UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ පුන් පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම බක් මස 10 දින පෙරවරු. 06.00 සිට පස්වරු 6 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේදී පැවැත්වේ. බක් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කුඩා ඇළගමුවේ ඤාණසිරි හිමියෝ සංවිධානය කරති.

පෙරවරු 06.00 අටසිල් සමාදන්වීම, 06.30 බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව දේශකයාණෝ, ආචාර්ය කඩවත්ගම පියරතන හිමි. 09.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම. 09.15 ගිහි දේශනය.

දේශක දර්ශනපති ඉමංක මල්සිරි මහතා .10.30 බුද්ධ පූජාව, දවල් 12.00 ජාතක කතා දේශනාව, භාණක :– රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි. පස්වරු 01.00 ධර්ම දේශනාව දේශකයාණෝ විල්ගමුවේ පියනන්ද හිමි, 02.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය ආචාර්ය වැල්ලගිරියේ සීල සුමන හිමි, ශාස්ත්‍රපති සම්පත් රුවන් බණ්ඩාර මහතා සහ වඩුගේ කරුණාරත්න මහතා 4.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 05.00 බෝධිපූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය, 06.00 නිමාව.

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෝදා පෙරවරු 06.00-06.30 සීලසමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි 08.00-09.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00-10.00 පෙරවරු ධර්මදේශනාව වැලිගේපොල සීලවංශ හිමි, 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය දර්ශනපති ලුණුගම්වෙහෙර් නාරද හිමි 11.00- 11.30 දිවා බුද්ධ පූජා ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15-02.00 සීල භාවනා සමිතිය 02.00-03.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 03.00-04.00 පස්වරු ධර්ම දේශනාව මඩවල ධම්මික ජිනවංශ හිමි, 04.00-05.00 ධර්ම සාකච්ඡාව 05.00-06.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00 -07.00 ගිලන්පස බුද්ධ පූජාව , ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00-08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව සොරබොර කුසලඤාන හිමි.

කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ බක්පොහෝදා පින්කම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති ‘කොබවක දම්මින්ද” නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

පෝ දින උදෑසන උපාසක –උපාසිකාවන් සිල් සමාදන් කරවීම, මල් පහන්, ගිලන්පස, කිරි ආහාර පූජාවන්ද කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කංචුක පූජාවක්ද පැවැත්වේ.

උදය ධර්ම දේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. කිරිවෙහෙර චෛත්‍ය ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දානශාලාවේ පෝදා බත් දන්සල පැවැත්වෙන අතර විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ඔසුපැන් දන්සල ද එම ස්ථානයේ පැවැත්වේ. සවස ධර්ම දේශනාව කිරි වෙහෙර අටවිසි බෝමලුවේද, මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර චෛත්‍යයේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට පැමිණ මල් පහන්, ගිලන්පස පූජා කිරීමෙන් අනතුරුව බෝධි පූජා පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවා භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි ‘තලගල ඤාණින්ද” හිමියන් විසින් පවත්වනු ලැබේ.

කිරිවෙහෙර තුන්වැනි මලුව සමීපයේ පහන් පන්දහසක (5000) ආලෝක පූජාවක්ද, අටවිසි බෝමළුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාවක්ද පැවැත්වේ.

කතරගම බෞද්ධ සංගමය – ගිලාන උපස්ථාන, බෞද්ධ සමිතිය – මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී බක් පෝදා දවස පුරා ආගමික වතාවත් පැවැත්වේ.

පෙරවරු 6.15-7.15 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම නාගොඩ ධම්මවංශ නාහිමි, 7.30-9.45 භාවනා වැඩසටහන මෙහෙයවීම ගම්පහ සිරිසීවලී හිමි, 10-11.30 දහම් දෙසුම නෙළුවේ සුමනවංශ හිමි, පස්වරු 1-2.45 දහම් දෙසුම වාද්දුවේ ධම්මවංශ හිමි. 3-4.30 දහම් දෙසුම කිතලගම නන්දසාර හිමි. 4.45-6 දහම් දෙසුම ලේනව මංගල හිමි. 6.15-7 පානදුරේ අරිය ධම්ම හිමියන් පැවැත්වු බෝධි පූජාව (පටිගත කළ එකකි) 7-8 දහම් දෙසුම කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදි පහන් පූජාව 8.10-10.30 දහම් දෙසුම හා සාකච්ඡාව ගල්කිස්සේ සමාහිත හිමි.

