UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩුගම ආශිර්වාද බෝධි පූජාව ජනවාරි 01 වනදා

ගාල්ල – උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරස්ථානයේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව දඹදිව සිට මෙරටට වැඩම කරවා රෝපණය කරනු ලැබූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස වාර්ෂිකව සිදුකරනු ලබන ශ්‍රී මහා බෝධි පූජාව මෙවර ද 2018 ජනවාරි 01 දින රාත්‍රී 7.00 ට පැවැත්වේ. වත්මන් විහාරාධිපති උඩුගම සමිත නා හිමියන්ගේ ආශීර්වාදයෙන් උඩුගම සාරානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් එම කටයුතු සංවිධානය කර ඇත. රටට, ජනතාවට, ත්‍රිවිධ හමුදාවට, රජයට සෙත්පතා නව වසරේ එම පූජාව පැවැත්වේ.

ඉතිරිය»

මිහින්තලා රජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන්

දහම් ගුරු සිසු ඇගයුමට තුටු පඬුරු

 

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර මිහින්තලා ජනපවුර සංවිධානයේ සභාපති මිහින්තලා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා ශ්‍රී රතනසාර දහම් පාසලේ දහම් දරුවන් සහ ගුරු භවතුන් ඇගයීමේ උළෙලක් පසු ගිය දා (03) පැවැත්විණි. එහි දී දහම් පාසල් දරුවන්ට දහම් පාසලට පැමිණීම, මල් ගෙන ඒම, සහ දක්ෂතා දැක්වීම පිළිබඳව ත්‍යාග පිරිනැමුණු අතර, ගුරු භවතුන් ද ඇගයීමට ලක් කළහ. එම දහම් පාසල් දරුවන් සහ ගුරු භවතුන් දිරි ගැන්වීමේ උත්සවය සඳහා සම්පූර්ණ වියදම් මිහින්තලා රජ මහා විහාරාධිපති හිමියන්ට ලැබුණු පිරිකර අලෙවි කර ලැබූ මුදලින් ලබා දී තිබුණි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සැදැහැ මාත්‍රයකින් සුගතියට යා හැකි ද?

යම් කෙනෙක් මා කෙරෙහි සැදැහැ මාත්‍රයක්,   ප්‍රේම මාත්‍රයක් උපදවා ගනිත් ද ඔවුහු සියල්ලෝ සුගතියට යති.” මැදුම් සඟියෙ එන මේ කියමන වෙත සිත යොමු කරන කෙනෙකුට මෙය අදහාගත නොහැකි දෙයක් සේ පෙනී යාමට ඉඩ ඇත. මක් නිසාද ? බුදුන් සරණ ගිය ඕනෑම කෙනෙකුට සැදැහැ මාත්‍රයක් ඇතිකර ගැනීම පහසු යැයි සිතන හෙයිනි. එහෙත් සුගතිගාමීවීම හා දුගතිගාමී වීම පිළිබඳ දේශනාවේ සඳහන් කරුණු සැලකිල්ලට ගැනීමේ දී මේ කියමනේ මතුපිටින් පෙනෙන අරුතට එහා ගිය අරුතක් ඇති බව සිතිය යුතු ය . ජීවිත කාලය තුළ අප වරකට දෙවරකට වැඩියෙන් සැදැහැ ගුණ ඇතිකරගෙන ඇත. වෙසක් පොහෝ දිනටවත් සිල් පේවී ගතකරන දවස තුළ වෙනදාට නැති සොඳුරු බවක් දැනෙයි. වන්දනාවේ ගිය දිනෙක, පින් කමෙක අසිරි සිරිය දකින විට, එහෙමත් නැතිනම් දනක් පිනක් කරන විට මෙහි සඳහන් ශ්‍රද්ධා මාත්‍රය ඇතිවීමට ඉඩ ඇත.

ඉතිරිය»

අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික මහා නිකායේ මූලස්ථාන මහා විහාරය

කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාමය

ජය ශ්‍රී මහා බෝධි අංකුරය රෝපණය කිරීම සහ අටවිසි බුදුකුටි සහිත බෝධි ප්‍රාකාරය විවෘත කිරීම 20 වනදා

කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ බෝම්බුවල නම් පෞරාණික ග්‍රාමයේ සුපිහිටි ශ්‍රී සුබෝධිරාජාරාම මහා විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් සමන්විත ඓතිහාසික වටිනාකමින් යුක්ත සිද්ධස්ථානයකි. එම විහාරස්ථානය වසර 200 කට පමණ ආසන්න ඉතිහාසයකට නෑකම් කියයි.  එහි ඉදිකර ඇති සියලු ගොඩනැගිලි වසර 100 ඉක්මවා ඇත. ඒ අතර විහාර මන්දිරය නුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය ගුරු කොට නිර්මාණය කොට ඇත. තෙමහල් ධර්මශාලා මන්දිරය කළු ගලින් ම නිර්මාණය කර ඇති අතර එය ප්‍රදේශයේ දක්නට ලැබෙන ඉතා විශිෂ්ට නිර්මාණයකි. මෙම විහාරස්ථානය ඓතිහාසික වශයෙන් හා ශාසනික වශයෙන් වැදගත්වීමට ප්‍රධාන හේතුව වන්නේ ශ්‍රී ලංකා අමරපුර නිකායට අයත් අරියවංශ සද්ධම්ම යුත්තික පාර්ශවය 1900 වසරේදී මෙම ස්ථානයේදී ආරම්භ වීමයි.

ඉතිරිය»

බුදුරදුන් රජ්ජුමාලා දාසියට පිහිටවීම

 

උඳුවප් අමාවක පෝය 


උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 17 වන දා ඉරිදා පූර්ව භාග 09.26 ට ලබයි. 18 වන දා සඳුදා අපරභාග 12.00 න් ගෙවේ. 17 වන දා ඉරිදා සිල්.

 

මීළඟ පෝය දුරුතු පුර අටවක දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]