UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ දී මැදින් පුන් පොහෝදින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පෝදා පෙරවරු 06.00 සිට පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. මැදින් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී පහළතලාවේ සුමනසිරි හිමියෝ සංවිධානය කරති. පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්මදේශනාව මාතෘකාව රථ විනීත සූත්‍රය, ශාස්ත්‍රපති අස්ගිරි පරිවේණාධිපති නාරංපනාවේ ආනන්ද හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය දේශක චන්දිම වීර සිරිවර්ධන මහතා.


බෙල්ලන්විල රජමහා විහාරය

පෝදා පෙරවරු 06.00 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව, 07.00 බුද්ධ පූජාව පැවැත්වීම දායකත්වය, 8.30 ධර්මදේශනාව, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාන්ති පදනමේ නිර්මාතෘ කොටපොල අමරකිත්ති හිමි, 10.00 භාවනා සාරානාත් බෞද්ධ මධ්‍යස්ථානාධිපති, තලාවේගම සද්ධාතිලක හිමි, 11.00 බුද්ධ පූජාව පැවැත්වීම, පස්වරු 1.00 ජාතක ධර්ම දේශනාව ඔක්කම්පිටියේ විද්‍යානන්ද හිමි, 03.00 ධර්ම සාකච්ඡාව, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, මහාචාර්ය, ජී. ආරියපාල පෙරේරා මහතා ශාස්ත්‍රපති ජී.වීරතුංග මහතා, 4.30 ධර්ම දේශනාව කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත විතාරන්දෙණියේ මේධානන්ද හිමි. 6.00 සිල් පවාරණය කරවීම, 6.30 බුද්ධ පූජාව පැවැත්වීම ශ්‍රී බෝධිරාජ දහම් පාසල බෙල්ලන්විල, 7.30 ධර්ම දේශනාව - දිවුල්පිටිය ශ්‍රී බෝධිරාජරාමාධිකාරී ශාස්ත්‍රපති හොරවින්නේ රතනසිරි හිමි.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහාවිහාරස්ථානයේ දී පොහෝදා, ශීල, භාවනා, ධර්මදේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 -9.00 භාවනාව, ශ්‍රී ජයශේඛරාරාමවාසී, ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනාව, ශ්‍රී ජයශේඛරාරාමවාසී ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නා හිමි, පස්වරු 12.15 – 12.45 සෙත්පිරිත් දේශනාව ශ්‍රී ජයශේඛරාරාමවාසි, ස්වාමීන් වහන්සේලා 1.00 – 2.00 මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 ධර්ම දේශනාව ශ්‍රී ජයශේඛරාරාමවාසී සෙවනගල අජිත හිමි, 3.30 – 4.30 දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය 6.00 සිල්පවාරණය, තලල්ලේ සිරිමහින්ද නාහිමි, රාත්‍රී 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00 – 9.00 ධර්මදේශනය (පටිගත කරන ලද දේශනයක්)


තලවතුගොඩ – සංඝමිත්තාරාමය

තලවතුගොඩ , වැලිපාර, සංඝමිත්තාරාමයේදී මැදින් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසු ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්මදේශනා වැඩසටහන් පැවැත්වේ.

8.00-9.00 දහම් දෙසීම පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර හිමි 9.30-10.30 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝදයාරාමාධිපති මඩිහේ සුගතසිරි 11.00 දවල් බුද්ධ පූජාව අනතුරුව පස්වරු 12.00-12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 -2.00 දහම් දෙසුම ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය විනීත හිමි 3.00 -5.00 දහම් දෙසුම ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානවාසී අතුරුගිරියේ ධම්මවිහාරී හිමි.සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදි දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි පුර පසළොස්වක පොහොය දිනයෙහි දී සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේදී මැදින් පෝදා දවස පුරා කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් පින්කම් සිදු කෙරේ. පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව වැලිකල පඤ්ඤාකර හිමි 7.30 – 9.45 දහම් දෙසුම වතුරුගම නන්දසිරි හිමි, 10 – 11 දහම් දෙසුම බටුවන්ගල රාහුල හිමි පස්වරු 1 – 3.15 දහම් දෙසුම මාලිම්බඩ පඤ්ඤාසාර හිමි, 3.30 – 4.30 දහම් දෙසුම කිතලගම නන්දසාර හිමි, 4.45 – 6 ධර්ම දේශනය රංවල ඤාණාවාස හිමි 6.15 – 7 බෝධි පූජාව පානදුරේ අරියධම්ම හිමි පටිගත කළ එකකි. 7 – 8 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව 8.10 – 10.30 දේශනය හා ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සමාහිත හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව රන්වල ඤාණවාස හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්මදේශනාව මීතලාවේ විනීත මාහිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බලංගොඩ ධම්මරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ලේනව මංගල හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි,


