UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෝදා පෙරවරු 06.00 -06.30 සීලසමාදානය ශ්‍රී කල්‍යාණිරාජ මහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි. 06.30-07.00 උදෑසන බුද්ධ පූජාව 08.00-09.00 භාවනා වැඩසටහන ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00-10.00 ධර්මදේශනාව දළුගම සමිතඥාන හිමි, 10.00-11.00 ධම්ම පදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙර් නාරද හිමි, 11.00-11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසි, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15-02.00 සීල භාවනා සමිතිය 02.00-03.00 වෛද්‍ය දේශනය 3-4, ධර්මදේශනාව උඩුනුවර ඉන්දරතන හිමි, 04.00-05.00 ධර්ම සාකච්ඡාව මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා 05.00-06.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00-07.00 ගිලන්පස බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00-08.00 සන්ධ්‍යා ධර්මදේශනාව කහටවිලවත්තේ පාලිත හිමි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය කළුතර බෝධි පරිශ්‍රයේ දි පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව පෝදා දවස පුරා පැවැත්වේ. පෝදා 06.15-7.15 සිල් සමාදන්කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම , වැලිකළ පඤ්ඤාකර හිමි, 07.30-09.45 භාවනාව මෙහෙයවීම ගම්පහ සීවලී හිමි, 10.00-11.30 ධර්ම දේශනය කොබවක ධම්මසීල හිමි, පස්වරු 01.00-02.45 ධර්ම දේශනය මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 03.00-4.30 ධර්ම දේශනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අක්මීමන ධර්මපාල හිමි, 04.45-06.00 ධර්ම දේශනය මහරේ සුමේධ හිමි.


බම්බලපිටියේ සිරි-වජිරාරාමය

පෝදා පෙරවරු 06.00-7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි 08.00-09.30 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත කරපුටුගල රේවත නාහිමි .09.30-11.00 භාවනාව /අනුශාසනාව සහ බුද්ධ පූජාව – සිරිවජිරාරාමවාසී ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි,

පස්වරු 12.15-01.15 සෙත් පිරිත් සිරි වජිරාරාමාධිකාරි හා සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රව්දී කඹුරුගමුවේ මහානාග හිමි, 01.15-02.30 ධර්ම සාකච්ඡාව – සිරි වජිරාරාම දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 03.00-04.00 ධර්මානුශාසනාව – ශාස්ත්‍රපති කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 04.00-05.00 ගිහිදේශනය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගාමිණී රත්නශ්‍රී මහතා 05.00-06.00 ධර්මානුශාසනාව – කැලණිය විශ්වවිද්‍යාලයේ, පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි අංශයේ කථිකාචාර්ය ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 06.00-06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමින් වහන්සේලා


මහරගම සිරිවජිරඤාණ ධර්මායතනය තරුණසීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 6.00-7.00 සිල් සමාදන්කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව උල්ලිඳුවාවේ විනයධම්ම හිමි,8.00-9.00 භාවනාව, වැලිමඩ පසන්නමානස හිමි, 09.00-10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති කොටියාගල සීවලී හිමි, 10.00-11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, පස්වරු 12.25-12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ තලවතුගොඩ විමලධම්ම හිමි 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00-3.00 ගිහි දේශනය සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා 3.00-4.00 ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිධ හිමි, 4.15-5.00 ධම්මපදය – වතුරුගම ධම්මජීව හිමි, 5.00-6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00-6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි,


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී නිකිණි පෝදා පින්කම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන් ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

උදෑසන අටසිල් සමාදන් කරවීම, මල්පහන් ගිලන්පස, කිරිආහාර පූජාව ශබ්ද පූජා මධ්‍යයේ ෂඩ්වර්ණ ශාටකයක් චෛත්‍යයේ පැළඳවීමද සිදුකෙරේ. උදේ ධර්මදේශනාව විහාරස්ථ ධර්මශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේදී පැවැත්වේ.

කිරිවෙහෙර චෛත්‍ය ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දාන ශාලාවේ දී පෝදා බත්දන්සල පැවැත්වෙන අතර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඔසුපැන් දන්සලද එම ස්ථානයේ පැවැත්වේ.

සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට ගොස් බෝධින් වහන්සේ නෑවීමෙන් අනතුරුව බෝධිපුජා පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන් විසින් සිදුකරනු ලැබේ. සවස ධර්ම දේශනාව කිරිවෙහෙර විහාරස්ථ අටවිසි බෝමළුවේදී පැවැත්වේ. කිරිවෙහෙර තුන්වන මළුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවද පැවැත්වේ.

