UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යහපත් විවාහයකට යහපත් විවාහයකට පෙර සූදානම

යහපත් විවාහයකට යහපත් විවාහයකට පෙර සූදානම

"දෙදෙනෙකුගේ සුහදතාවය රැකගෙන තමන්ට හුරුපුරුදු නැති අනෙක් ඥාති මිත්‍රාදීන් සමඟ හුරු පුරුදුවෙලා එකට ජීවත් වෙන්න සූදානම්වීම තරමක් අපහසු කාරණාවක්. තමන්ට වැටහීමක් නැති පිරිස සමඟ අලුතෙන් ගනුදෙනු කිරීමට සම්බන්ධතා ගොඩනඟා ගත යුතුවෙයි. ඒ සඳහා විශාල අවබෝධයක් තිබිය යුතුයි."

බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාගේ ගෙදරට වැඩම කළ අවස්ථාවෙහිදී එම නිවසෙන් පිටතට ඇසෙන ඝෝෂාකාරී බවට හේතුව අනේපිඬු සිටුතුමාගෙන් ප්‍රශ්න කළා.බුදුහාමුදුරුවනේ, අපේ ගෙදර පසුගිය දවස්වල විවාහ උත්සවයක් පැවතුණා.

අලුතෙන් ගෙදර කැන්දාගෙන පැමිණි අලුත් මනාලියගේ ශබ්දය තමයි ඇසෙන්නේ. අනේපිඬු සිටුතුමාගේ ලේලිය විශාල ධනස්කන්ධයක් ඇතිව ආඪ්‍ය කුලයක බොහොම සැපට වැඩුණු තැනැත්තියක්. විවාහයක් සිදුවන විට සියලු කාරණා සොයා බලා විවාහ කටයුතු සිදුකිරීම ස්වභාවයක්. මේ දියණියත් බොහොම අපහසුවෙන් සොයා උසස් කුලයකින් කැන්දාගෙන පැමිණි දියණියක් වුණත් මේ දියණියගේ ප්‍රශ්නයක් තිබෙන බව බුදුහාමුදුරුවන්ට අනේපිඬු සිටුතුමා දන්වා සිටියා. එම දියණියට තමාගේ නැන්දම්මා පිළිබඳව මමත්වයක් නැහැ. වැඩිහිටියෙක් බවටවත් සිතන්නේ නැහැ. මාමා සම්බන්ධයෙන්ද වැඩි ගරුසරුවක්, සැළකිල්ලක් නැහැ. තමන්ගේ ස්වාමිපුරුෂයා පිළිබඳවත් මමත්වයක්, දයාවක්, සෙනෙහසක් නැහැ. ඇය ඇයගේ කාර්යයන් පමණක් කරමින් සිටී. අඩුම වශයෙන් ඇය බුදුරජාණන් වහන්සේටවත් ගරුසත්කාරයක් මමත්වයක් ආගමිකත්වයක් නැහැ.බොහෝ සල්ලිකාර පවුල්වල හැදෙන වැඩෙන ඇතැම් පිරිස්වල තත්ත්වය ඒ ආකාරයි. ආහාර පාන පිඟානට නිකම්ම ලැබෙන බවට ඒ අය සිතයි. අම්ම තාත්ත දරුවන්ට අවශ්‍ය දේ කුඩා කල සිටම ලබාදීම නිසා සියල්ල ඉබේටම ලැබෙන බව ඇතැම් දරුවන් සිතයි. මේ දේ හම්බකිරීමට කෙතරම් මහන්සි වෙනවාද, යන කාරණාව ගැන ඔවුන්ට වැටහීමක් නැහැ. එය එක්තරා ආකාරයකින් දෙමවුපියන්ගේ අඩුපාඩුවක්ද දන්නෙත් නැහැ.

