UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය සංකථන උළෙල

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය සංකථන උළෙල

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය සංකථන උළෙල දෙවනවරටත් 2017 සැප්තැම්බර් 14 සහ 15 දෙදින තුළ පැවැත්වේ. විශ්වවිද්‍යාලයේ ගෞරවණීය උපකුලපති ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් සහ ආචාර්ය, ශිෂ්‍ය ද්විපාර්ශ්වයේ සහභාගීත්වයෙන් සංවිධානය කෙරෙන මෙම සාහිත්‍ය සංකථන උත්සවයේ දී විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක අධ්‍යයනාංශ අෂ්ටකයකින් ශිෂ්‍යයන්ගේ සංස්කාරත්වය සහිත ව නිකුත් කෙරෙන විෂයානුබද්ධ ශාස්ත්‍රීය සඟරා අටක් ද, ශාස්ත්‍රීය ලෝකයේ සම්භාවනාවට ලක් ව ඇති විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහ අටක් ද නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙහි ආකර්ෂණීය හා උත්කර්ෂවත් අංගයක් වනුයේ මෙම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ට ඉගෙනීමට අවස්ථාව හිමි වී ඇති ජපන්, කොරියන්, චීන, ප්‍රංශ, දෙමළ, හින්දි භාෂා ෂට්කය අයත් මවු රටවලට ආවේණික ආහාර ප්‍රදර්ශනය යි. එය සැප්තැම්බර් 15 දින පස්වරු 12.00 සිට පැවැත්වේ. එමෙන් ම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නිර්මාතෘවරයාණන් වූ අපවත් වී වදාළ මහාචාර්ය වල්පොල ශ්‍රී රාහුල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුණ සිහිපත් කෙරෙමින් විශේෂ දෙසුමක් ද පැවැත්වෙන අතර, ඉන් පසු මෙම විශ්වවිද්‍යාලයේ නේතෘවරුන් වශයෙන් කටයුතු කොට වර්තමාන තත්ත්වයට පත් වීමට දායක වූ මහෝපාධ්‍යායයන් වහන්සේලා විෂයෙහි උපහාර දැක්වීමක් වශයෙන් විශේෂ තිළිණ ප්‍රදානයක් ද 14 දින පෙරවරු 9.00ට සමාරම්භක උළෙලේ දී සිදු කෙරේ.

බස්නාහිර පළාතේ හෝමාගම කලාපයේ පිහිටි දහම් පාසල්වල පුස්තකාලයන් සඳහා ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයක් සමඟ තවත් අගනා පුස්තක රාශියක් බෙදා දීම ද සැප්තැම්බර් මස 15 දින පස්වරු 3.00ට උත්සවාකාරයෙන් සිදු කෙරේ. මෙම සාහිත්‍ය සංකථන උළෙල ආලෝකවත් කිරීම සඳහා තායිවාන බෞද්ධ දූත පිරිසක් ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හෝමාගම පරිශ්‍රයට සම්ප්‍රාප්ත වීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු ම ය.

සාහිත්‍යයට ළැදි පර්යේෂණයට රුචි බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රය පිළිබඳ වැඩිදුර දැනුමක් සංවාද ආශ්‍රයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන අය මෙම මාහැගි සාහිත්‍ය සංකථන උළෙල ශෝභාවත් කිරීමට පැමිණෙත්වා!.

 

බිනර අව අටවක පෝය


බිනර අව අටවක පෝය සැප්තැම්බර් 13 වනදා බදාදා පූර්ව භාග 01.01 ට ලබයි.එම දා අපරභාග 10.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 13 වනදා බදාදා ය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 19 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19

First Quarterපුර අටවක

සැප්තැම්බර් 28

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 05


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]