UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සදහම් අරණ

සදහම් අරණ ළමා සමාජයේ ත්‍යාගලාභීන්

දුවේ, පුතේ බුදුසරණ සදහම් අරණට හොඳම නිර්මාණ එවූ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කළ ග්‍රන්ථ අප විසින් ත්‍යාගලාභී දරුවන් වෙත ලබා දුන්නෙමු. ඒ නාම ලේඛනය මෙසේ ය.

ලසඳ ඔෂාන් විජයානන්ද – බලන්ගොඩ, මාවනැල්ල - සුධීරා සිල්මාතාව- අතුරුගිරිය, එල්.රොෂාන් චතුරංග, මත්තක, එම්.මිනෝජ ආදිත්‍ය මෙන්ඩිස්- පානදුර, විදුෂ රන්හිරු ජාසිංහ- කෝට්ටගොඩ, චනිත්මා අබේවර්ධන- මාදින්නාගොඩ, ඇස්.ඇම් සඳුන් ජයනාත්- මොරොන්තොට, රවින්ද්‍යා මධුසරණ- අකුරැස්ස, ගිමාරා සෙනාධි ගුණසේකර -කොළඹ 05, ගෝතමි අමෝද්‍යා- ගණේමුල්ල, කේ.පමුදි සිතුමිණි පෙරේරා – මාලඹේ , කේ. ඉසුරි සිතුමිණි පෙරේරා – මාලඹේ, එච්.එම්. සිව්මාලි නෙත්මි කාව්‍ය – රිකිල්ලගස්ගොඩ, එච්.ඩී. එරන්දි තිලංකා – ගෝවින්න, ආර්.ඒ.බුද්ධි චරිත රණවිර - ඇහැලියගොඩ , ආර්.ඩී.ජී. සිසිනි ඉවන්ති – මොරහේන, කිසාන් රන්සික අමරසිංහ – මොරටුව, එල්.එම්.නිමේෂා සෙව්මිණි – මැල්සිරිපුර, ටී.වී. චානක සම්පත් බණ්ඩාර – ගුන්නැපාන නැගෙනහිර


පොඩි පන්සල – අපේ පන්සල

සුන්දර පෙදෙසක පිහිටිය
බොහෝ අයට සෙත සලසන
යහගුණ දම් මනු පූරණ
පොඩි පන්සල අපේ පන්සල
ළිදෙන් වතුර ඇදල ගන්න
බූමි තෙලුයි දල්වන්නේ
නිවන කැමති අය පමණක්
එන පන්සල අපේ පන්සල
දරුවන්හට පිය සෙනෙහස
නිවන අසල ලොකු හිමි නම
නිවනට දොර ඇර තබනා
පොඩි පන්සල අපෙ පන්සල


වස්සාන සමයේ පුණ්‍ය ක්‍රියා

ඇසළ පොහොයේ සිට වප් පෝය දක්වා ඇති වැසි සහිත කාලය වස්සාන සමය ලෙස හඳුන්වනු ලබයි. එම කාලයේ දී භික්ෂුන්වහන්සේලාට පිණ්ඩපාතය සඳහා වැඩිය නො හැකි නිසා විහාරස්ථානවලට වී වැඩ සිටින හෙයින් දානය සපයනු ලබන්නේ ගිහියන් විසිනි. වස් සමයේ දී ස්වාමීන්වහන්සේලාට දානය පිළිගැන්වීම ඉතාමත් උතුම් පුණ්‍ය ක්‍රියාවකි. එම නිසා අපේ පවුලේ සියලු දෙනාම එක් දිනයක උන්වහන්සේලාට දානය පිළිගැන්වීම කළ යුතු බව තීරණය කළහ.

අප ඉක්මණින් පිරිසුදුව සකසා ගත් දානය විහාරස්ථානය වෙත රැගෙන ගියේ උදෑසන දහයට පමණ ය.

අපි පළමුව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාව තබා ඉන් පසුව දාන ශාලාවට ස්වාමීන් වහන්සේලා වඩමවා ස්වාමින් වහන්සේලාට දානය පිළිගැන් වූයෙමු. අනතුරුව ලොකු හාමුදුරුවන් වහන්සේ අපට හරවත් පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාවක් වදාළහ. පන්සල ඇමද, දාන ශාලාවද පිරිසුදු කර අපි විහාරස්ථානයෙන් පිටව ගියෙමු. එදින අප සියලු දෙනාටම සතුටුදායක සහ පින්බර දිනයක් විය.


