UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සදහම් අරණ

ළමා සමාජයේ සාමාජිකයෝ

86. ලසඳ ඕෂාන් විජයානන්ද
13 ශ්‍රේණිය
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විදුහල - බලන්ගොඩ

87. එච්.එම්.සිව්මාල් නෙත්මි කාව්‍යා
8 ශ්‍රේණිය,
ශ්‍රී ධර්මෝදය දහම් පාසල - රිකිල්ලගස්කඩ.

88. පී. සන්තුෂ් ධනංජය,
8 ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විදුහල - කොටිකාවත්ත.

89. රවින්ද්‍යා මධුසරණි,
13 ශ්‍රේණිය,
ගොඩපිටිය ජාතික පාසල - අකුරැස්ස .

90. මොකිත බාසිළු ජයරත්න,
1 ශ්‍රේණිය,
ශ්‍රී ගිරිමානන්ද දහම් පාසල – දියගම,

91. ඕ.හිරුදිනි රුහන්සා,
3 ශ්‍රේණිය,
කෙසෙල්හේනාව ප්‍රාථමික විදුහල - ගල්පාත.

92. එම්.ඩී.චමායා දිනෙත්මි,
4 ශ්‍රේණිය,
කණිෂ්ඨ විදුහල – ඇඹිලිපිටිය

93. විනුෂ රන්හිරු ජාසිංහ ,
5 ශ්‍රේණිය,
ශ්‍රී විමලවංස දහම් පාසල – කෝට්ටගොඩ,

94. ඩබ්.ඩී. තිසෙව්නී සමරනායක,
3 ශ්‍රේණිය,
ශ්‍රී නාරද දහම්පාසල - කමෝටුව

95. කේ.ඩබ්. ඉමේෂ් තිවංක
9 ශ්‍රේණිය,
මහින්ද විද්‍යාලය - ගාල්ල

96. කේ.ඩබ්. මියුරු නිම්සර
5 ශ්‍රේණිය,
සිරි සුමන විද්‍යාලය - රත්ගම


උතුම් පින්බිම

වයඹ පළාතේ ඓතිහාසික ඇතුගල්පුරවරයේ පතින්වත්ත ග්‍රාමයේ පිහිටි ශෛලතලාරාම විහාරස්ථානය අපේ පන්සල යි. නිලට නිලේ දිලිසෙන කෙත් යායකින් වට වූ මනහර ශෛලතලාරාම විහාරස්ථානය උතුම් පින්බිමකි. හරිත වර්ණයෙන් දිලිසෙන රන්වන් මහා බෝධිරාජයාණන් වහන්සේ, සුදෝ සුදු වතින් සැරසී මුළු විහාරස්ථානයම අලංකාර කරන චෛත්‍යරාජාණන් වහන්සේ, තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වැඩ සිටින අලංකාර බුදු මැදුර අප පන්සලේ වටිනාකම ලොවට පහදා දෙයි.

අප පන්සල ආලෝකමත් කරන විහාරාධිපති රතනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ පුංචි අපේ ණැන පහන දල්වන්නට මහත් වෙහෙසක් ගනියි. අවමඟුල, මඟුල් ගෙය, නිවසක පවත්වන බෞද්ධ ආගමික උත්සවය සියල්ලටම උදව් කරන ලොකු කුඩා සැමට යහපත, අයහපත කියා දෙමින් නිසි මඟට යොමු කරන අපේ පන්සල මුළු පළාතම ආලෝකමත් කරයි.

ගමේ ජීවත්වන බොදු දරුවන්ට සෑම සතියකම ඉරුදින දහම් දැනුම ලබා ගැනීම සඳහා අප පන්සලේ දහම් පාසලක් පැවැත්වේ. ගමට, රටට, දැයට මෙවන් සේවයක් කරන පන්සල අප හද තුළ ආලෝකමත් වූ මිණි පහනකි.