කෙසේ වුවත්, තමාගේ නැන්දම්මා, මාමා, ස්වාමිපුරුෂයා කෙරෙහි මමත්වය නැති නිසාම ප්‍රශ්නයක් ඇතිවෙනවා.තමන් ජීවත් වන තමාගේ ගෙදර නේද ?යනුවෙන් සිතා ගෙදර දොර වැඩ කටයුතු කරන ස්වභාවයත් අඩුයි. අමුතුම ගති තිබෙන බවත්, ඒ ශබ්දය එම හේතුව නිසා බවට බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළා.අදහස් අදහස් ගැලපීම අඩුවන විට, අදහස් අන්අයගේ අදහස් සමඟ නොගැලපෙන අය සිටින විට සාමාන්‍යයෙන් එවැනි ගෙදරක ශබ්ද වැඩි වෙයි.

බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාගේ අලුත් ලේලියට කරුණු කාරණා පැහැදිලි කළා. අලුතෙන් කැන්දාගෙන පැමිණි දියණියට ලැබෙන පරිසරය , ඥාාතිමිත්‍රාදීන් , ගෙවල් දොරවල් අලුත් නිසා මේ සඳහා කාලයක් පුහුණු විය යුතුයි. මේ ලෝකයේ ජීවත් වන අයෙකුට විවාහ ජීවිතයක් ගත කරනවා යන කාරණාව තරමක් අපහසු දෙයක් බව බුදුරජාණන් වහන්සේ එම සිටු දියණියට පැහැදිලි කළා.තරමක් ස්වාධීනව ජීවත්ව සිටි, තමනට අවශ්‍ය පරිදි ජීවත් වූ තැනැත්තියක් තවත් අයෙකුට අවශ්‍ය ආකාරයට හැඩගැසීමට පුරුදු විය යුතුයි. තමන්ට සිතුන දෙය කතා කළ තැනැත්තිය අනෙක් පුද්ගලයා ප්‍රකාශ කරන දෙයත් ඇසිය යුතුයි. තමන්ට කැමැති ආකාරයට වැඩ කළ තැනැත්තිය අනෙක් කෙනාගේ ක්‍රියාකලාපයන් අධ්‍යයනය කරන්නට සිදුවෙයි. දෙදෙනෙකුගේ සුහදතාවය රැකගෙන තමන්ට හුරුපුරුදු නැති අනෙක් ඥාති මිත්‍රාදීන් සමඟ හුරු පුරුදුවෙලා එකට ජීවත් වෙන්න සූදානම්වීම තරමක් අපහසු කාරණාවක්. තමන්ට වැටහීමක් නැති පිරිස සමඟ අලුතෙන් ගනුදෙනු කිරීමට සම්බන්ධතා ගොඩනඟා ගත යුතුවෙයි. ඒ සඳහා විශාල අවබෝධයක් තිබිය යුතුයි.

වර්තමාන සමාජයෙහිත් විවාහ වීමට තිබෙන උනන්දුව විවාහය පවත්වාගෙන යාමට නැහැ. බොහෝ දෙනෙක් ඉක්මනින් විවාහ වෙයි. විවාහය වූ ෙවිගයටත් වඩා ෙවිගයෙන් විවාහය කැඩී යයි.විවාහ කැඩී යාමට හේතුව ස්වාමියා හොඳ නැති බව හෝ ස්වාමියාගේ මව හොඳ නැති බව හෝ ස්වාමියාගේ පියා හොඳ නැති බව ප්‍රකාශ කරයි. අපේ සමාජයෙහි අධිකරණයෙන් වැඩිම ප්‍රමාණයක දික්කසාද සඳහා අවසර ඉල්ලා සිටින්නේ මෙම හේතු නිසයි. දික්කසාද වන කසාද අධ්‍යයනය කරන විට දක්නට ලැබෙන කාරණාව නම්, විවාහ වෙලා පළමු හා දෙවන අවුරුදු දෙක තුළ දික්කසාද වීම බහුල බවයි. සියයට අසූවකටත් වැඩි ප්‍රමාණයක් දික්කසාද වීම සිදුවන්නේ විවාහ වූ පළමු අවුරුදු දෙක තුන තුළයි. එම අවුරුදු ගණන පසුකරගෙන ගියහොත් විවාහය කැඩීම සිදුවන්නේ නැහැ. අවුරුදු දහයක් විවාහය රැකගත් අයෙකුගේ විවාහය කැඩීම පිළිබඳව සිතන්නවත් බැහැ. ඒ සඳහා අවබෝධය තිබිය යුතුයි.

