගෞරවනීයවූත් අතිපූජනීයවූත් දළදා තේවාව හා බැඳී පවතින සාම්ප්‍රදායික සිරිත්

ගෞරවනීයවූත් අතිපූජනීයවූත් දළදා තේවාව හා බැඳී පවතින සාම්ප්‍රදායික සිරිත්

තේවා කටයුතු සිදුකරන ගිහි පින්වතුන් සියලු දෙනාගේ භාරකාරත්වය පැවරී ඇත්තේ දළදා මාලිගාවේ භාරකාර මෙන්ම ප්‍රධානියා වශයෙන් සිටින දියවඩන නිලමේතුමාට ය. එතුමාගේ ප්‍රධාන වගකීම වන්නේ දළදා වහන්සේ ආරක්ෂා කිරීම ය. වාර්ෂිකව සිදුකරනු ලබන ඇසළ මහා පෙරහර සංවිධානය කිරීම , තේවාවන් පිළිබඳ පරිපාලනමය වශයෙන් යොමු වී සිටින නිලධාරීන් මෙන්ම කැපකරුවන් ආදී සියලු දෙනා පත්කිරීම ඔවුන්ගේ සේවාවන් පිළිබඳ පූර්ණ අධීක්ෂණ කටයුතු සොයාබැලීම එතුමාගේ කාර්යභාරය වේ.

එසේම මාලිගාව සතුව පවත්නා සියලු නිශ්චල සහ චංචල දේපළවල පරිපාලනමය වගකීම දැරීම ආදිය ද ඔහුගේ රාජකාරියට අයත් ය. දියවඩන නිලමේවරයා නොමැති අවස්ථාවක දී ඔහු විසින් නම් කරන හෝ වැඩබලන දියවඩන නිලමේවරයාට ඔහු සතු සියලු වගකීම් පැවරේ. නිලධාරීවරුන් මෙන්ම මුලෑදෑනිවරුන් ඔහුගේ යටතට පත්වේ. සෑම කෙනෙක්ම ඔහුගේ නියෝග පිළිපැදීමට බැඳී සිටිය යුතු ය. දියවඩන නිලමේවරයා ළඟට වැඩි කාර්යභාරයක් අයත් වන්නේ කාරියකරවන කෝරාළට ය. දියවඩන නිලමේවරයාගේ පරිපාලන කටයුතුවල දී වගකිව යුතු පුද්ගලයා ඔහු ය. ඇසළ පෙරහරේ දියවඩන නිලමේවරයා ගමන් නොගන්නා අවස්ථාවල දී එහි නියෝජනය කාරියකෝරාළට පැවරේ. උදාරහණයක් වශයෙන් කුඹල් පෙරහරේ දී මුල්් දිනයෙහි දියවඩන නිලමේවරයා පෙරහරේ ගමන් කිරීම සිදුකරන අතර ,බොහෝ අවස්ථාවල දී සෙසු පෙරහර දිනයන්හි කාරියකෝරාළ ගමන් කරනු ලබයි. මුරුතැන් පූජාව මෙන්ම අතිරේක පූජාව හා ගිලන්පස පූජාව ආදී බුද්ධ පූජාවන් සකස්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම ඔහු විසින් සිදුකරනු ලබයි. එසේම තේවාව භාරව වැඩ සිටින සංඝරත්නයට මෙන්ම පුජාව භාරගෙන සිටින පින්වතුන් විසින් පිරිනමන දානමය කටයුතුවල දී වගකීම මොහුට පැවරේ. තේවාභාර නායක හිමියන් විසින් දානය පිරිනැමීම සඳහා යොමුවී සිටින අයට ඒවා වෙන්කිරීෙමි දී කාරියකෝරාළ දැනුවත් කිරීම සිදුකෙරෙන අතර, ඔහු විසින් එම අවශ්‍ය කටයුතු සංවිධාන කිරීම සිදුකරනු ලබයි. එහිදී මාසිකව පැවැත්වෙන මුරුතැන් බුද්ධ පුජාව, ගිලන්පස පූජාව පිළිබඳ මාසයෙන් මාසයට මතක් කිරීම මොහුගේ මූලිකත්වයෙන් සිදුකෙරේ. අලුත් අවුරුදු මංගල්‍ය හා කාර්තික මංගල්‍යය සිදුවන අප්‍රේල් මාසය හා නොවැම්බර් මාසවල දී ඊට අදාළ කටයුතු සම්පාදනය කිරීම ද කාරියකෝරාළගේ වගකීම් අතර වේ. දියවඩන නිලමේවරයා පෙරහරේ ගමන් කරන අවස්ථාවාල දී දළදා පෙරහරේ කරඬුව වඩමවන ඇතා ඉදිරියෙන් ගමන් කිරීමද මොහුට අයත් කාර්යයකි.

