UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

සිත ගැන සිතන්න

 

මේ ගාථා රත්නය අප හැමදෙනාම දන්නා නිතර භාවිත කරන බොහොම සුලභ ගාථාවකි. එය බුදුවරයෙකුගේම බුද්ධ භාෂිතයකි. එසේම බුදුරදුන් දේශනා කළ සුවාසු දහසක් ධර්මස්කන්ධයම හකුළා ඉතා සංක්ෂිප්තව ඉදිරිපත් කළ ගාථාවකි. බෞද්ධ ඔබගේ ප්‍රධාන අරමුණ වන සසර දුක නිවන, විමුක්තිය සලසා දෙන, නිවන් මඟ හෙළි කරවන ඉතා වටිනා ධම්මපද ගාථාරත්නයකි. ඔබගේ මුවගෙහි නිතර රැව්පිළිරැව් දෙන මේ උතුම් ගාථාවෙහි මෙතරම් වටිනාකමක් ඇති බව ඔබ සිතනවාද?  'සබ්බ පාපස්ස අකරණං' සියලු පාප කර්මවලින් වැළකීම පළමු වැන්නයි. පාපය යනු සිත කෙලෙසන සිතිවිලි, වචන හා ක්‍රියායි. යම් ක්‍රියාවකින් යම් වචනයකින් සිත කෙලෙසනවාද? ඒ සියල්ල පාප ක්‍රියා වෙයි. පාපක්‍රියා කොටස් තුනකි. කයින්, වචනයෙන් හා සිතින් වන පාපය. කය මුල්වීමෙන් ප්‍රාණඝාතය, අදන්තාදාන, කාමමිථ්‍යාචාරය සිදුවේ.  වචනවලින් පාපකර්ම හතරක් ක්‍රියාත්මක වෙයි. මුසාවාද, පිසුනාවාච, ඵරුසාවාච හා සම්ප්‍රප්ඵලාපය ය. එසේම මනස මුල් වී ප්‍රබල පාපකර්ම තුනක් සිදුවනබව. 'මනසා තිවිධං චේති' යන නිර්වචනයෙන් පැහැදිලි කරයි. ඒවා නම් ‘අභිධ්‍යා' දැඩි ලෝභය, 'ව්‍යාපාද' දැඩි තරහා, ‘මිත්‍යාදෘෂ්ටි’ වැරැදි විශ්වාස ලෙස කෙලෙස් ධර්ම තුන මනස මුල් වී ක්‍රියාත්මක වෙයි. මෙම දහය කර්මය ලෙස නම් කළාට ඒවා කර්මපථ ලෙස නම් කිරිම, අර්ථවත් වෙයි. අප මේ කරන කර්ම පථවලින් ප්‍රතිසන්ධි විපාක හෙවත් සෘජුවම ඊළඟ භවයෙහි උපතක් සඳහා මුල් වෙයි.

ඉතිරිය»

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 20 වනදා සඳුදා පූර්ව භාග 08.19 ට ලබයි. 21 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.31දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 20 වනදා සඳුදාය.

 

මීළඟ පෝය මාර්තු 27 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]