බත්තරමුල්ලේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00-7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00-7.30 තෙරුවන් වන්දනාව, 8.15-10.00 භාවනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00-11.00 ධර්ම දේශනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00-11.30 තෙරුවන් වන්දනාව පස්වරු 12.30-1.00 සූත්‍ර සජ්ඣායනාව,

පස්වරු 1.00-2.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 2.00-3.30 ධර්ම සාකච්ඡාව ලේල්වල මංගල මාහිමි, 4.00-5.00 ධර්මදේශනාව, ශාස්ත්‍රපති පොත්තේවෙල විනීත නාහිමි, 5.00-6.00 ධර්මදේශනය ශාස්ත්‍රපති අළුත්වෙල ධම්මසතී හිමි, රාත්‍රි 7.00 අටවිසි බුද්ධ වන්දනාව .

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව– කටුබැද්ද, තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝ නායක,ශාසන කීර්ති ,ශ්‍රී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් බක් පෝදා දවස පුරා ආගමික වැඩසටහන් පැවැත්වේ. අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර, 6.30-7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන්කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි.

8.30-9.00 ධර්ම දේශනය ඌරුබොක්කේ ඤාණසුබෝධ හිමි, 9.30-10.30 ජාතක කථා දේශනය, දම්පහළ ඤාණසුධීර හිමි, 10.30-11.00 භාවනාව, දම්පහළ ඤාණරතන නාහිමි, 11.15 දවල් සම්බුද්ධ පූජාව පස්වරු 12.30-2.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා 2.00-3.00 ධර්ම දේශනය හපුතලේ ඤාණවිසුද්දි හිමි. 3.00-3.40 සුධර්මා කුළඟන සමිතියේ සාකච්ඡාව

4.00-5.00 මහාසමය සූත්‍ර දේශනාව සහිත මහපිරිත් දේශනය ධර්මායතනවාසී ස්වාමින් වහන්සේලා 5.00 සිල් පවාරණය, සිදු කිරීම, දම්පහළ ඤාණරතන නාහිමි, 6.30-7.30 අෂ්ටපාන සහිත අටවිසි ගිලන්පස බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි.

පස්වරු 12.15 ට ‘බුදුසරණ පුවත්පත’ ධර්මදානයක් ලෙස බෙදාදීම . දායකත්වය :– ඔක්කම්පිටිය බුරුතගොල්ල පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය සහ මොරටුව තරුණ බෞද්ධ සමිතිය මඟිනි.

බම්බලපිටියේ සිරිවජිරාරාමය

පෝදා පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහනා හිමි. 08.00-09.00 ධර්මානුශාසනාව උණුවතුර බුබුලේ පියදස්සි හිමි 9-10 දහම් දෙසුම වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 10.00-11.15 භාවනාව /අනුශාසනාව සහ බුද්ධ පූජාව ගම්පහ පාසාදික හිමි, පස්වරු 12.15-01.00 සෙත් පිරිත් ශාස්ත්‍රපති කුරුණෑගල චරණධම්ම හිමි, 01.00-02.30 ධර්ම සාකච්ඡාව, සිරි වජිරාරාම දහම්පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 03.00-04.00 ධර්මානුශාසනාව – සිරි වජිරාරාම වාසි ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි, 04.00-05.00 ගිහි දේශනය, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා 05.00-06.00 ධර්මානුශාසනාව, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි ත්‍රිපිටකාචාර්ය කහගොල්ලේ සෝමවංශ හිමි, 06.00-06.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව – සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා

තලවතුගොඩ – සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර, සංඝමිත්තාරාමයේදී බක් පුන් පොහෝ දින අලුයම 5.30 ට ක්ෂීරපායාස අටවිසි බුද්ධ පුජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනුලබන අතර පෙරවරු 6.00 පස්වරු 6.00 දක්වා සීල ,භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම දෙල්කඳ පුෂ්පාරාමවාසී පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර හිමි .9.30- 10.30 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝදයාරාමවාසි ශාස්ත්‍රපති වල්ගම සුමන හිමි 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12-12.30 දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනය 1.00-2.00 දහම් දෙසුම ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය විනීත හිමි. 3.00-5.00 භාවනා වැඩසටහන අතුරුගිරියේ ධම්මවිහාරි හිමි. සවස 6.00 අටවිසි බුද්ධ පුජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදි දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම බක් පුර පසළොස්වක පොහොය දිනයෙහිදීද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ සාදර අනුග්‍රහයෙනි.

