UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරිත්‍යාගශීලීන්ගේ සහාය පතයි

පරිත්‍යාගශීලීන්ගේ සහාය පතයි

මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරවාසී අඹගහවැවේ ගුණානන්ද පොඩිහාමුදුරුවෝ දරුණු අක්මා රෝගයකට ගොදුරුව වාසය කරන බව කියති. උන්වහන්සේට අක්මාවක් බද්ධකළයුතු බවට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර අපේක්ෂා කෙරේ. දුම්මලසූරිය ලංකා බැංකුවේ ‘පිරිවෙන් විහාරස්ථ’ නමින් ඇති 5399615 දරණ ගිණුමට මුදල් යොමු කිරීමෙන් ඒ සඳහා දායක විය හැකි බව කියයි. විමසීම් 071 4474645 දේවහන්දියේ සද්ධානන්ද හිමි, ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරය.

****

ස්වාමීන් වහන්සේ නමකට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය ඇති බැවින් පරිත්‍යාගශීලියෙකු වේ නම් 0112 910695 දුරථකන අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

හෝමාගම වලව්ව පාරේ අංක 433/6 ලිපිනයෙහි පදිංචි ආර්.ඩී. සුනිල් ශාන්ත මහතා දරුණු වකුගඩු රෝගයකට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටින බව කියයි. ඔහුට හැකි ඉක්මින් ‘ඒ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බවද කියයි. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලී මහත්ම මහත්මීන් වෙතොත් 078 5175590, 078 3815863, 0718463044,0778810393 යන දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස සුනිල් ශාන්ත මහතා ඉල්ලීමක් කරයි.

****

අංක 40, ඩී. මිල්ලතේ, කිරිඳිවැල ලිපිනයෙහි පදිංචි කේ. කත්නසිරි මහතා (වයස 55) එක්දරු පියෙකු වන ඔහුගේ වකුගඩු දෙකම අක්‍රිය වීම හේතුවෙන් දැනට රුධිර කාන්දු කරණය කරනු ලබන බවත් කියයි. ‘බී පොසිටිව්’, ඕ පොසිටිව්’ රුධිර වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය අනූපමා ද සිල්වා (දකුණු කොළඹ මහ රෝහල) මහත්මිය විසින් නිර්දේශ කර ඇති බවද කියයි. පරිත්‍යාගශීලී ස්වාමීන්වහන්සේ නමක්, දසසිල් මාතාවක්, සැදැහැවතෙක් හෝ සැදැහැවතියක්, දායක වීමට කැමති අයෙක් වෙතොත් 011 2713330, 077 5483625 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

ජීවණී ගමගේ මහත්මිය වකුගඩු රෝගයෙන් පෙළෙන අතර වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බව කියයි. කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම මහතාගේ නිර්දේශය මත “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට තීරණය කර ඇති බවද කියයි. ඇය කුඩා දරුවන් සිටින මවක් බවද කියයි. දුරකථන 077 5412378, 0112 924842 වැඩි විස්තර විමසිය හැක.

****

දැනට අසාධ්‍ය තත්ත්වයේ පසුවන වකුගඩු රෝගියකු “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලීන්ගෙන් අපේක්ෂා කෙරේ. වැඩි විස්තර 071 8098512/ 0112 899037 දුරකථන අංකය වෙතින් දැන ගත හැකි වේ.

****

මිනුවන්ගොඩ වෑලිය ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියකු වන 41 වියැති රොෂාන් වීරසිංහ මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළේ. මේ වන විට ඔහුට ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාදෙන අතර හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ආර්. ඩී . ලැනරෝල් මහතා නිර්දේශ කර ඇත. ඒ සඳහා ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වෙතොත් 0777522198 හෝ 0718051976 යන දුරකතන අංක වලට දැනුම්දෙන ලෙස දන්වා සිටී.

 

බක් පුර පසළොස්වක

 

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 10 වන දා සඳුදා පූර්ව භාග 10.22 ට ලබයි. 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 10 වන දා සඳුදාය.
 

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]