UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හීන්නාරන්දෙණිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ප්‍රඥාවංශ දහම් පාසල

හීන්නාරන්දෙණිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ප්‍රඥාවංශ දහම් පාසල

ගම්පොල මහනුවර මාර්ගයේ හීන්නාරන්දෙණිය නම් වූ ගම් පියසෙහි හීන්නාරන්දෙණිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය පිහිටා ඇත.


මයිලපිටිය ජිනසේන හිමි


විහාරාධිපති හිමියන් සමඟ ආචාර්ය මණ්ඩලය

1981 දී තෙලඹුගල නිග්‍රෝධාරාම මහා පිරිවෙන් විහාරාධිපති අපවත් වී වදාළ කහවන්දල පඤ්ඤා වංස හිමියන්ට, උඩෝවිට පදිංචි සේනානායක මහතා හා එම මැතිනිය විසින් මෙම පින්බිම ලබාදී ඇත. පොල් අතු මඩුවකින් ඇරැඹි මෙම විහාරස්ථානයෙහි විහාරාධිපති වූයේ මයිලපිටියේ ජිනසේන නා හිමියන්ය. තරුණ තරුණියන් සහ දායක දායිකාවන්ගේ දායකත්වයෙන් සහ මයිලපිටියේ ජිනසේන නා හිමියන්ගේ ඇප කැපවීමෙන් කාමර දෙකක සංඝාවාසය ඉදිකර ඇත. එදා කුඩාවට ඉදිකළ ධර්ම ශාලාවෙහි බුද්ධ ප්‍රතිමාවක් තබා ආගමික කටයුතු සිදු කර ඇත. මෙම නා හිමියන්ගේ ඇප කැපවීම මත අද වන විට දෙමහල් ධර්ම ශාලාවක් සහ දෙමහල් සංඝාවාසයක් ඉදිකර ඇත. මෙහි ආරම්භ කළ ප්‍රඥාවංශ දහම් පාසල ප්‍රදේශවාසී දූ දරුවන්ගේ දහම් දැනුමට කදිම තක්ෂලාවකි.

1984 වසරේදී දරු දැරියන් හය දෙනකුගෙන් සහ දායක සභාවේ දරු දැරියන් වෙනුවෙන් ප්‍රඥාවංශ දහම් පාසල ආරම්භ කරන ලදී. අද වන විට මෙහි සිසු සිසුවියන් දෙසිය පනහක් ද ආචාර්ය මණ්ඩලය පහළොවක් ද වෙති. උල්පතගම ජිනවංශ හිමියෝ සිසු සිසුවියන් යහමගට ගැනීමට නිබඳවම ඇප කැප වී සිටිති.2015දී දායක සභාව සහ දහම් පාසල එකතු වී බෝධිරාජාරාම ප්‍රජාසත්කාර පදනම පිහිටුවා ගන්නා ලදී. එහි මූලික අපේක්ෂාව වූයේ සරණක් අවැසි සමාජයේ ඕනෑම කෙනෙකුට පිහිට වීමයි. මේ මඟින් කිරින්ද විද්‍යාලයේ දරුවන් සියයකට පාසල් උපකරණ ලබා දීම , ලේ දන්දීම ආදී වැඩසටහන් රැසක් සඳහා අමා ගඟුල ආගමික උපදේශන වැඩ සටහන ඉමහත් රුකුලක් විය.

දැහැමි සමාජයක් බිහි කිරීම උදෙසා විහාරාධිපති මයිලපිටියේ ජිනසේනාභිධාන හිමි හා උල්පතගම ජිනවංශ හිමියන්ගේ ඇප කැප වීම සුවිශේෂී වෙයි. උන්වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසී පින්වතුන්ගේ සවියෙන් ඇරැඹූ හීන්නාරන්දෙණිය ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය සහ එහි පිහිටා ඇති ප්‍රඥාවංශ දහම් පාසල තව තවත් දියුණු වීමට හේතු වේවා!


දහම් පාසලේ ප්‍රාථමික අංශයේ සිසුන්


දහම් පාසලේ ප්‍රාථමික අංශයේ සිසුවියන්

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 20 වනදා සඳුදා පූර්ව භාග 08.19 ට ලබයි. 21 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.31දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 20 වනදා සඳුදාය.

 

මීළඟ පෝය මාර්තු 27 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]