UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො. ස උසස් පෙළ විභාගය 2017 : ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ඨාචාරය අභ්‍යාස - 3

අ.පො. ස උසස් පෙළ විභාගය 2017 :

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ඨාචාරය අභ්‍යාස - 3

වඩාත් නිවැරැදි පිළිතුරෙහි අංකය ඉදිරියේ ඇති වරහන් තුළ ලියන්න

භාරතීය කාන්තාව හා භාරත දේශපාලනය ආශි‍්‍රත කෙටි ප්‍රශ්න

1) පැවිදි ගිහි සමාජ දෙකෙහිම කාන්තාවන්ට නිසිතැනදීම අනුමත කරන බුදුදහම මාතෘත්වය ගෞරවනීයත්වයට පත් කළ බව ප්‍රකට වන හොඳම නිදසුන වන්නේ

1.කාන්තාවන්ට බුදුසසුනේ පැවිදි වීමට අවසර දීමය

2.සිය දරුවා මිය යාම නිසා බලවත් සේ දුකට පත් වී සිටි කිසාගෝතමියට පිහිට වීමය

3.මව බ්‍රාහ්මණ නාමයෙන් හැඳින්වීමය

4.ප්‍රජාපතීගෝතමියට අෂ්ටගරු ධර්ම පැනවීමය

5) රාහුල මාතාවට භික්ෂුණී පැවිද්ද ලබාදීමය

2) වෛදික චින්තනය තුළ කාන්තාවට ආගමික, දේශපාලනික ආර්ථික හා සාමාජික වශයෙන් අයිතිවාසිකම් අහිමි වූවා පමණක් නොව ඇය බුද්ධියෙන් හීන සමාජීය වශයෙන් පහත් තැනැත්තියක් ලෙස ද සලකන ලදී. එහෙත් බුදුසමය කාන්තාවට යථෝක්ත සියලු අයිතිවාසිකම් ලබාදී කාන්තාව ද පුරුෂයා මෙන් ප්‍රඥාවන්ත තැනැත්තියක් බව තහවුරු කළේය. මේ බව මනාව ප්‍රකට වන්නේ කවරක් හේතුවෙන්ද?

1.පැවිදි වීමට අවසර ලබා දීමෙනි 2.දහම් ඇසීමට අවසර ලබාදීමෙනි

3 උපසපන් වීමට අවසර ලබාදීමෙනි 4.ධර්මදේශනා කිරීමට අවසර ලබාදීමෙනි 5.තනතුරු ප්‍රදානය කිරීමෙනි

3.)ප්‍රාග් වෛදික හා පශ්චාත් වෛදික යුග වලදී භාරතීය ආගමික ඉතිහාසය තුළ කාන්තාව සම්බන්ධයෙන් විවිධාකාරයෙන් ක්‍රියා කොට තිබේ. අනෙක් යුගවලට සාපේක්ෂව පශ්චාත් වෛදික යුගයේදී කාන්තාව පිළිබඳ අකාරුණිකව කටයුතු කළ ආකාරය ප්‍රකට කෙරෙන සාධකයක් වන්නේ

1.මාතා දෙවඟන පිදීමයි 2.පාර්වතී දෙවඟන පිදීමයි 3.ශක්ති පූජාවයි 4. පති පූජාවයි 5.ජගන්මාතා වන්දනාවයි

4.)වෛදික සමාජය තුළ කාන්තාව සාමාජික වශයෙන් මෙන්ම ආගමික වශයෙන් ද පුරුෂයා හා සමාන වරප්‍රසාද ලැබූ තැනැත්තියක් වූවාය. ඇය චපල අපිරිසුදු බුද්ධියෙන් හීන අධ්‍යාත්මික විමුක්තිය ලද නොහැකි තැනැත්තියක ලෙස සලකන ලදී. කෙසේ නමුත් බුදුසමය තුළ කාන්තාව පූර්ණ නිදහසක් භුක්ති වින්දාය. භික්ෂුණියක, උපාසිකාවක, මවක හා බිරිඳක ලෙස ඈ ලද නිදහස පෙළ දහමින් තහවුරු වේ.