බොහෝ වෙලාවට තමන්ට මේ පිළිබඳව හුරුවක් නැති කම එම සිදුවීමට හේතුව වෙයි. එය මනස හා සම්බන්ධ ක්‍රියාදාමයක්. මිනිස්සු සත්තු වගේ නොවෙයි. සත්තු කරන කාරණා ඝෘජුව සිදුකළත් මනුෂ්‍යයා එලෙස කටයුතු නොකරයි. එකක් සිතමින් , තවත් එකක් කියමින් එයට වෙනස්ම දෙයක් කරනු ලබයි. මනුෂ්‍යයෙකු තේරුම් ගන්නවාට වඩා සතෙකු තේරුම් ගැනීම පහසු වෙයි. අපේ පවුල් අතර ඥාතීන් ගේ ප්‍රශ්න බහුලව දක්නට ලැබෙන්නේ එම කාරණාව නිසයි.තේරුම් නොගත් බවත් තේරුම් නොගැනීම නිසා ඥාාතීන්ගේ අඩුපාඩු සොයනවා මිස අප අප තේරුම් නොගැනීම නිසා බවටවත් තේරුම් ගන්නේ නැහැ. එම නිසා සැම විටම අනෙකාගේ වරද අනෙකාගේ අඩුව මතුකිරීමට උත්සාහ කරයි.

අනෙකාගේ අඩුවම දැකීමට හුරුවුණ ඇස්දෙකක් , අනෙකාගේ අඩුවම කතාකරන කටක් , සහ අනෙකාගේ අඩුවම දකින සිතක් පිහිටා තිබෙයි. තවත් පුද්ගලයෙක් දියුණු වුවහොත් අනෙකාගේ සිතට හොඳ නැහැ. පුද්ගලයෙක් යහපත්ව වැඩ කටයුතු කළ හොත් අනෙක් අයගේ සිතට හොඳ නැහැ. අයහපත් සිත අයහපත් වචන ප්‍රකාශ කිරීමට මිනිසා පොළඹවයි.එය අප සියලුදෙනාටම තිබෙන සිත්වල ස්වභාවය වෙයි. තමන් සිතන ආකාරය අනුව තමන්ගේ සිතට සිතිවිලි පැමිණෙන බව තේරුම් ගත යුතුයි.

යම් පුද්ගලයෙක් පිළිබඳව නොමනාපයක් සිතුවහොත් නොමනාප සිතිවිලිම පැමිණෙයි.තමන්ගේ ඥාාතියෙක් පිළිබඳව හෝ තරහක් සිතුවහොත් තරහ සිතිවිලිම සිතට ගලා එයි. බොහෝ දෙනෙක් තමන්ගේ සිතට පැමිණෙන සිතිවිලි නිවැරැදි සිතිවිලි ලෙස සිතීමට පෙළඹෙයි. තමන් සිතූ ආකාරයට තමන්ගේ මනසට සිතිවිලි පැමිණෙයි. ටික වෙලාවක් ගත වූ පසු තමන්ගේ සිතට පැමිණි සිතිවිල්ල නිවැරැදි සිතිවිල්ලක් ලෙස සිතයි. තමන් සිතන දෙය නිවැරැදි බව සිතයි. එම ලෝකය තුළ සිටිමින් එය නිවැරැදි බව පිළිගෙන වෙනත් ලෝකයක සිටින තැනැත්තෙªකුට හෝ තැනැත්තියකට කතා කරයි.

 

බක් අමාවක පෝය

 

බක් අමාවක පෝය අපේ‍්‍රල් 25 වනදා අඟහරුවාදා අපරභාග 09.08 ට ලබයි. 26 වනදා බදාදා අපරභාග 05.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 26 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි මස 03 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]