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි මැදින් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි ගල්කිස්සේ ධම්මිස්සර, දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


තෙලවල –විජයරූපාරාම ධර්මායතනය

මොරටුව – කටුබැද්ද,තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පොහෝ දින වැඩසටහන පැවැත්වේ. අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර, 6.30-7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30-9.00 ධර්ම දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 9.30-10.30 ජාතක කථා දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.30-11.00 භාවනාව, දම්පහළ ඤාණරතන නාහිමි, 11.15 දවල් සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි.පස්වරු 12.30-2.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.00-3.00 ධර්ම දේශනය පණ්ඩිත ශාස්ත්‍රවේදී මැදඋයංගොඩ විජයකිත්ති නාහිමි, 3.00-3.40 සුධර්මා කුළඟන සමිතියේ රැස්වීම, 4.00-5.00 මහාසමය සූත්‍ර දේශනාව සහිත මහපිරිත් දේශනය ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා , 5.00 සිල් පවාරණය සිදුකිරීම, ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි, 6.30-7.30 අෂ්ටපාන සහිත අටවිසි ගිලන්පස බෝධි පූජාව හා පුණ්‍යානුමෝදනාව දම්පහල ඤාණරතන නාහිමි, පස්වරු 12.15 ධර්මදානය ලෙස ‘බුදුසරණ පුවත්පත’ බෙදාදීම. දායකත්වය :–ඔක්කම්පිටිය බුරුතගොල්ල පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය සහ මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේදී පෝදා දවස පුරා පින්කම් සිදු කෙරේ. පෝදා පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 ධර්ම දේශනය, 9.15 ධර්ම දේශනය 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය 2.15 ධර්ම දේශනය 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.00 සිල් පවාරණය


ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෝදා පෙරවරු 06.00 -06.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 08.00-09.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00-10.00 පෙරවරු ධර්මදේශනාව දළුගම සමිතඤාණ හිමි 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00-11.30 දිවා බුද්ධ පූජාව , ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසි, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි. පස්වරු 12.15-2.00 සීල භාවනා සමිතිය, 02.00-03.00 වෛද්‍ය විද්‍යා දේශනය, 03.00-04.00 පස්වරු ධර්මදේශනාව හල්මිල්ලෑවේ ධම්මජෝති හිමි, 04.00-05.00 පරිත්‍රාණ දේශනය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා 05.00-06.00 භාවනා ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි. 06.00-07.00 ගිලන්පස බුද්ධපූජාව, ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00-08.00 සන්ධ්‍යා ධර්මදේශනාව නාහංගොඩ ගුණරතන හිමි.


බම්බලපිටියේ වජිරාරාමය

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, තිරිකුණාමලේ ආනන්ද මහනා හිමි, 08.00 – 9.00 ගිහි දේශනය ශාස්ත්‍රපති ගෞරව ශාස්ත්‍රවේදී ආචාර්ය ශේන් බ්ලොක් මහතා, 9.00 – 10.00 ධර්මානුශාසනාව, ශාස්ත්‍රපති කිරම රාහුල හිමි, 10.00 – 11.15 භාවනාව, අනුශාසනාව සහ බුද්ධ පූජාව ගම්පහ පාසාදික හිමි, පස්වරු 12.15 – 1.00 සෙත් පිරිත්, සිරි වජිරාරාමාධිකාරී, දහම්පාසල් ප්‍රධානාචාර්ය, ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි, 01.00 – 2.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම්පාසලේ උප ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 ධර්ම සාකච්ඡාව, සිරි වජිරාරාම වාසී ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති වේරදුවේ මහින්ද හිමි, 04.00 – 05.00 ධර්මානුශාසනාව ගෞරව ශාස්ත්‍රපති රත්ගම උපනන්ද හිමි, 05.00 – 06.00 භාවනාව හා අනුශාසනාව ගෞරව ශාස්ත්‍රවේදී තලාවේ සුමනරතන හිමි, 06.00 – 06.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා.


බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ඓතිහාසික පුරාණ ගෝතමී මහා විහාරස්ථානයේදී විහාරාධිපති තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් මාලාවක් පැවැත්වේ. පෙරවරු 6.30 ශීල සමාදානය, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව, තෙල්වත්තේ නන්ද තිස්ස හිමි, 8.15 භාවනාව , මෙහෙයවීම රාජකීය පණ්ඩිත පනාවල ධම්මධජ හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම ,දායකත්වය හසිත දියබලනගේ, තිලංක දියබලනගේ සොහොයුරන් 10.00 ධර්ම දේශනාව, බෞද්ධාලෝක මාවතේ අතුල දස්සනාරාමවාසී රාජකීය පණ්ඩිත බොරැල්ලේ මංගල හිමි, 11.00 සම්බුද්ධ පූජාව. පස්වරු 12.30 සිරිපොදවැස්ස උපදේශන සේවාව මගින් පවත්වනු ලබන දේශනය මෙහෙයවීම මනෝ උපදේශිකා පි‍්‍රයන්ති ජයසිරි මහත්මිය. 1.30 ධර්ම දේශනාව, මුරුතුවෙල සීවලී හිමි, 3.00 ධර්ම දේශනාව සංඝමිත්තාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දෙනියායේ සිරිනන්ද හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව පණ්ඩිත ඇතුන්ගම ධම්මජීව හිමි 5.30 සීල පවාරණය සහ තේපැන් සංග්‍රහය. .


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 5.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව 6.00 ශීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව වෑගොඩපොළ විමලඥාන හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව, බොරැල්ලේ කෝවිධ හිමි, 10.00 – 10.30 භාවනාව, 10.30 – 11.00 දෙතිස්ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව, හාපිටිගම විජිත හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව, මීගොඩ සුඛිත හිමි, 3.30 – 5.00 ධර්ම සාකච්ඡාව මහකෙළියේ ලොකුස්වාමින් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 6.00 ඖෂධ 108 සහිත සම්බුද්ධ පූජාව,


පිළියන්දල සංකල්ප විහාරයේ පන්ලක්ෂයක් මල් පූජා කිරීමේ පින්කම පෝදා

පිළියන්දල මාකන්දන වැලිතොටුව වත්ත සංකල්ප විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන මල් ලක්ෂයක් පූජාකිරීමේ පින්කම මෙවරද මැදින් පුර පසළොස්වක පෝදා සිදු කෙරේ. මෙවර මල් පන්ලක්ෂයකට අධික මල් ප්‍රමාණයක් පූජා කිරීමට කටයුතු යොදා ඇත. මෙවරද, ඉන්දියාවෙන් දාස් මල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් රැගෙන එන අතර නෙළුම් මල් ලක්ෂයක්, අරලිය මල් ලක්ෂයක්, රෝස, ඩේලියා, කපුරු ආදී විචිත්‍ර මල්වලින් මෙම පින්කම වර්ණවත් වී ඇති බව ද හැකි පමණින් මල් සොයා සංකල්ප විහාරස්ථානයට දොළොස්වන දින ගෙනවිත් භාරදෙන ලෙසද ඉල්ලීමක් කෙරේ. මල් සහ ආධාර මුදල් භාර ගැනීමේ විශේෂ කාර්යාලයක් 11 වන දින සිට විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අසල විවෘතව පවතින අතර මල් අවශ්‍ය අයට කාර්යාලයෙන් මල් ලබා ගත හැකි බවද කියයි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]