1.උප්පලවණ්ණා 2.ධම්මදින්නාය 3. ඛේමාය 4.ඛුජ්ජුත්තරාය 5.පටාචාරාය

5.)පූර්ව වෛදික යුගයේදී භාරතීය සමාජය තුළ කාන්තාවට ප්‍රමාණවත් ආගමික නිදහසක් හිමිව පැවැති බවට සාධක දැකිය හැකි වුවද බ්‍රාහ්මණ යුගයේදී එම නිදහස මුලුමනින්ම අහිමි වූ බවක් දක්නට ලැබේ. එසේ වුවද බුදුසමයෙන් කාන්තාවන්ට පූර්ණ ආගමික නිදහසක් ප්‍රදානය කොට ඇති බව සනාථ වන්නේ

1.බුදුසසුනේ කාන්තාවන්ට පැවිද්දට ඉඩ ලබාදීමෙනි.

2.නිවසේ ආධිපත්‍යය බිරිඳට ලබාදීමෙනි

3.ස්වාමියාට හා බිරිඳට සාමාජික වශයෙන් සමානව කටයුතු කිරීමට අවකාශ ලබාදීමෙනි.

4.රජුන් පවා තණන මව බෞද්ධ සාහිත්‍ය තුළ උසස් ලෙස අගය කොට තිබීමෙනි.

5.මවක් වශයෙන් කාන්තාව බුදුසමය තුළ පූජනීයත්වයට පත්කොට තිබීමෙනි.

6.)බ්‍රාහ්මණ සම්ප්‍රදායේ බුද්ධකාලීන භාරතීය කාන්තාවන්ගේ සාමාජික, ආර්ථික, දේශපාලනික මෙන්ම ආගමික නිදහසද අහිමි කොට තිබූ බව වෛදික සාහිත්‍ය මෙන්ම බෞද්ධ මූලාශ්‍රයන්ගෙන්ද පැහැදිලි වේ. එහෙත් අධ්‍යාත්මික විමුක්තිය සඳහා ස්ත්‍රීත්වය බාධාවක් නොවන බව බුදුසමයේ පෙන්වා දෙයි. ඒ බව තහවුරු වන්නේ

1.ථේරී ගාථාවල දැක්වෙන භික්ෂුණීන්ගේ ප්‍රකාශ වලිනි

2.මවක් වශයෙන් වන්දනීය තත්ත්වයක් කාන්තාවට හිමිකර දීමෙනි

3.බිරිඳක් වශයෙන් කාන්තාවගේ අයිතිවාසිකම් තහවුරු කර තිබීමෙනි

4.බිරිඳ ස්වාමි පුරුෂයාගේ හොඳම මිතුරිය ලෙස හඳුන්වා දීමෙනි

5.කාන්තාවන් ඒ ඒ තැන්හිදී විචක්ෂණශීලිව ක්‍රියා කරන බව බුදුරදුන් දේශනා කිරීමෙනි

7) කෝසල, මගධ, වත්ස හා අවන්ති යන රාජාණ්ඩු බුද්ධකාලීනව භාරතයේ පැවැති ප්‍රමුඛ රාජ්‍යයන් ලෙස සැලකේ. මෙම රාජ්‍යවලට අයත් ප්‍රසිද්ධ නගර රාශියක් පැවැති බවද බෞද්ධ මූලාශ්‍රයන්හි දැක්වේ. පහත දැක්වෙන නගර අතුරෙන් කෝසල රාජ්‍යයට අයත් නගරයක් වන්නේ

1.රජගහ නුවරය 2.විශාලා මහනුවරය 3.පැලලුප් නුවරය 4.සාකේත නුවරය 5. කුසිනාරා නුවරය

8) බුද්ධකාලීන භාරතය ජනපද දහසයකට බෙදී තිබුණි. මේවායෙන් සමහරක් ගණ තන්ත්‍ර රාජ්‍ය වූ අතර මගධ කෝසල වත්ස්‍ය අවන්ති යන රාජ්‍යයවල රාජාණ්ඩු ක්‍රියාත්මක විය. මෙම රාජාණ්ඩු අතුරෙන් අවන්ති රාජ්‍යයේ බුද්ධකාලීන පාලකයා වූයේ