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 5.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව, 6.00 ශීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 08.00-09.00 ධර්ම දේශනාව, කැලණියේ අජිත හිමි, 09.00-9.30 භාවනාව, 9.30-10.30 ධර්ම දේශනාව, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30-11.00 දෙතිස්ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15-1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00-2.00 ධර්ම සාකච්ඡාව , මහකෙළියේ ලොකුස්වාමීන් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 2.00-3.00 ධර්ම දේශනාව, ගම්පහ පාසාදික හිමි, 3.30-4.30 ධර්ම දේශනාව, දොලොස්වළ උදිතධීර හිමි,6.00 ඖෂධ 108 යුක්ත සම්බුද්ධ පූජාව.

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත, ශ්‍රී ජයශේඛරාරාමය මහා විහාසර්ථානයේදී බක් පුරපසළොස්වක පොහෝදා ශීල,භාවනා, ධර්ම දේශනා මාලාවක්, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ, පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

පෝදා පෙරවරු 6.00-6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 -7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි. 8.00-9.00 භාවනා වැඩසටහන ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි. 9.15-10.15 ධර්ම දේශනාව කැලණියේ ශාසනවංශ හිමි. 10.30-11.00 දහවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි.

පස්වරු 12.15-12.45 සෙත්පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාම වාසී ,ස්වාමීන් වහන්සේලා, 1.00-2.00 මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමි. 2.15-3.15 ආචාර්ය ශාස්ත්‍රපති බුලනවැවේ වජිරබුද්ධි හිමි. 3.30-4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි. 4.30-5.30 ධර්ම දේශනාව 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි. 6.45-7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පුජාව. රාත්‍රී 8.00-9.00 ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයක්.)

ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය බෞද්ධයා මාධ්‍ය ජාලයේ පෝදා පින්කම්

පෝදා පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර බුද්ධ පූජාව, බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 6.00 – 7.00 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි භාවනා මාධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි. 8.00 – 9.00 ධර්ම දේශනාව කැනඩාවේ මොන්ට්‍රියල්හි පඤ්ඤාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස හිමි, 09.30 – 10.30 ධර්ම දේශනාව කොටපොළ අමරකිත්ති හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව ශ්‍රී සම්බෝධි විහාරවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 ‘ දම්සභා මණ්ඩපය’ සාකච්ඡාව දරණාගම කුසලධම්ම නා හිමි. හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා, මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය, මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනී මහතා, 2.00 – 3.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නා හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව උඩුදුම්බර සෝභිත හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව හාපිටිගම විජිත හිමි, 5.30 – 6.00 මහා ඖෂධ පූජාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මහරගම පදුම හිමි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගල පඤ්ඤාසාර හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව පයාගල නන්ද මාහිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ වරකාපොල ධම්මශාන්ත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්තේ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව අලුත්ගම පඤ්ඤාසාර හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැල්ලවත්ත ශ්‍රී ස්වර්ණබෝධිරාජ විහාරස්ථානයේ පින්කම්

වැල්ලවත්ත ශ්‍රී ස්වර්ණ බෝධිරාජ විහාරස්ථානයෙහි මෙම පොහොය දින පින්කම් මාලාව අලුයම 6.00 ට සීල සමාදානයෙහි පිහිටුවීම ක්ෂීරපායාස සහිත සම්බුද්ධ පූජාව පැවැත්වීම විහාරාධිපති ශාස්ත්‍රපති කිරිවැල්දොල පියනන්ද හිමි. පෙරවරු 8.00 එල්.ඒ. සුසිල් පෙරේරා මහතා සහ එම්.ජී. රෝහිණී සිල්වා මහත්මිය විසින් බුදුසරණ පත්‍රය බෙදාදීමේ දායකත්වය දරයි. 9.00 ධර්ම දේශනාව 11.15 දවල් සම්බුද්ධ පූජාව සහ දානය පිළිගැන්වීම දවල් 12.00 දහම් පොත්පත් පරිශීලනය පස්වරු 1.00 යුගාසන කවිබණ (රූපවාහිනිය ඇසුරින්) 2.00 ධර්ම දේශනාව 3.00 ධම්මචක්ක සූත්‍ර දේශනාව 4.00 භාවනාමය වැඩසටහන 5.00 සීල පවාරණය සහ පියනන්ද සමාජසේවා පදනම මගින් පවත්වනු ලබන තේ පැන් සංග්‍රහය රාත්‍රී 7.00 ට බෝධි වන්දනාව සහ සෙත් පිරිත් දේශනාව.

 

බක් පුර පසළොස්වක

 

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 10 වන දා සඳුදා පූර්ව භාග 10.22 ට ලබයි. 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 10 වන දා සඳුදාය.
 

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]