UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

ගම්පහ ශ්‍රී බෝධි විදුහලේ හතර වසරේ (4 වසර) ඉගෙනුම ලබන (වයස අවුරුදු 8 ) කවිදු නදුන් ගුණතිලක පුතු උපතින්ම එක් වකුගඩුවක් පමණක් පිහිටා තිබූ අයෙක් බවත් එම ඉතිරි වකුගඩුවද 50% පමණ ක්‍රියා කරන බැවින් හැකි ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ශෙනාල් තල්ගහගොඩ මහතා නිර්දේශ කර ඇති බවත් කියයි. වකුගඩු සැත්කම පේරාදෙණිය රෝහලේ සිදු කරන අතර පිටතින් සිදුකරන පරීක්ෂණ හා ඖෂධ සඳහා විශාල මුදලක් වැය වන අතර එම මුදල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ යෙදී සිට දැනට විශ්‍රාමිකයෙකු වන පුතුගේ පියාට දැරිය නොහැකි බැවින් පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර බලාපොරොත්තු වේ. වැඩි විස්තර අංක 69/ බී, කිරිඳිවිට, ගම්පහ, 033 22 26267/ 071 8333790, සම්පත් බැංකුව ගම්පහ ශාඛාව ගිණුමේ නම, කේ.එම්.එස්.ඩී. එස්. ගුණතිලක, ගිණුම් අංකය – 121254605671


අංක 148, පත් අඩුවන මිනුවන්ගොඩ ලිපිනයෙහි පදිංචි එච්.ඒ.කේ. සරත්චන්ද්‍ර නමැති අය ඉතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් හැකි ඉක්මණින් “ඕ පොසිටිව්” වර්ගයේ හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව රුධිර කාන්දු පෙරීමේ හා බද්ධ කිරීමේ මධ්‍යස්ථානයේ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇති බව කියයි. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියකු වේ නම්, 011 2298540 දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ.


බෙන්තොට ඔබවත්ත ලිපිනයේ පදිංචි බී.එච්.රංජිත් නන්දසිරි යන අය බරපතල වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. වයස අවුරුදු 57 ක්වන මොහුට බී හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් කඩිනමින් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය (කොළඹ) දර්ෂි අනුරුද්ධිකා මහත්මිය විසින් නිර්දේශ කර ඇති බව ද කියයි. ගිණුම් අංකය 1400010285 කොමර්ෂල් බැංකුව වන අතර, සම්බන්ධීකරණ අංක 0777 432114, 0771031697, 071 6399594 වේ.


ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකුගේ එකම පුතා වන ඩබ්ලිව්.ඩී.එස්.ඩී. (අවු. 30) පීරිස් ගේ වකුගඩු දෙකම අක්‍රීය වීම හේතු කොට ගෙන දැනට රුධිර කාන්දුකරණය කරනු ලබන අතර “ ඒ පොසිටිව්, ඒ නෙගටිව්, ඕ පොසිටිව්, ඕ නෙගටිව් රුධිර වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කර ඇත. පිනට කැමති හිමිනමක්, පූජක වරයෙක්, සැදැහැවතෙක් හෝ සැදැහැවතියක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන මෙන් ඉල්ලීමක් කෙරේ. (දුරකථනය අංකය 071 4472338


ආර්.එම්. ගංගා සමන්ති නො. 10 මයිලගස්තැන්න, වෑකලාව, යාලගමුව ලිපිනයේ පදිංචි වැඩිමහල් දියණිය වන ස්නේහා අමාෂි අවුරුදු 9 ක් වයසැති දියණිය දැනට දරුණු වකුගඩු ආබාධයකින් පීඩා විඳින අතර ඇයගේ වකුගඩු දෙකම සියයට අසූවක්ම අක්‍රීය තත්ත්වයේ පවතින බව පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍යවරු පවසා ඇති බව කියයි. ඇයගේ ජීවිතය බේරා ගැනීමට ඇයට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවී ඇති බවද කියයි. දරුවන් දෙදෙනෙක් සිටින එම පවුල ජීවත් වන්නේ කටුමැටි ගැසූ කුඩා නිවසක බවත් එම දියණියගේ මව කියයි. සැමියා එදිනෙදා කුලී වැඩක් කරමින් උපයන මුදලින් ජීවත් වන අතර පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කෙරේ. දුරකථන අංකය 077 0397102 ගිණුම් අංකය 292 2001 800 – 34 403 මහජන බැංකුව උඩපුස්සැල්ලාව ශාඛාව වේ.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]