මා දුටු අසිරිය

ඇසළ පොහෝ දිනයෙන් ආරම්භ වන වස් කාලය නිමා වන්නේ වප් පොහෝ දිනයෙනි. මෙම කාලය තුළ විහාරස්ථානවල පින්කම් රැසක් පැවැත්වේ. බෝධි පූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා රැසක් ඒ අතර වේ.

වප් පොහෝ දිනයේ සිට ඉල් පොහෝ දින වන තෙක් කාලය තුළ කඨින පින්කම් පැවැත්වේ. එම කාලය චීවර මාසය ලෙස හඳුන්වයි. වස්සාන කාලය තුළ අලංකාර මල් පෙරහර ගමපුරා ගමන් ගනියි.

අපේ ගමේ විහාරස්ථානය තුළ ද විවිධ පින්කම් රාශියක් පැවැත්වුණි. විදුලි ආලෝකයෙන්, කොඩි සැරසිලි වලින් විහාරස්ථානය ඉතා අලංකාර වී තිබුණි. අපිද එම පින්කම්වලට සහභාගි වී බොහෝ පින් රැස්කර ගත්තෙමු.


මනරම් පින්බිම

එක්නැලිගොඩ මහා ශීලව යෝගාශ්‍රමය අපේ විහාරස්ථානය යි. එය පිහිටා තිබෙන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කුරුවිට ප්‍රදේශයේ එක්නැලිගොඩ ග්‍රාමසේවා වසම තුළ ය.

ශී‍්‍ර පාද පද්මයට මුහුණලා පිහිටා ඇති අපේ පන්සල හරිම ලස්සනයි. බෝධිය, විහාර ගෙය දකින සිත සන්සුන් වෙයි. ධර්ම ශාලාව, පන්සල් වත්ත ඉතා පිරිසුදු යි. පියකරු යි.

අපේ පන්සලේ පවත්වනු ලබන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති දහම් පාසලෙහි ළමයින් විශාල සංඛ්‍යාවක් ඉගෙනුම ලබයි. ගුරුවරුන් දරුවන්ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබා දෙයි. එසේම අප පන්සලේ ස්වාමීන් වහන්සේලා හතර නමක් වැඩ සිටින අතර , අපේ පන්සල වගේම දහම් පාසලත් තව තවත් දියුණු වී ගුණ ගරුක දැහැමි දරු පරපුරක් බිහිකිරීමට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරමි.


දසත පැතිරෙන උතුම් ගුණ කඳ

කඳු ගැටයක් මත තිබෙනා අපේ පන්සලයි
කිරි සුදුපාටින් බැබළෙන වෙහෙර වහන්සෙයි
සිලි සිලි ගා පත් සෙලවෙන බෝ මැඩ සිසිලයි
අපේ පන්සලේ අසිරිය තව තව වැඩිවෙයි

සැම දෙන හට කරුණා වෙන් යහමග සලසයි
කහ මල් යායක් සිරිදෙන මහ සඟ රුවනයි
සුදු මල් යායක පිපෙනා මල් ගොඩක් වගෙයි
දහම් පාසලේ දරුවන් හරිම හරි හැඩයි

පුර පෝදා හඳ එළියෙන් පන්සල බැබළෙයි
ඝණ්ඨා හඬ දස අතේම රැව් පිළි රැව් දෙයි
මෙත් කරුණා ගුණ සපිරුණු උවැසි උවැසියොයි
සැමදා සැමවිට බැබළෙන අපේ පන්සලයි


සතර අපාගතවන්නෝ

පරපණ නැසුම මතු භවයේ තිරිසන් ලොව උරුම කලේ
ලෝභ මසුරු තණ්හාවෙන් ගෙවන දිවිය පේ‍්‍රත දැලේ
පාපි සිතුම් කරපින්නා මෝහ වැඩුම අසුර ජලේ
නො මිනිස් ගුණ වඩනා කල පවින් දැවෙන නිරා වලේ


 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා අපරභාග 01.47 ට ලබයි. 4 වනදා සෙනසුරාදා පූර්වභාග 10.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 03 වනදා සිකුරාදා ය.

 
මීළඟ පෝය නොවැම්බර් 10 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]