කතරගම බෞද්ධ සංගමය, මහාසේන සිල් සමිතිය විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


ශ්‍රී සම්බෝධි විහාරය

පෝදා පෙරවරු 5.30-6.00 කිරි ආහාර පූජාව බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශී‍්‍ර සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි. 6.00-7.00 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශී‍්‍ර සම්බෝධි විහාරයේ විහාරාධිපති, දරණාගම කුසලධම්ම නාහිමි, 08.00-9.00 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 09.30-10.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස හිමි, 11.00-11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි,

පස්වරු 12.30-2.00 දම්සභා මණ්ඩපය සාකච්ඡාව දරණාගම කුසලධම්ම නාහිමි, හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා, කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා, සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා මෙහෙයවීම, ප්‍රවීණ මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනී මහතා 2.00-3.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි 3.30-4.30 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය බඩල්කුඹුරේ අනුරුද්ධ හිමි, 4.30-5.30 ධර්ම දේශනාව නීතියගම චන්දිම හිමි, 5.30-6.00 මහා ඖෂධ පූජාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරවාසී හාපිටිගම විජිත හිමි


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි නිකිණි පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි ගල්කිස්සේ ධම්මිස්සර, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වතුරගම නන්දසිරි, ඇලපිටිවල නන්දවිමල යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


ඓතිහාසික අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික අනුරාධපුර මහා විහාරයේ නිකිණි පුන්පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේ ගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පෝදා පෙරවරු 06.00 –පස්වරු 06.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේදී පැවැත්වේ. එම ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී පහළතලාවේ සුමනසිරි හිමියන් විසින් සංවිධානය කරනු ලබයි.

පෙරවරු 06.00- අටසිල් සමාදන්වීම, 06.30 බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මහවෙළ රතනපාල හිමි, 09.00 ධර්මදේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 09.15 ගිහිදේශනය ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා 10.30 බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි පස්වරු 1.00 ධර්ම දේශනාව ආචාර්ය කඩිංගල හේමසිරි හිමි 02.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම 02.45 දම්සභා මණ්ඩපය ලාහුගල සුගතඤාණ හිමි, (පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය) රාජකීය පණ්ඩිත කරපික්කඩ සෝභිත හිමි, (ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ ශිෂ්‍ය පාලක) ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා 04.00 භාවනා වැඩසටහන ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි 05.00 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි 05.55 සිල් පවාරණය


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේදී පසළොස්වක පොහෝදා ශීල භාවනා ධර්ම දේශනා මාලාවක්, ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 06.00 -6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි. 7.00-7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි. 8.00-9.00 භාවනාව ශී‍්‍ර ජයශේඛරාරාමවාසී, ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි. 9.15-10.15 ධර්ම දේශනය ශ්‍රී ජයශේඛරාරමාවාසි ගැට්ටුවානේ සුමේධ හිමි. 10.30-11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි. පස්වරු 12.00-12.45 සෙත්පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමින් වහන්සේලා 1.00-2.00 මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15-3.15 ධර්ම දේශනය ශාස්ත්‍රපති කොහුලියද්දේ දේවානන්ද හිමි. 3.30-4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි 4.30-5.30 ධර්ම දේශනය .මරදන්කඩවල සුබෝධි හිමි. 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි. 6.45-7.45 ගිලන්පස පුජාව හා අටවිසි පූජාව රාත්‍රී 8.00-9.00 ට පටිගත කරන ලද ධර්ම දේශනය


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේදී නිකිණි පුන් පොහෝ දින අලුයම 5.30 ට ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූ මහා ශ්‍රාවිකා පුජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 -9.00 දහම්දෙසුම පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර හිමි 9.30-10.30 දහම්දෙසුම ශාස්ත්‍රපති පණ්ඩිත මඩිහේ සුගතසිරි හිමි 11.00 දවල් බුද්ධ පූජාව පස්වරු 12.00 -12.30 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 2.00 දහම් දෙසුම ත්‍රිපිටකාචාර්ය මීතලාවේ විනීත හිමි 3.00-5.00 භාවනා වැඩසටහන අතුරුගිරියේ ධම්මවිහාරි හිමි, සවස 6.00 මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදි දසසිල් මාතාව විසින් පවත්වනු ලැබේ. සුපුරුදු පරිදි මෙම නිකිණි පුර පසළොස්වක පොහොය දිනයෙහිදීද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී පුරාණ විහාරය

