UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැහැමෙන් ලොව දිනමු

දහම් දැනුම

ධර්මදූත සේවයේ යෙදුණු බුදුරජාණන් වහන්සේ අවසන් සමයේ දී චාරිකා කළ ස්ථාන මොනවාද?

1. ගිජ්ජකූට මණ්ඩ ග්‍රාම උදේන
2. අම්බලට්ඨිකා හත්ථි ග්‍රාම ගෝතමක
3. නාලන්දා ජම්බු ග්‍රාම සත්තම්බක
4. පාවාරිකා අම්බ ග්‍රාම
5. පාටලි පුත්‍ර භෝග ග්‍රාම සාරානන්ද
6. විශාලාව චාපාල

ආදී ස්ථාන රාශියක චාරිකා කර ඇත.

සිඟාලෝවාද සූත්‍රය අනුව දරුවන්ගෙන් මවුපියන්ට වියයුතු යුතුකම් පහකි. ඒ මොනවාද?

1. මවුපියන් පෝෂණය කිරීම.
2. මවුපියන්ගේ කටයුතු කරදීම.
3. කුලවංශය ආරක්ෂා කර දීම
4. දායාදය රැකීම.
5. මිය ගිය මවුපියන්ට පින් පෙත් දීම.

භික්ෂු, භික්ෂුණී, දෙපිරිසෙන් ගිහියන් වෙත විය යුතු යුතුකම් සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දී ඇත. ඒ මොනවාද?

1. පාපා නිවාරෙන්ති – පවින් වළකයි
2. කල්‍යාණේ නිවේසෙන්ති – යහපතෙහි යොදවයි.
3. කල්‍යාණේ මනසා අනුකම්පන්ති – යහපත් සිතින් අනුකම්පා කරයි.
4. අස්සුතං සාවෙන්ති - නො ඇසූ දේ ප්‍රගුණ කරයි.
5. සග්ගස්ස මග්ගං ආචික්ඛන්ති – නිවන් මඟ කියාදෙයි.

‘නිද්දාසීලි සභාසීලි
අනුට්ඨාතාච යෝනරෝ
අලසෝ කෝධ මඤ්ඤානෝ
තං පරාභවතෝ මුඛං’

මෙයින් අදහස් කරන්නේ කුමක්ද?

1. නිදන සුළු බව,
2. සභාවේ ඇලුණු බව,
3. උත්සාහයෙන් තොර බව
4. අලසකම
5. අන්‍යයන්ට ක්‍රෝධ කිරීම, යනාදිය පිරිහීමේ දොරටුය.


බුදු දහමින් දැනුම පොතට

බුද්ධ ශාසනයේ තනතුරු ලත් භික්ෂුණීන් වහන්සේලා,

1. ප්‍රජාපතී ගෝතමී තෙරණිය

2. ඛේමා තෙරණිය

3. උප්පලවන්නා තෙරණිය

4. පටාචාරා තෙරණිය

5. ධම්මදින්නා තෙරණිය

6. නන්දා තෙරණිය

7. සෝණා තෙරණිය

8 . සකුලා තෙරණිය

9. භද්දා කුණ්ඩලකේසා තෙරණිය

10. භද්දාකාපිලාණි තෙරණිය

11. යශෝධරා තෙරණිය

12. කිසාගෝතමී තෙරණිය

13. සිගාලමාතා තෙරණිය

ලොව පහළ වූ ආශ්චර්යමත් පුරුෂයන් දෙදෙනා නම්, ලොව්තුරා බුදුරදුන් සහ සක්විති රජු ය.

ත්‍රිවිධ බෝධි සත්ත්වයින් නම්, ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ, ශ්‍රද්ධාධික බෝසතාණන් වහන්සේ, වීර්යාධික බෝසතාණන් වහන්සේ ය.

ත්‍රිවිධ මාරයින් නම් ක්ලේෂ මාර, අභිසංස්කාර මාර, වසවර්ති මාර ය.

