UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප් රුක් පූජාව: මෙවර බම්බලපිටිය මහල් නිවාස බෞද්ධ සංගමයෙන්

මිහින්තලා ලේක්හවුස් කප් රුක් පූජාව

මෙවර බම්බලපිටිය මහල් නිවාස බෞද්ධ සංගමයෙන්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් වස්ත්‍ර පූජා පින්කම බිනර පොහෝදා (05) මිහින්තලා පුදබිමේදී සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ පැවැත්විණි. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ජනපවුර සංවිධානයේ සභාපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 2016 පොසොන් පොහෝ දින සිට මාසිකව පුර පසළොස්වක පොහොය දා එම පින්කම සිදුකෙරේ.

වසර 54 ක් සපුරන බම්බලපිටිය මහල් නිවාස බෞද්ධ සංගමයේ පූර්ණ දායකත්වයෙන්, ලේක්හවුස් ආයතනයේ මෙහෙයවීමෙන් මිහින්තලා ලේක්හවුස් 17 වන කප් රුක් වස්ත්‍ර පූජාව බිනර පොහෝ දින මිහින්තලා රජමහා විහාර මහ සෑයට පූජා කිරීම සිදු විය.

එහිදී නාමල්වැව අභයරතන හිමියන් විසින් ආගමික වතාවත් පවත්වා කප්රුක් වස්ත්‍ර පූජා කරන ලදී. එම අවස්ථාවට නාමල්වැව අභයරතන හිමියන් සමඟ මහා සංඝරත්නය තිස්පස් නමක්, සහ බම්බලපිටිය මහල් නිවාස බෞද්ධ සංගමයේ සභාපති නිරෝධ ගමගේ, ලේකම් මධූකා ජීවන්ති, භාණ්ඩාගාරික සුසීමා විජේවික්‍රම යන මහත්ම මහත්මීන් සමඟ එම සංගමයේ කාරක සභිකයින් ඇතුළු සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වූහ.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]