UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

බොරැල්ල බෞද්ධාලෝක මාවතේ අතුල දස්සනාරාමයේ දස පාරමිතා පෙරහර විහාරාධිපති බොරැල්ලේ අතුල නා හිමියන්ගේ අනුශාසනා පරිදි මැදින් පෝදා (12) පැවැත්විණි. එහිදී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එම පෙරහරේ සධාතුක කරඬුව තැන්පත් කළ අවස්ථාව. බොරැල්ලේ අතුල නාහිමියන් වෙත අගමැතිතුමා එහිදී අටපිරිකර පූජා කරන ලදී.

අනගාරික ධර්මපාල භාරය මඟින් දඹදිව ධර්මදූත සේවයට යැවීම සඳහා පවත්වනු ලැබූ පුහුණු කිරීමේ පාඨමාලාව හැදෑරීමෙන් පසුව පහත නම් සඳහන් ස්වාමීන් වහන්සේලා හතරනම පෙබරවාරි මස 03 දින ඉන්දීය මහබෝධි සමාගම බලා වැඩම කරන ලදී. මුංවත්තේ විජිතධම්ම හිමි, පල්ලේගම අස්සජි හිමි. මහනුවර මේධංකර හිමි, පදවියේ වංගීස හිමි එම හතරනම වන අතර ඡායා රූපයේ වමේ සිට සුධම්මික හේවාවිතාරණ මහතා( අනගාරික ධර්මපාල භාරයේ සභාපති) මුංවත්තේ විජිත ධම්ම හිමි, ශ්‍රී ශෛලාරාම පුරාණ විහාරය, ගල්දෙණිය, කැප්පිටිවලාන, පල්ලේගම අස්සජි හිමි, 39, ධර්මාශ්‍රමය, බුත්ගමුව පාර, රාජගිරිය, බලංගොඩ සෝභිත නාහිමි, පරිවේනාධිපති, විද්‍යෝදය පිරිවෙන, කොළඹ 10 මහනුවර මේධංකර හිමි, 30 සමාධි මාවත, අම්පිටිය, මහනුවර පදවියේ වංගීස හිමි, පුරාණ විහාරය, මංගෙදර, තුල්හිරිය, සිංහ රත්නතුංග මහතා (ඉන්දීය මහාබෝධි සමාගමේ භාරකාර) සමූහ සේයාරුවකට පෙනී සිටි අවස්ථාව.

මහනුවර ශ්‍රී නාථ දේවාලය දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා (05 දා) එම දහම් පාසල් ශාලාවේ දී පැවැත්විණි. එහිදී ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හා මහා විහාර පරිවේණාධිපති ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද හිමියන් විසින් දහම් පාසල් සිසුවියකට ත්‍යාග හා සහතික පත් පිරිනැමූ අවස්ථාව. ඡායාරූපය – උදේනි රාජපක්ෂ

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා මාසික පින්කම ඉකුත් මැදින් පෝදා මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිෙමිදී පැවැත්විණි. මැදින් පෝදා එම පින්කම ලේක්හවුස් බෞද්ධ සංගමයේ දායකත්වයෙන් සහ ලේක්හවුස් අනුරාධපුර ශාඛා කාර්යාල ප්‍රධානී එන්.ටී. මංජුල මහතාගේ සංවිධායකත්වයෙන් පැවැත්විණි. ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් ප්‍රධාන පරලොව සැපත් සියලු සේවක සේවිකාවන්ටද පුණ්‍යානුමෝදනා කිරීමටත්, ලේක්හවුස් සේවයේ නියුතු සියලු සේවක සේවිකාවන්ට සෙත් පැතීම සඳහාත් එම පින්කම පැවැත්විණි.

මතුගම බෝපිටිය සිරි ඉන්ද්‍රාසභ පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත මගුරේ සුමේධ හිමියන් විසින් රචිත ‘දානය නිර්වාණාවබෝධය පිණිසද? බෞද්ධ ග්‍රන්ථය දොරට වැඩීම පසුගියදා කොළඹ මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේ දී පැවැත්විණි. එහිදී ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතා ‘දානය නිර්වාණාවබෝධය පිණිස ද?’ ග්‍රන්ථය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, සිරි ඉන්ද්‍රාසභ පිරිවෙන් විහාරාධිපති රාජකීය පණ්ඩිත බෝපිටියේ ඤාණාවාස නා හිමියන් වෙත පිළිගැන්වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 20 වනදා සඳුදා පූර්ව භාග 08.19 ට ලබයි. 21 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.31දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 20 වනදා සඳුදාය.

 

මීළඟ පෝය මාර්තු 27 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]