සතර පිංකෙත් නම් බුදුරජාණන් වහන්සේ, බුදු සව්වන් වහන්සේ, මව සහ පියා ය.

අසත් පුරුෂ දාන පහ නම් සකස්කොට නොදීම, අගෞරවයෙන් දීම, අනුන්ගේ අතින් දීම, ආදර නැතිව දීම, ඉවත දමන ලෙස දීම ය.


මා නොවන මම

මා නොවන මම, දන්නේ නැත
කොහි සිටද ආවේ..............
කොහි සිට ද එන්නේ...........
කොයිබටද යන්නේ කියා...........
මා නොවන මම, දනිමි එක් සත්‍යයක්.

දැවී, තැවී, නිවී, අලුවී යන සිත්
නිවා සනහාලන
නිර්මල ශ්‍රී සද්ධර්මයේ
නිත්‍ය බව
මා නොවන මම දනිමි.


උදවු කරමු


මැසිවිලි නොකියමු නොපසුබට වෙමු

අතීතයේ අද මෙන් යාන වාහන බහුල නොවීය. එකල ළමා අප පාසල් ගියේ පා ගමනිනි. දුර කිලෝමීටර් දෙක තුනකටත් වැඩිය. එහෙත් දෙපා රිදෙනවා යැයි අපි කිසිවිටෙක මවුපියන්ට මැසිවිලි නොකීවෙමු.

හිරු අවදි වෙන්නට හෝරා දෙකකටවත් පෙර අපි නිදිගැට හැරියෙමු. මුව කට සෝදා පොත පත පාඩම් කළෙමු. ගහ කොළ අතරින් හිරු රැස් එබිකම් කරන වෙලාවට ගෙමිදුල අතු ගා පිරිසුදු කළෙමු. මල් පැළවලට දිය බිඳු ඉස්සෙමු. මුහුණ සෝදා තෙරුවන් වැන්ඳෙමු. කුස පිරෙන්නට ආහාර ගත්තෙමු. මවුපිය දෙපා වැඳ පාසලට පිටත් වුණෙමු.

රසවත් පලා මැල්ලුමකින්, එළවළු දෙක තුනකින් පිළියෙළවුණු බත් පතෙන්, බොහෝ දුර දෙපයින් ගෙවන්නට අපට කායික ශක්තිය ලැබුණි. උදෑසනින් පිබිද ඉටු කළ දෛනික වැඩ කටයුතුවලින් ලද සතුටෙන් පොත පත උගෙනුමට නිරවුල් මනසක් ලැබුණි.

පාසල් නිමවී අප නිවසට ආවේ ද පා ගමනිනි. ගිනි කාෂ්ඨක අව්වේ, බොරළු පාරේ ඇවිද ගිය ද ගමන් වෙහෙසක් දැනුණේ නැත. සවස් කාලයෙන් වැඩි වේලාවක් ගෙවුණේද වත්ත පිටියේ ය. හේනේ කුඹුෙර්ය. කුඹුරේ වී කරල් කපන්නට එන ගිරවු රෑන්, වී කුරුල්ලෝ ආපසු හැරුණේ අපගේ කෑ ගෑමටය. මුං, කවුපි කඩන්නට, පැසුණු තල ගස් උදුරා එක පෙළට තබන්නට, කුරහන් කරල් කපන්නට අපි අම්මට තාත්තට උදවු වුණෙමු. අහළ පහළ ළමයින් හා එක්ව කෙළි සෙල්ලම් කරමින් සතුටු වුණෙමු.

බාහිර වැඩට කාලය වෙන් කළ ද පාඩම් වැඩ කිසිවිටෙක අතපසු නො කළේ ඉගෙනීමේ අගය ගුරුවරුන් සේ ම වැඩි හිටියන්ද හොඳින් වටහා දී තිබූ බැවිනි. අද මෙන් එදා රූපවාහිනිය ඉදිරියේ අපගේ කාලය ගෙවුණේ නැත. කිරි අම්මා, කිරි අත්තා, මාමා, නැන්දා කියා දෙන අපුරු කතාන්දර අප සිත් හි අපූර්ව සිතුවම් මැව්වේය. ජීවිතය ගැන කියා දුන්නේ ය.