මුරුතැන් රාළ ද දළදා මාලිගාවේ සුවිශේෂී පුද්ගලයෙකි. ඔහු බුද්ධ පූජාව, ගිලන්පස පූජාව පිළියෙල කරන මුළුතැන්ගෙය භාරව කටයුතු කරන තැනැත්තා ය. ඔහුගේ අධීක්ෂණය යටතේ සියලු පූජාවන් පිළියෙල කෙරේ. බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් සිදුකෙරෙන පූජාවන් වඩාත් පිරිසුදුව හා ගෞරවයෙන් යුක්තව පිළියෙල කිරීම ඔහුගේ වගකීම ය. ඔහුට ඒ සඳහා ආවතේවා කටයුතු සිදුකරන සහායක පිරිසක් ද වේ. නැකැත්රාළ නමින් හැඳින්වෙන පුද්ගලයා ද දළදා මාලිගාවේ සිටින ගිහි පින්වතෙකි. අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන වේලාවන් අලුත් අවුරුදු සඳහා ඇති සාම්ප්‍රදායික නැකැත් සි්යල්ල සකස්වන්නේ මොහුගේ මූලිකත්වයෙනි. පෙරහර පැවැත්වීමේ දී සතර මහා දේවාලවල, කප් සිටුවීම සිදුකරනු ලබන්නේ නැකැත්රාළ විසින් සාදා දෙනු ලබන වේලාවන්ට අනුව ය. එසේම කුඹල් පෙරහර හා රන්දෝලි පෙරහර ඒ ඒ දිනවල දී වීදි සංචාරය කළ යුතු හා දළදා කරඬුව වැඩමවීම ආදී වේලාවන් මොහු විසින් සකස්කරනු ලබයි.

ආලත්ති අම්මලා යනුවෙන් පෙනී සිටින කාන්තාවන් දෙදෙනාද , දළදා තේවාව හා සම්බන්ධ දෙදෙනෙකි. ඒ අයගේ රාජකාරිය හැඳින්වෙන්නේ ආලත්තිබෑම යනුවෙනි. ආලත්තිබෑම යනුවෙන් හඳුන්වනු ලබන්නේ සෑම බදාදා දිනකම පැවැත්වෙන නානුමුර මංගල්‍යය සිදුකෙරෙන අවස්ථාෙවි දී පහන් දල්වා දළදා වහන්සේ වැඩසිටින කුටියට ඇතුළු වන ප්‍රධාන දොරටුව දෙපැත්තේ පහන් දල්වාගෙන එක්තරා ලතාවකට අනුව සෙත්ශාන්ති කවි කියමින් බුදුගුණ ගායනා කිරීමයි. පසළොස්වක පොහොය දිනයන්හ ි දී ද එම ක්‍රියාව සිදුකරනු ලැබේ.

කවිකාර මඩුව නමින් සිටින පිරිසත් නානුමුර මංගල්‍යය පැවැත්වෙන දිනවලදී හා පසළොස්වක පොහොය දිනයන්හි බුදුගුණ ගායනා කරයි. ඔවුහු පාරම්පරිකව එම කාර්ය සඳහා යොමු වී සිටිති. ඒ සඳහා උඩමාලයේ වෙනම ස්ථානයක් ද වෙන් වී තිබේ. හඳුන්කුඩම යනුවෙන් හැඳින්වෙන ස්ථානයට දකුණු පසින් පිහිටා ඇත. ඔවුන් එහි වාඩි වී තාලම්පට ්හා ගිගිරි වළලු තාලයකට අනුව නාද කරමින් බුදුගුණ ගායනා කිරීම සිදුකරයි. පොහොය හා නානුමුරු මංගල්‍යය පැවැත්වෙන දිනවලදී කෙටි ෙවිලාවක් බුදුගුණ ගායනා කිරීම සිදුකෙරුණ ද, දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවන් තුළ දී , නොකඩවා බුදුගුණ ගායනා කිරීම මොවුන් ගේ වගකීමකි. පෙරහර කරඬුව වඩම්මන අවස්ථාවල දී බුදුගුණ ගයමින් ඉදිරියෙන් ගමන් කිරීම ද කවිකාර මඩුෙවි වගකීමකි.


ශ්‍රී දළදා පුරාණය - 14 : ගෞරවනීයවූත් පූජනීයවූත් දළදා තේවාව හා බැඳුනු ගිහි පින්වතුන්

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]