UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

බක් පුර පසළොස්වක 2017.04.10

යහපත පතමු

ලෝක සත්වයා වෙත පතළ මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළහ. උන්වහන්සේගේ මහා ප්‍රඥාවේ ආලෝකයෙන් ලොවම ආලෝකවත් විය. ලොව දෙස බලා වදාරන බුදුරජාණන් වහන්සේ ලොවට අනුකම්පාවෙන් පිහිට වූහ. සිදුවන්නට ගිය මහ විපත් වළකා ගත හැකි වූයේත් අපමණ බුදුගුණ බලමහිමය හේතුවෙනි.

සම්මා සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේට හෙළ දිව චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ. එදා උන්වහන්සේ නාගයන් කෙරෙහි මහත් කරුණාවෙන් නාගදීපයට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දෙවන ලංකා ගමනය සිහිපත් කරවන බක් පුර පසළොස්වක පොහොය ලක් වැසි සියලු දෙනාගේ සිත් සතන් සුවපත් කරවන පූජනීය දිනයකි.

චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රධාන දෙපිරිස සමගි වූයේ බුදුරදුන්ගේ දහම් අමා මිහිරේ බලයෙනි. සිදුවන්නට ගිය මහ විපත් වැළකී ගියේ ද බුදුරදුන්ගේ අනුශාසනාවෙනි.

බක් මහ උදාවත් සමඟ හැම සිත් සතන් තුළ සොම්නස් සුවය ගෙන දෙන නොයෙක් සිරියෙන් පිරි සරු සාර මාසයක් ලෙස සම්මතයේ පවතී. සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදෙනුයේ බක් මහේදීය. එම දිනය උදාවීමට ඇත්තේ තව දින කීපයකි. මව්පියන් වෙසෙසින් බැහැ දැකීමට, ඤාතීන් වැඩිහිටියන් බැහැදැකීමට, නෑගම්යාමට, යුතුකම් ඉටු කිරීමට, සිරිත් විරිත් ගරු කිරීමට එම දිනය යොදා ගැනීම පෞරාණික සම්ප්‍රදායයි. අද පවා එය ඉටු කරනුයේ මහත් ඕනෑකමකිනි.

වසරේ අන් දිනවලට වඩා සොම්නස් සුවයෙන් ගත කරන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද චාරිත්‍රවලට මුල්තැන දෙන්නකි. පැරැණි අසමගිකම් අමතක කර සමගිය වර්ධනය කරන සමයකි. ලොකු කුඩා සියලු දෙනා මහත් සතුටක් අත් විඳින සමයකි. නියමිත වේලාවකට සියලු වැඩ අතහැර එය පුණ්‍ය කාලය ලෙස වෙන්කර එම කාලය තුළදී ආගමික කටයුතුවල යෙදීම සුවිශේෂ ලක්ෂණයකි. අලුත් අවුරුද්ද උදාවීමට සුළු වේලාවකට පෙර එසේ ආගමානුකූල වතාවත්හි යෙදී තෙරුවන්හි ආශීර්වාදය ලබා ගැනීම බෞද්ධ සම්ප්‍රදායයි.

පුණ්‍ය කාලයෙන් අනතුරුව එළඹෙන සුබ වේලාවකදී ගිනි දල්වා ආහාර පිස සුබ වේලාවකදීම ආහාර අනුභව කිරීමෙන් අනතුරුව ගනු දෙනු කිරීමත් අපගේ සංස්කෘතිය තුළ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයකි.

බොහෝ දෙනා කාර්ය බහුල ජීවිත රටාවකට යොමු වෙමින් පැවැතියද, පැරැණි සිරිතට අනුව අවුරුදු සිරිතට මුල් තැන දෙමින් අවුරුදු සිරිත් විරිත් රටපුරා අනුගමනය කරන අයුරු දක්නට ලැබේ. බොහෝ දෙනා වෙළෙඳසැල් වෙත ගොස් නිවසට අලුතෙන් බොහෝ දේ රැගෙන එති. ඒ නිසාම වෙළෙඳ සැල් පවා ජනී ජනයාගෙන් පිරී ඉතිරී යන විශේෂ සමයකි. සියලු දෙනාගේ අපේක්ෂාව අලුත් අවුරුද්ද සැමරීමයි. බක් මහ ලැබූදා පටන් ඊට සූදානම් වීමද සිරිතක් ව පවතී. වෙනදාටත් වඩා ගේ දොර පිරිසුදුකර පරිසරය පවා අලුත් කරනු ලැබේ.

අලුත් අවුරුද්දේදී නව සිතුම් පැතුම් සිත් තුළට ඇතුළත් කර ගත යුතුව තිබේ. ගෙවී ගිය අවුරුද්දේ අතපසු වූ යමක් ඇතොත් තමන්ගේ යහපත දියුණුව උදෙසා එය මේ අවුරුද්දේ හෝ සපුරා ගැනීමට අදිටන් කර ගත යුතුය. ඉගෙනුම ලබන දරුවෙක් නම් පසුගිය වසරටත් වඩා මේ වසරේ දී තම අධ්‍යාපන කටයුතු සාර්ථකවම කරගෙන යා යුතුය. අධ්‍යාපනය ලබා අවසන් කළ අයෙක් වෙතොත් රැකියාවක් හෝ තම ජීවිකාව කරගෙන යාමට සුදුසු ක්‍රියාවක නියැළිය යුතු ය. අද කළ යුත්ත අදම මිස හෙටට කල් දැමීමේ අලස පුරුද්ද ජීවිතයෙන් බැහැර කිරීමට ඉටා ගත යුතුව ඇත. මෙලොව ජීවිතයේ යම් දියුණුවක්, යහපතක් අපේක්ෂා කරන්නේ නම් ඊට මුල පිරිය යුතු ය.

භෞතික දියුණුව පමණක් නොව අධ්‍යාත්මික වශයෙන්ද ජීවිත දියුණුව ළඟා කර ගත යුතු වේ. එසේ නොවුවහොත් ජීවිතයෙන් ලද හැකි සැනසීම බැහැරවනු ඇත. දුසිරිතෙන් බැහැර සුසිරිතටම ගත සිත යොමු කළ යුතුව ඇත. ජීවිතය අර්ථවත් කරගත යුත්තේ භෞතික හා අධ්‍යාත්මික යන දෙඅංශයේම දියුණුව උදාකර ගැනීමෙනි. පසුතැවෙන දේ ජීවිතයෙන් බැහැර කළ යුතු ය. සමඟිය යහපත, දියුණුව සැලසෙන දේම ජීවිතයට ළඟා කර ගත යුතුව ඇත.

 

බක් පුර පසළොස්වක

 

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 10 වන දා සඳුදා පූර්ව භාග 10.22 ට ලබයි. 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 10 වන දා සඳුදාය.
 

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]