ඓතිහාසික පුරාණ ගෝතමී මහා විහාරස්ථානයේදී නිකිණි පුර පොහෝදා සීල සමාදානය ගෝතමී විහාරාධිපති, තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. පෝදා පෙරවරු 6.30 ශීල සමාදානය , සම්බුද්ධ පූජාව හා අනුශාසනාව, තෙල්වත්තේ නන්ද තිස්ස හිමි, 8.15 භාවනාව මෙහෙයවීම රාජකීය පණ්ඩිත පනාවල ධම්මධවජ හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම ,දායකත්වය හසිත දියබලනගේ තිලංක දියබලනගේ සොහොයුරන් 10.00 ධර්ම දේශනාව ,බොරැල්ලේ මංගල හිමි, 11.00 සම්බුද්ධ පුජාව පස්වරු 12.30 සිරිපොද වැස්ස උපදේශන සේවාව මගින් පවත්වනු ලබන දේශනය මෙහෙයවීම මනස කළමනාකරණ වැඩසටහනේ නිර්මාතෘ ජයන්ත රාජවික්‍රම මහතා 1.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත විටියල කවිධජ හිමි, 3.00 ධර්ම දේශනාව 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව පණ්ඩිත ඇතුන්ගම ධම්මජීව හිමි, සීල පවාරණය සහ තේපැන් සංග්‍රහය


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00-7.00 සීල සමාදානය සහ අනුශාසනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00-7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව 8.15-10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00-11.00 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00-11.30 තෙරුවන් වන්දනාව. පස්වරු 12.30-1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00-2.00 ධර්ම දේශනාව, වතුරුගම ධම්මජීව හිමි, 2.00-3.30 ධර්ම සාකච්ඡාව දර්ශනපති මැදවල සරණපාල මාහිමි, 4.00-5.00 ධර්මදේශනය ශාස්ත්‍රපති අළුත්වෙල ධම්මසති හිමි, 5.00-6.00 ධර්ම දේශනය, දොරොව්වේ ඤාණරතන නාහිමි රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව– කටුබැද්ද තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, පොහෝ දින වැඩසටහන පැවැත්වේ.

පෙරවරු 6.30 -7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන්කරවීම , සම්බුද්ධ පූජාව හා කෙටිඅනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30-9.30 ධර්ම දේශනය පානදුරේ සමිතනන්ද හිමි, 9.45-10.45 ධර්ම දේශනය, හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 10.15-11.00 භාවනාව දම්පහළ ඤාණරතන නාහිමි 11.00 දවල් සම්බුද්ධ පූජාව පස්වරු 12.30-2.00 ගිහිදේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා 2.00-3.00 ධර්ම දේශනය දම්පහළ ඤාණරතන නාහිමි ,3.15-4.00 ජාතක කථා දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 4.00-5.00 පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන්වහන්සේලා 5.00 සිල් පවාරණය සිදුකිරීම 6.30-7.30 අටවිසි ගිලන්පස බෝධි පූජාව හා පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි

බුදුසරණ පුවත්පත් 100 ක් ධර්මදානය ලෙස බෙදා දීම දායකත්වය :–ඔක්කම්පිටිය බුරුතගොල්ල පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය හා මොරටුව තරුණ බෞද්ධ සමිතිය මගිනි.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 5.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව 6.00 ශීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි.8.00-9.00 ධර්ම දේශනාව කැලණියේ විපුලඥාන හිමි 9.00-9.30 භාවනාව 9.30-10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30-11.00 දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව

පස්වරු 12.30 පුණ්‍යානුමෝදනාව සහ ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව 1.00-2.00 ධර්ම දේශනාව කඩවත සමින්ද හිමි, 2.00-3.00 ධර්ම සාකච්ඡාව මහකෙළියේ ලොකු ස්වාමින් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි 3.30-4.30 ධර්මදේශනාව නාමල්ගමුවේ විජයශීල හිමි, 5.00 සිල් පවාරණය 6.00-6.45 ඖෂධ 108 න් යුක්ත සම්බුද්ධ පුජාව. නුගේගොඩ නාලන්දාරාම මහා විහාරාධිපති තීනියාවල පාලිත නාහිමියන් ගේ අනුශාසනා පරිදි නිකිණි පෝදා (7) “ප්‍රභාස්වර– සිත” යන මැයෙන් විශේෂ දේශනයක් එදින පස්වරු 2 ට එම විහාරස්ථ නව ධර්ම මන්දිරයේදි පැවැත්වේ.

ප්‍රකට බෞද්ධ මනෝවිද්‍යා දේශක, කලාභූෂණ කිවිපති, ධර්මාචාර්ය ඩබ්ලිව්, කේ. සරත් විමලසිරි මහතා දේශනය පවත්වයි. දේශනය අවසානයේදී ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වේ.


සීදුව සුගතාරාමය

සීදුව සුගතාරාමයේදී නිකිණි පෝදා සීල සමාදාන, ධර්ම දේශනා, භාවනා ඇතුළු පින්කම් මාලාවක් දවස පුරා පැවැත්වේ.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]