UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

මල්වතු මහා විහාරය

මහනුවර මල්වතු මහා විහාරයේ කඨින පින්කම මෙම මස 21 සහ 22 යන දිනයන්හි ඓතිහාසික මංගල උපෝෂථාගාරය මුල්කරගෙන පැවැත්වේ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අනුනාහිමිවරුන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන කඨින පින්කම මල්වතු මහා විහාරයීය ශ්‍රී සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ අනුශාසක මල්වතු මහා විහාර කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික,අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යාය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ මූලිකත්වයෙන් හා සංඝරාජ ගුණානුස්මරණ සමිතිය සංඝරාජ කාන්තා සමිතිය සහ සංඝරාජ දහම් පාසලේ මෙහෙයවීමෙන් පැවැත්වේ. 21 වෙනිදා සවස 4.00 කථිකාචාර්ය පණ්ඩිත මාවතගම පේමානන්ද හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාව ද සිරිත් පරිදි කඨින චීවර තුනක් මල් වතු මහා විහාරයේ මංගල උපෝෂතාගාරයටත්, පෝය මලුව විහාරයටත්, මාහිමි නිල ආරාමයටත් පුජා කරන අතර 22 වෙනි දින දවල් ගරුතර මහා සංඝරත්නය හැට නමක් විෂයෙහි පිරිනමනු ලබන සපිරි කර සංඝගත දක්ෂිණාවකි.

අස්ගිරිය ගෙඩිගේ රාජ මහා විහාරය

මහනුවර අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික ගෙඩිගේ රාජ මහාවිහාරයේ (දළදා ගමන් මාළිගාව) කඨින පින්කම මෙම මස 18 සහ 19 යන දිනවලදී අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, ගෙඩිගේ රජමහා විහාරාධිකාරි ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

කොටුගොඩැල්ල රජ මහා විහාරය

මහනුවර, කොටුගොඩැල්ල රජමහ විහාරයේ කඨින පින්කම මෙම මස 20, 21 දිනයන් හි කොටුගොඩැල්ල රජ මහා විහාරාධිපති අමුණුගම රාජගුරු විපස්සී නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරාධිකාරී අමුණුගම ශ්‍රී නිවාස හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ. කඨින, පින්කමේ දායකත්වය දරනු ලබන්නේ ජලාශය පාරේ උපුලිමාලා දිසානායක මහත්මිය ප්‍රධාන පිරිස යි. 20 වනදා සවස 6.30ට ධර්ම දේශනාවකි. 22 වනදා දහවල් මහා සංඝරත්නය හතළිස් නමක් විෂයෙහි පිරිනමනු ලබන කඨින චීවරය සහිත සංඝගත දක්ෂිණාවකි.

බොරලැස්ගමුව

බොරලැස්ගමුව අබේරත්න මාවත ශ්‍රී රත්නාරාමයේ කඨින පින්කම මෙම මස 20, 21 දිනවල දී සිදු කෙරේ. 20 වන දා සර්ව රාත්‍රික පිරිත් දේශනාවක්ද පැවැත්වේ. වෛද්‍ය උපුලි අමරසිරි මහත්මිය සහ පි‍්‍රයන්ත ගුරුගේ මහතාගේ මූලිකත්වයෙන් කඨින චීවර පෙරහර ඇරැඹෙන අතර උදෑසන කඨින චීවර පූජාව සහිත සංඝගත දක්ෂිණාව ද 21 වන දා සවස 5 ට කඨිනානිශංස දේශනාව තල්දෙන අරියවිමල හිමියන් විසින් ඕකේවෙල වජිරවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

අනුරාධපුර සිරි සම්බුද්ධ සීල භාවනා මධ්‍යස්ථානය

සිරි සම්බුද්ධ සීල භාවනා මධ්‍යස්ථානයේ කඨින පින්කම නිමිත්තෙන් 18 වන දා සවස 6.30 ට ගිලන්පස සම්බුද්ධ පූජාව සහ ධර්මානුශාසනාවද, 19 වනදා අලුයම 5.00 ට කඨින පූජා පෙරහර බෞද්ධ මණ්ඩලයේ සිට භාවනා මධ්‍යස්ථානයට පැමිණීමද, උදෑසන 6.00 ට කඨින චීවරය සහිත පූජා භාණ්ඩ සාංඝික කිරීමද, උදෑසන 7.30 ට මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාව සහ සිල් පිරිසට සංග්‍රහ කිරීම ද සිදු කෙරේ.