වැඩිහිටියන්ට සලකමු

අත්දැකුමෙන් අප හැමටම වඩා වැඩියි
අවබෝධය මහ සමුදුර පරදාලයි
ළමා අපට හොඳ ආදර්ශය දෙයි
වැඩිහිටියනි ඔබහට පදවැල් ගැළපෙයි

බසයේ යන එන විටදී
වැඩිහිටියකු සිටගෙන සිටිනා විටදී
හැකි පමණින් සිටිනා අසුනක් ලැබදී
හොඳ ගතිගුණ පැතිරීමක් පෙන්වාදී

වැඩිහිටියන් හට ගරුබුහුමන් කරමු
කීකරු වෙමින් ඔවුනගේ සිත් සනසවමු
ආදර කරුණා ගුණ මහිමය පතුරවමු
මෙය සිහිතබා අප යුතුකම් ඉටු කරමු


අපේ පන්සල

පුත්තලම නගරයේ සිට අනුරාධපුරයට යන මාර්ගයේ කිලෝමීටර් පහක් ගිය විට ප්‍රධාන මාර්ගයට මුහුණලා රමණීය පරිසරයක පිහිටා ඇති ශ්‍රී සුධර්මෝදය විහාරය අපේ ගමේ පන්සලයි. වෙහෙර වහන්සේ, විහාර ගෙය මෙන්ම

බෝධින් වහන්සේ ගේ ආනුභාවයෙන් අපේ පන්සල ඉතා අලංකාරව බැබළේ. දැනට වැඩ වෙසෙන සෝමරතන ස්වාමින් වහන්සේගේ දැහැමි මඟ පෙන්වීම තුළින් අපේ පන්සල සරුසාර පින්බිමක් වී ඇත. එහි ක්‍රියාත්මක සුධර්මෝදය දහම්පාසල බොහෝ සිසු පිරිසකට දහම් අධ්‍යාපනය ලබාදෙයි.

අපගේ පන්සලේ වැඩ වෙසෙන බෝධින් වහන්සේ නිරන්තරයෙන් බොදු දනන්ගෙන් පිදුම් ලබන අතර, අපේ පන්සල මෙන්ම දහම් පාසලද දිනෙන් දින දියුණුවේවායි මම ප්‍රාර්ථනා කරමි.


පින්බර වෙහෙර

උගත්කම මෙන් ම ගුණවත්කම ද අපේ ජීවිතවල තිබිය යුතු ගුණාංග වේ. දරුවන්ට ගුණවතුන් වීමට කිරිබත්කුඹුර අපේ පන්සල විශාල මෙහෙවරක් කරන අතර, එහි ඇති දහම්පාසල අපගේ දහම් දැනුම දියුණු කරයි. පොහෝ දින අටසිල් ගැනීමට පුරුදු කරයි. අපේ නිවෙස්වල පැවැත්වෙන දානමය පින්කම්වලට විහාරස්ථානයෙන් ස්වාමින් වහන්සේලා වැඩම කරති.වෙහෙර බිමෙහි නිතර පිරිත්දේශනා, බෝධිපූජා පවත්වමින් අපට ආශිර්වාදය ලබාදෙයි. කඨින පූජාව සහ සිරිත් විරිත් තුළින් අපේ පන්සල අපට බොහෝ දේ කියාදෙයි. එයින් ලැබෙන පිහිට අප්‍රමාණ ය.



විහාරයේ වැඩ සිටින බුදු සමිඳු

ආර්.ඒ. බුද්ධි චරිත රණවීර
8 ශ්‍රේණිය
ශ්‍රී සුමන පිරිවෙන් විද්‍යායතනය
ඇහැළියගොඩ

සුජාතා සිටු දියණිය කිරි පිඬු පුජා කිරීම

ඒ සිතුම්දි සදෙස්නා
5 ශ්‍රේණිය
ශ්‍රී රාහුල බාලිකා විදුහල
මාළඹේ

 

වප් මස අමාවක පෝය


වප් මස අමාවක පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.13 ට ලබයි.
20 වනදා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය.


මී ළඟ පෝය ඔක්තෝබර් 27 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03

Second Quarterඅව අටවක

නොවැම්බර් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]