1.පසේනදී කෝසල රජුය 2.සේනිය බිම්බිසාර රජුය 3.අජාසත්රජුය 4.උදේන රජුය 5.චණ්ඩ පජ්ජෝත රජුය

9) බුද්ධකාලීන භාරතයේ දේශපාලන ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය අතිශයින් සංකීර්ණව පැවතුණි. මෙකල ඇතැම් රාජ්‍ය රාජාණ්ඩු වශයෙන් ක්‍රියාත්මක වූ අතර ඇතැම් ඒවා ගන තන්ත්‍ර ආණ්ඩු වශයෙන් පැවතුණි. මෙසේ පැවැති රාජ්‍ය අතුරෙන් ප්‍රබල රාජ්‍යයක්ව පැවැතියේ

1.මල්ල රාජ්‍යයයි 2.කෝසල රාජ්‍යයයි 3.වජ්ජි රාජ්‍යයයි 4.කාසි රාජ්‍යයයි 5.අවන්ති රාජ්‍යයයි

10) ක්‍රි.පූ. හයවන සියවස වන විට භාරතීය දේශපාලනික වශයෙන් ජනපද දහසයකට බෙදී වෙන් වී පැවැති බවත් ඒවායේ රාජාණ්ඩු හතරක් ද ඝණ තන්ත්‍ර සමූහාණ්ඩු දෙකක්ද පැවති බව සඳහන්වේ. බෞද්ධ සැදැහැවතුන් විසින් දැක වැඳ පුදා සංවේග පහළ කරගත යුතු බුද්ධ චරිතයේ අනුස්මරණීය සිදුවීම් හතරෙන් දෙකක් සිදු වී ඇත්තේ මෙහි එක් රාජ්‍ය සීමාවක් තුළය. එම රාජ්‍ය වන්නේ

1.මගධ රාජ්‍යයයි 2.වජ්ජි රාජ්‍යයයි 3.වත්ස රාජ්‍යයයි 4.මල්ල රාජ්‍යයයි 5.කෝසල රාජ්‍යයයි

11) බුද්ධකාලීන භාරතයේ පැවැති පාලන තන්ත්‍ර පිළිබඳව වඩාත් නිවැරැදි ප්‍රකාශය වන්නේ

1.වෛශාලීය අග නගරය කරගත් වජ්ජි රාජ්‍ය ප්‍රබල රාජාණ්ඩුවකි යන්නයි.

2.රජගහ නුවර අග නගරය කරගත් මගධ රාජ්‍ය ඝණ තන්ත්‍ර පාලනයකි යන්නයි

3.සාවත්තිය අග නගරය කරගත් කොසොල් රාජ්‍ය කුඩා රාජ්‍යයකි යන්නයි.

4.කුසිනාරාව අග නගරය කරගත් මල්ල රාජ්‍ය ඝණ තන්ත්‍ර පාලනයකි යන්නයි

5.උදේනිය අග නගර කර ගත් අවන්ති රාජ්‍ය සමූහාණ්ඩුවකි යන්නය

12) බුද්ධකාලීන භාරතයේ පැවැති සොළොස් මහා ජනපද අතර ඝණ තන්ත්‍රපාලනය ක්‍රියාත්මක වූ ජනපද දෙකක් ලෙස හඳුනාගත හැක්කේ

1.වජ්ජි හා මගධ රාජ්‍යයන්ය 2. වජ්ජි හා කෝසල රාජ්‍යයන්ය 3.වජ්ජි හා මල්ල රාජ්‍යයන්ය 4.වජ්ජි හා කාසි රාජ්‍යයන්ය


පිළිතුරු
1 -3 , 2-5, 3-4, 4-4, 5-1, 6-1, 7-4, 8-5, 9-3, 10-1, 11-4, 12-3

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]