මහනුවර නාගවිමන කන්දේ විහාරය

මහනුවර නාගවිමන කන්දේ විහාරයේ කඨින පින්කම මෙම මස 27-28 දිනවලදි විහාරාධිපති මල්වතු මහා විහාරයේ කාරක මහා සංඝ සභාවේ කාරක සභික ශාස්ත්‍රව්දි පණ්ඩිත අඹන්වැල්ලේ සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 27 සවස ධර්ම දේශනාවකි. 28 දවල් කඨින චීවරය සහිත මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන සංඝගත දක්ෂිනාවකි.

අස්ගිරිය විජය සුන්දරාරාමය පුරාණ රජමහා විහාරය

මහනුවර අස්ගිරය විජයසුන්දරාරාම පුරාණ රජමහා විහාරයේ කඨින පින්කම මෙම මස 22 සහ 23 දිනවලදී අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික, මොලගොඩ, ධම්මරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අතිපූජ්‍ය අස්ගිරිය මහා නාහිමි අනුනා හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන කඨින චීවර සහිත සංඝගත දක්ෂිණාවකි . ශාස්ත්‍රවේදී මතුරට පඤ්ඤාරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් වැඩසටහන පැවැත්වේ.

කළුතර සිරි නිවාසාරාමය

දකුණු කළුතර පරණ පාරේ සිරිනිවාසාරාම මහා විහාරයේ කඨින පින්කම මෙම 21 සහ 22 දිනවල විහාරාධිපති ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කළුතර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක මාරපන විජිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුකෙරේ.

21 දා සවස 6.30 ට පනාපිටියේ පේමරතන හිමියන් මෙහෙයවන අටවිසි බෝධි පූජාවකි.

22 දා කළුතර දකුණ පරණ පාරේ අනුර කුමාර සිරිවර්ධන මහතාගේ නිවසේ සිට කඨින චීවරය රැගත් පෙරහර ආරම්භවී සිරිනිවාසාරාමයට ගෙවදීමට නියමිතය. මෙදින දවල් ශතාධික මහා සඟරුවන උදෙසා කප්රුක් සහිත මහා සංඝගත දක්ෂිණාවකි.

මහයියාව ශ්‍රී අශෝකාරාමය

මහනුවර මහයියාව ශ්‍රී අශෝකාරාමයේ කඨින පින්කම මෙම මස 19,20,21 දිනවල සිදුකෙරේ. විහාරස්ථ නව බුදුමැදුර , දානශාලාව, විවෘත කිරීමද කඨින පින්කමට සමගාමීව සිදුකෙරේ. පින්කම් මාලාව මල්දෙණියේ ශ්‍රී වජිරජෝති නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරය

මහනුවර ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ කඨින පින්කම විහාරාධිපති උඩරට අමරපුර නිකායේ මධ්‍යම පළාත් ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ ද්විතීය සංඝ නායක සමලේඛකාධිකාරි ශාස්ත්‍රපති යටිනුවර සුමන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මස 21 සහ 22 දිනවලදී පැවැත්වේ.

හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරය

අඹතැන්න හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති උඩරට අමරපුර නිකායේ ශාසනජෝතිකා කාරක සංඝ සභාවේ ද්විතීය සංඝ නායක ශාස්ත්‍රවේදී බටුගොඩ සංකිච්චායන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මස 21 සහ 22 දිනවල දී කඨින පිංකම පැවැත්වේ.

 

වප් මස අමාවක පෝය


වප් මස අමාවක පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.13 ට ලබයි.
20 වනදා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය.


මී ළඟ පෝය ඔක්තෝබර් 27 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]