UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මලලසේකර පදනම ගුණ ජය සතුට පදනමේ දායකත්වයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ සියයක් ඇහැලියගොඩ පරකඩුව ප්‍රදේශයේ තෝරාගත් සැදැහවතුන් සිය දෙනෙකුට පරිත්‍යාග කිරීමේ පින්කමක් වප් පෝදා පරකඩුවේදී පැවැත්විණි. පරකඩුව සුබ සාධක සංගමය එම පින්කම සංවිධානය කෙළේ ය. මලලසේකර පදනමේ අශාන් මලලසේකර ගුණ ජය, සතුට පදනමේ තුෂිල් ගුණසේකර මහත්වරුන්ගේ දායකත්වයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ පරිත්‍යාග කිරීමේ පින්කම සෑම පෝදාකම පැවැත්වෙයි.

 

 

ශ්‍රී ආනන්ද බෝධි විහාරයේ රන්වැට හා සංඝාවාසය විවෘත කිරීම 21 දා

මොරටුව අඟුලාන උඩුමුල්ල ශ්‍රී ආනන්දබෝධි මහා විහාරයෙහි පිහිටි ඓතිහාසික ආනන්ද බෝධිරාජයා වටා ඉදිකරන ලද රන්වැට හා නව භික්ෂු නිවාසය විවෘත කිරීම මේ මස 21 වැනි දින පස්වරු 4 ට සිදු කෙරේ.  කැලණිය රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කොල්ලුපිටියේ ශ්‍රී මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ගේ සුරතින් රන්වැට විවෘත කිරීම ද ,බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවපි‍්‍රය මහතා විසින් නව සංඝාවාසය විවෘත කොට පූජා කිරීමද සිදු කෙරේ. උත්සව සභාවෙහි මුලසුන දරනු ලබන්නේ අත්තුඩාවේ ශ්‍රී පියරතන නා හිමියන් විසිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දර්ශනපති අගලකඩ සිරිසුමන හිමියන් ඇතුළු මහ සඟරුවන ද රාජ්‍ය මුදල් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ඒ.එච්.එම් ෆවුසි යන ඇමතිවරුන් ප්‍රමුඛ මහජන නියෝජිතයින් ඇතුළු සම්භාවනීය පිරිසක් එම අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.

ඉතිරිය»

 

 

වප් මස අමාවක පෝය


වප් මස අමාවක පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.13 ට ලබයි.
20 වනදා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය.


මී ළඟ පෝය ඔක්තෝබර් 27 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]