UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිරයට මඟ කියන පාපී මිතුරන්

නිරයට මඟ කියන පාපී මිතුරන්

ජීවිතය ගමනකි. තනිව යා නොහැකි ගමනකි. සත්වයෙකු ලෙස උපත ලබන සැමට ජීවන ගමන තනිව යා නොහැකි ය. අසීරු ය. මිනිසාටද මෙම නියමය අදාළ ය. මිනිසා සමාජ සත්වයෙකි. නොයෙක් බැ¼දීම්, ඔහු, ඇය පසුපස ලුහුබඳී. මව්පියන්,සහෝදරයින්,අඹුදරුවන් පමණක් නොව මිතුරන්ද ජීවන ගමනේ අත්වැල් සපයන්නන් ය.

බිඳවැටීම්,නැඟිටීම් ඈ සියල්ල අභිමුව ඔබ දිරිමත් කරන්නේ ඔවුන් ය. සතුන්ටද නොයෙක් සමාගම් ඇත. පොදුවේ සියලු ජීවින් උදෙසා බැ¼දීම් රැසකි. මිතුරුදම ඉන් ප්‍රභල වූවකි. ජීවිත ගමනේ මෙලොව මෙන් ම පරලොව සුගතිය උදෙසා මිතුරන්ගෙන් ලැබෙන දායකත්වය සුළුකොට තැකිය නොහැකි ය. බිතු සිතුවම් රූ මෙන් පිටු නොපෑ මිතුරන් හමුවීම භාග්‍යයකි. යහපත් මිතුරන් හමුවීමෙන් ඔබට සැපය ලැබිය හැකි ය. එහෙත් පාපී මිතුරන් ලැබුවොත්, අපාදුක් වි¼දීමට සිදුවනු ඇත. එබැවින් කලණ මිතුරන් සහ පාපී මිතුරන් හඳුනාගෙන දිවිගෙවිය යුතුය. මනසින් උසස් වු නිසාවෙන් මිනිසා යන නම් ලද ඔබට එය අපහසු නොවේ. අවශ්‍ය වනුයේ මනා සිහිනුවණ ය. ජීවිත ගමනේ දී අසත්පුරුෂයන් ඇසුරු නොකළ යුතුය. කළ්‍යාණ මිතුරන් ම ඇසුරු කළ යුතුය.

අසත්පුරුෂ සේවනයෙන් මිනිසා දුගතියට පත්වේ. නිමක් නැති දුක් වි¼දීමට සිදුවේ. වරෙක දී බුදුරාජාණන් වහන්සේගේ දේශනාවක දී කළ්‍යාණ මිතුරු ඇසුරක වටිනාකම කෙබඳු වේදැයි මෙලෙස පැහැදිලි කළ සේක! ‘මහණෙනි! සසරේ සියලු දෙය තීරණය වන්නේ මිතුරන් මතය.’ මිතුරුදම කිසිදිනක පලා යා නොහැකි බැ¼දීමකි. මිනිසෙකු ලෙස උපන් දින සිටම, දෛනික ජීවිතයේ නොයෙක් අවස්ථාවලදී මිතුරන් ඇසුරට සිදුවේ. අවසන ජීවිතයෙන් නික්ම යන මරණ මංචකයේ දී මිතුරන් ද අසළම සිටී. යම් ගැටලුවක් උපන්විට අප එය පළමුව පවසනුයේ මිතුරන්ටය. ගැටලුවට නිසි විසඳුම නොලැබුණ ද ඔවුනගේ පිළිතුරින් සෑහීමට පත්වීමට මිනිසුන් පෙළඹේ. අද පවතින බොහෝ සමාජ ව්‍යසනයන්ට මුලිකම හේතුව අයහපත් මිතුරු ඇසුරයි. ආශ්‍රයෙන් හොඳ මිනිසෙකු වඩාත් නරකම මිනිසෙකු කිරීමටත්, නරකම මිනිසෙකු වඩාත් හොඳ මිනිසෙකු කිරීමත් කළ හැකි ය.

මත් උවදුර අද රටම වෙලාසිටින බරපතළ ගැටලුවකි.

කුඩා පාසල් දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා පිළිලයක් සේ පැතිර ඇත. පසුගිය දිනවල පාසල් ආශ්‍රීතව ලද මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු අනුව මෙවන් විනාශයන් අභිමුව සිටිනුයේ මිතුරන් බව දක්නට ලැබේ. මත්ද්‍රව්‍ය තිබෙන ස්ථාන පෙන්වමින්, මුදල් නොමැතිවිට මුදල් ලබාදෙමින් ව්‍යසනයන්ට මඟ පෙන්වනුයේ අයහපත් මිතුරන් ය. සුරාවට ලොල්වූවන්ට සෙසු පාපකර්මයන් බොහෝ පහසුවෙන් සිදුකළ හැකි ය. සත්ත්ව ඝාතන, මනුෂ්‍ය ඝාතන ඇතුලු නොයෙක් වු සාහසික අපරාධයන් කිරීමට මොවුන් පසුබට වන්නේ නැත. වරදට පවට ඇති ලැදියාව නිසාවෙන් අනිටු ඵල විපාකයන් දකින්නේ නැත. දුටුව ද එය සාධාරණීකරණය කරගැනීමට ද පාපී තැනැත්තන් දක්ෂය. මුදල අභියස අමිල ජීවිතයකට මිලක් නියම කිරීමටද මොවුහු පසුබට නොවෙති. මිතුරන්ගේ මෙහෙයවීමෙන් අයහපත් ව ඉපයු මුදලින් නොයෙක් සැප ලැබුව ද එය නියම සැපයක් නොවේ.

ජයක් ලැබුව ද අවසන ජීවිතයෙන් පැරදේ. අධි සුඛෝපභෝගී ගෙවල්, යානවාහාන ලැබුවද ඵලක් නැත. සැපය තුළ සැඟව ඇත්තේ ගිනිපුලිඟු ය. සොරකම, වැරදි කාමසේවනය ද එවනිම අයහපත් ක්‍රියාවන් ය. නිරයට මඟ කියන පාපී ක්‍රියාවන් ය. බොරුවෙන්,වංචාවෙන් අසරණ ජීවිත විනාශකරනුයේ අයහපත් මිතුරන් ය. බොරු සැපයන් මවාපාමින්, හීන ලෝකයන් මවමින් මිතුරු වෙසින් සිට වරදටම යොමු කරගනිති. අවසන මෙලොව පරලොවද දුක්ම අත්පත්කරගනිති. අසත්පුරුෂ ඇසුරින් ලැබෙන දුක්විපාකයන් එසේ ය. නමුත් සත්පුරුෂ ඇසුරින් සැපතම ලැබිය හැකි ය. මෙලොව මෙන් ම පරලොවද සුවය ලැබිය හැකි ය. දිනෙන් දින ප්‍රඥාාව වර්ධනය කරගත හැකි ය. ජීවිතය දියුණුවෙන් දියුණුවට යාමට ඉන් හැකිවනු ඇත. අවසන ඔබ වටා රැස් වූවන් ද සතුටුවනු ඇත. ලැබු මිනිස්භාවයටද අර්ථයක් ම ලැබෙනු ඇත.

 

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 03 වනදා සිකුරාදා අපරභාග 01.47 ට ලබයි. 4 වනදා සෙනසුරාදා පූර්වභාග 10.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 03 වනදා සිකුරාදා ය.

 
මීළඟ පෝය නොවැම්බර් 10 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]