UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිච්චමල් පූජාව වෙනුවෙන් ඉකුත්දා (29) අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගත්තේය. පළමුව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී ආගමික වතාවත්වල නිරතවූ අතර ජනාධිපතිතුමා රුවන්වැලි මහා සෑය අබියස පැවැති ආගමික වතාවත් සඳහාද එක්විය.අනතුරුව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා පිරිකර පූජා කළේය. පිච්චමල් පුජාව වෙනුවෙන් අනුරපුර පුදබිම වෙත පැමිණ සිටි දහස් සංඛ්‍යාත ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමඟද සුහද කථාබහක නිරතවිය. ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

 

 

ඓතිහාසික යුදඟනාව වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය

ඓතිහාසික යුදඟනාව රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා පෙරහර මංගල්‍යය 17 වැනි වරටත් මෙම අගෝස්තු මස 09 වන දින සිට 13 වන දින දක්වා පුරා දින 05 ක් අලි ඇතුන් සහිත උඩරට පහතරට සහ සබරගමු නර්තනවලින් සමන්විතව පැවැත්වේ.

ඉතිරිය»

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]