UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනක වෙත්තසිංහ ලියූ නිවී සැනසිණි රේරුකානේ මහා නාහිමි ග්‍රන්ථය දොරට වැඩුම 25 දා

බුදුසරණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයකු වශයෙන් සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදී ජනක වෙත්තසිංහ විසින් ‘සසුනඹරේ සුපුන් සඳක්’ විශේෂාංගය යටතේ බුදුසරණ පුවත්පතට ලියූ ලිපිපෙළ ඇසුරෙන් සම්පාදිත ‘නිවී සැනසිණි රේරුකානේ මහා නා හිමි’ කෘතිය මේ මස 25 වන දා සවස 3.30 ට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී එළි දැක්වෙයි. කෝට්ටේ කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමිපාණන් වහන්සේ මුලසුන හොබවන උත්සවයේ ප්‍රධාන දේශනය මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින් පවත්වනු ලබයි. කොටපොල අමරකිත්ති, මහාචාර්ය අගලකඩ සිරිසුමන , මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, වහුමුවේ විජයවංශ, හෑගොඩ විපස්සී නාහිමිපාණන් වහන්සේලාගේ දෙසුම් ද පවත්වනු ලබන උත්සවයේ දී නිවී සැනසිණි රේරුකානේ මහා නාහිමි කෘතිය පුදනු ලබන්නේ පොකුණුවිට විනයාලංකාරාරාමාධිපති, කිරිඔරුවේ ධම්මානන්ද නා හිමියන් වෙත ය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නිවන් මඟෙහි පළමු පියවර...

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ගැඹුරු ධර්මය පුහුදුන් සත්වය ට අවබෝධ කර ගැනීම අපහසු කාර්යයකි. අ.නි. අනුරුද්ධ සූත්‍රයෙහි සඳහන් පරිදි බුදු දහමෙන් ප්‍රයෝජනය ලැබිය හැක්කේ නුවණ ඇති අයට ය. මේ ධර්මය නුවණ නැති අයට නොව නුවණ ඇති අයටය. යන පාඨයෙන් ඒ බව තහවුරු වේ. දහම අවබෝධ කර ගැනීමට අපහසු බැවින් එය දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ පසුභට වූ අවස්ථාවක සහම්පති බ්‍රහ්මයා ආරාධනා කරන්නේ මෙම ධර්මය අවබෝධ කර ගැනීමට සුදුසු නුවණැත්තවුන් මෙම ලෝකය තුළ ඇති බැවින් දේශනා කරන ලෙසට ය. බුදු දහම ගැඹුරු වුව ද, සියල්ලෝ ම නුවණින් මුහුකුරා නො ගිය වුව ද, එම උතුම් බුදු දහම ක්‍රමක්‍රමයෙන් අවබෝධ කර ගැනීමට ද අවස්ථාවක් ඇති බව බුදුදහම තුළින්ම අනාවරණය වේ. බුදුදහම ප්‍රඥා වත්තයින්ට වුව ද, ශ්‍රද්ධාව බුදු දහම වැළඳ ගැනීමේ මූලික පියවර වනු ඇත.

ඉතිරිය»

ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ කුලියාපිටිය දුරුතු මහා පෙරහර

දුරුතු මහා පෙරහර 26 වනදා

මීට සියවසකට පමණ පෙරාතුව මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී මාහිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානය ආරම්භ කිරීමෙහිලා පුරෝගාමී වූහ. අනතුරුව විවිධ සමිති සමාගම් පිහිටුවා ගනිමින් උන්වහන්සේ ගෙන ගිය දුරදර්ශි ක්‍රියාමාර්ගය නිසා විහාරස්ථානයේ දියුණුවත් ප්‍රදේශයේ ආගමික ප්‍රබෝධයත් බෞද්ධ පුනර්ජීවයත් ඇති විය. 1969 දී උන්වහන්සේ අපවත් වීමෙන් පසු විහාරාධිපතීත්වයට පත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය කබලෑවේ පියභාරතී මාහිමිපාණන් වහන්සේ එම ශාසනික සේවාවන් තවදුරටත් වර්ධනය කරමින්, විධිමත් කරමින් ඉදිරියට ගෙන යාමට සමත් විය. මෙහිදී අනුනාහිමියන් 1993 දී සංඝමිත්තා පෙරහර නමින් මුල්ම පෙරහර ආරම්භ කිරීමට පුරෝගාමී විය. ඉන්පසුව වර්ෂවලදී පවත්වාගෙන යාමේ පහසුව සඳහා දුරුතු මාසයේ “කුලියාපිටිය දුරුතු මහා පෙරහර” නමින් පෙරහර සංවිධානය කිරීමට කටයුතු යෙදිණ.

ඉතිරිය»

දැවෙන සිත් නිවාලූ අමා දම් සිසිලස

පසුගිය 31වැනිදා පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේගේ මඟ පෙන්වීමෙන් අමාවතුර මහමෙවුනා භාවනා අසපුවේ ස්වාමින් වහන්සේලා සහ තරුණ පිරිස කාලයකින් දැකගත නොහැකි අපූර් වූ අසිරිමත් පින්කමක් සංවිධානය කොට තිබුණි. ඒ වැලිකඩ බන්ධනාගාරයේ දී සිරකරුවන් වෙනුවෙනි.වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න මහතා පවසන්නේ බන්ධනාගාරය තුළ සිරදඬුවම් විඳින තුන් දහසකට ආසන්න පිරිසක් සිටින බවත්, ඔවුන්ගෙන් දෙසිය පනහකට ආසන්න ප්‍රමාණයක් මරණීය දඬුවම හිමි වූ අය වන බවත් ය.

ඉතිරිය»

කුමාර කාශ්‍යප මාතාවට පිහිට වීම

 

 නවම් පුර අටවක පෝය


 නවම් පුර අටවක පෝය ජනවාරි 24 වන දා බදාදා අපර භාග 04.13 ට ලබයි. 25 බ්‍රහස්පතින්දා අපර භාග 03.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 31 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 24

Full Moonපසෙලාස්වක

ජනවාරි 31

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]