‘සෙල්ලම් කරන්නට වෙලාවක් නෑ’ ‘පාසලෙන් දෙන ගෙදර වැඩ කරන්නට වේලාවක් නෑ’ ‘නිදහසක් නෑ’ යි අද බොහෝ පාසල් දරුවෝ මැසිවිලි නගති. දුවේ, පුතේ, වේලාව මදි වෙන්නේ නිසි ලෙස කාලය කළමනාකරණය කර නොගැනීම නිසයි. පොත පත පාඩම් කරන වෙලාවට ඕනෑකමින්, උනන්දුවෙන් ඊට යොමු වන්නට ඕනෑ. කෙළි සෙල්ලමට වගේම අම්මට, තාත්තට උදවු වෙන්නට, ගේ දොර පිරිසුදු කරන්නට ඔබගේ කාල සටහනේ ඉඩ වෙන්කරන්නට ඕනෑ. ඇතැම් රූපවාහිනී නාලිකාවල පෙන්වන ළමයින්ට නුසුදුසු ටෙලි නාට්‍ය, කාටුන් වැඩසටහන් නැරඹීමට වෙන් කරන කාලය ඉතිරි කර ගන්නට ඕනෑ. අපේ බුදු හාමුදුරුවෝ දේශනා කළේ උත්සාහය තිබේ නම් ඕනෑම යහපත් කාර්යයක් ජය ගත හැකි බවයි. බොදු දරුවන් ලෙස ඔබත් ක්‍රමාණුකූලව වැඩ කටයුතු සැලසුම් කර ගන්නවා නම්, අලස නොවෙනවා නම් කාලය ඉතිරි කරගැනීම අපහසු වන්නේ නෑ. ඒ වගේම නොපසුබට උත්සාහය ඔබගේ දියුණුව ඇති කරනවා නො අනුමානයි. මැසිවිලි නොකියා, අලස නොවී තමන්ගේ වැඩ නිවැරැදිව කරන්නට හිතට ගනිමු.


මැදින් පොහොය

අවුරුද්දේ තෙවැනි පොහොය මැදින් පොහොය වන්නේ
සම්බුදු හිමි කිඹුල්වතට ගමන් අරඹ වන්නේ
රහල් කුමරු බුදු හිමිගෙන් දායාදය ඉල්ලන්නේ
හත් හැවිරිදි වියේ රහල් කුමරු පැවිදි වන්නේ

ශාක්‍යයන්ගේ මානය දුරු කරන්නට
සිදුවිය බුදු හිමිට පෙළහර පාන්නට
යශෝධරාවන්ගේ දුක නිවන්නට
දෙසුවා දහම් සිත සුවපත් කරන්නට


ඉසුරු දැල්පිටිය පළමු තැනට

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉසුරු දැල්පිටිය ශිෂ්‍යයා විසින් 2015 - 2016 වසරවල සමස්ත ලංකා දහම් පාසල් දහම් දැනුම තරගවලදී දිවයිනේ ප්‍රථමස්ථානය දිනා ඇත.

වත්තේගම ශ්‍රී ධර්මදීප දහම් පාසලේ ඉගෙනුම ලබන ඉසුරු දැල්පිටිය 2015 අම්පාර ඩී ඇස්. සේනානායක විද්‍යාලයේ හා 2016 ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ දී පැවැති දහම් දැනුම තරගවලදී දිවයිනේ ප්‍රථම ස්ථානය දෙවසරක් දිනාගැනීමට සමත් වී ඇත.

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 03 වනදා සඳුදා අපරභාග 01.05 ට ලබයි.
04 වනදා අඟහරුවාදා, පූර්ව භාග 11.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 03 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 10 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]