UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දුක සේ ලැබිය යුතු දුලබ සම්පත් හතර

බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයේ බුද්ධවග්ගයට අයත් ඉහත ගාථා පාඨයෙන් අදහස් වනුයේ මිනිසත් බව ලැබීම දුෂ්කර බව ය. එයට හේතු වන්නේ අංගවිකල භාවයෙන් තොරව පරිපූර්ණ මිනිස් සිරුරක් සහිතව ඉපදීමට බොහෝ පින් අවශ්‍ය බැවිනි. එසේම මිනිසාගේ දිවි පැවැත්ම ද දුක් සහිත වේ. ජීවත් වීම සඳහා වෙහෙස මහන්සි වී ධනය උපයා ගත යුතු ය. එසේ නොමැති නම් මහත් වූ දුක් කරදර මැද ජීවිකාව ගෙන යා යුතු වේ. එම නිසා දිවි පැවැත්ම ද දුෂ්කර වේ. තවද සත්ත්වයාගේ දෙලොව යහපත පිණිස උතුම් ධර්ම ශ්‍රවණය කිරීම ද ඉතා දුර්ලභ කරුණකි. බුදුවරයෙකුගේ උප්පත්තිය ද ඉතා දුර්ලභ වේ. මෙම ගාථාව දේශනා කරන්නට යෙදුනේ ඒරකපත්ත නාගරාජයා මුල් කරගෙන ය. ඒරකපත්ත නාගරාජයා, පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උතුම් මිනිසත්බව ලැබ බුදුසසුනෙහි මහණදම් පිරූවෙකි. එකල උන්වහන්සේ ගඟකින් එතෙර වීමට අඟුලකට නැගීමට තැත් කරද්දී ඒරු අත්තක් අල්ලා ගන්නා ලදී. අඟුල දියත් වෙද්දී අත්තෙන් එක් පතක් කැඩුණි. එසේ පතක් කැඩීමෙන් සුළු ඇවැතක් සිදු විය. ඒ ඇවැතින් මිදීම සඳහා ඇවැත් දෙසීමක් නොකළ හෙයින් අපවත්වන වේලෙහි ඇවැතින් මිදුණු නැති බව සිහිවී පසුතැවිලිව අපවත් වී ඔරුවක් පමණ නාගරාජයෙකුව උපන්හ. මහානුභාව සම්පන්න ඒ නා රජු ඒරකපත්ත නම් විය.

ඉතිරිය»

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]