UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෙීත්සවය

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවය

මහනුවර, මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවයන් මෙම වර්ෂයෙහි (2017) මැයි මස 10 වෙනි බදාදා සිට (වෙසක් පුන් පෝය දින) ආරම්භවී ජුනිමස 8 වෙනි බ්‍රහස්පතින්දා (පොසොන් පුන් පෝය දින) අවසන් කොට පහත සඳහන් පොහෝ දිනවල පෙරහර සහිතවද සෙසු දිනවල පෙරහර රහිතවද සිදු කෙරෙන බව ,මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මා හිමිපාණන් වහන්සේ ශාසන ගෞරවයෙන් නිවේදනය කර ඇත.

උපසම්පදා පේක්ෂකයින් පළාතේ නායක තෙරුන් වහන්සේගෙන්, පිරිවෙණක ශිෂ්‍යයෙක් නම් පරිවේණාධිපතින් වහන්සේගෙන්ද , ගුරුවරුන් විහාරස්ථානය සහ ඉගෙනීම පිළිබඳ සහතික ලියුම් සහ සහතිකද ඇතිව පැවිදි කළ ගුරුවරුන් සමඟ පැමිණිය යුතුය. මෙම වර්ෂයේදී උපසම්පදා වීමට බලාපොරොත්තු වන සාමණේරතැනගේ නමත්, උපන්දිනයත් සම්මත පරිදි වාචෝද්ගත කරන ලද සාමණේර බණ දහම් ආදිය පිළිබඳ විස්තරත්, ගුරුවරයාගේ හෝ ගුරුවරුන්ගේ නම්, විහාරස්ථානයේ ලිපිනයන්, දිස්ත්‍රික්කයන් 2017 අපේ‍්‍රල් මස 20 වෙනි දිනට ප්‍රථම අප වෙත ලියා එවන ලෙස මල්වතු මහා විහාර පාර්ශ්වයට අයත් ප්‍රාදේශීය සියලුම භික්ෂූන් වහන්සේලා වෙත ඒ ඒ පළාත්වල අපේ නායක ස්ථවිරයන් වහන්සේලා විසින් දන්වා සිටිය යුතු බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හමාහිමිපාණන් වහන්සේගේ නිවේදනයෙන් දක්වා ඇත. ඉහත කී එම විස්තර තොරතුරු මෙම වර්ෂයේ අපේ‍්‍රල් 25 වෙනි දිනට ප්‍රථම ලියා දන්වන ලෙස අස්ගිරි මහා විහාර පාර්ශ්වයට අයත් ප්‍රාදේශීය සියලුම භික්ෂූන් වහන්සේලා වෙත ඒ ඒ පළාත්වල අපේ නායක ස්වාමින් වහන්සේලා විසින් දන්වා සිටිය යුතු බව, අති ගෞරවාර්හ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ නිකුත් කළ නිවේදනයෙන් දක්වා ඇත.

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි වාර්ෂිකව සිදුකරනු ලබන උපසම්පදා පුණ්‍යෙීත්සවයන්හි පෝය දිනයන්හි වාහලනාග නාමයෙන් සිදුකරනු ලබන උපසම්පදා විනය කර්මයන්හි උපාධ්‍යායන් වහන්සේලා වශයෙන් අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම පෙනී සිටිති. වාහලනාග නාමයෙන් උපසම්පදාව ලබන සාමණේරයන් වහන්සේලා ශී‍්‍ර දළදා මාළිගාවේ සිට උපසම්පදා පෙරහරෙන් මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය මංගල උපෝෂථාගාර වෙත වැඩමවාගෙන යනු ලබති.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නාහිමි. සෙසු උපාධ්‍යායන් වහන්සේලා මල්වතු මහා විහාරයේ උපසම්පදා විනයකර්ම කටයුතු සිදු කෙරේ. අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ වේඩරුවේ උපාලි අනුනාහිමි. ආනමඩුවේ ධම්මදස්සි අනුනාහිමි අස්ගිරි මහා විහාරයේ සෙසු උපාධ්‍යායන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් විනය කර්ම කටයුතු සිදුකෙරේ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ සංඝ සභාවේ වැඩ බලන ලේඛකාධිකාරි පහමුණේ සුමංගල නාහිමියන් විසින් ලේඛන කටයුතු සිදුකෙරෙන අතර, අස්ගිරිය මහා විහාර කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියන් සහ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරන්පනාවේ ආනන්ද හිමියන් අස්ගිරි මහා විහාරයේ උපසම්පදා ලේඛන කටයුතු සිදු කරති.

සම්ප්‍රදාය අනුව මෙම වසරේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි වාහලනාග නාමයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලබන සාමණේරයන් වහන්සේලා වෙනුවෙන් අටපිරිකර පූජාව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ විසින් පැරැණි චාරිත්‍ර අනුව සිදු කෙරේ.

 

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 27 වන දා සඳුදා පූර්ව භාග 10.44 ට ලබයි. 28 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 27 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 03 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10

Second Quarterඅව අටවක

අප්‍රේල් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]